ජනවාරියේ ලංකාවත් ලෙබනනය සේ අර්බුදයට

October 23, 2021 at 12:02 am | lanka C news
ජනවාරියේ ලංකාවත් ලෙබනනය සේ අර්බුදයට

ලබන ජනවාරි මාසය වනවිට ශ්‍රී ලංකාවට වර්තමාන ලෙබනනය මෙන් දැඩි බලශක්ති අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙරට ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් බලශක්ති අර්බුදයක් බවට පත් වෙමින් තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට තෙල් සංස්ථාව විසින් බොරතෙල් ගැනීමට විවෘත කරන ලද ටෙන්ඩර් පහක් සඳහා කිසිම අයදුම්කරුවෙකු ඉදිරිපත් නොවී ඇතැයි ද පැවසූ මන්ත්‍රීවරයා එනිසා ඉදිරියේදී තෙල් පිරිපහදුව වසා දැමීමට සිදු ඇතැයිද සඳහන් කළේය.

මෙම තත්ත්වය මත නොවැම්බර් මාසයේ සිට ඉන්ධන නොමැති වනු ඇති බවද තෙල් පිරිපහදුවේ අපතෙල් වලින් විදුලිය ජනනය කරන නිසා එම විදුලි ප‍්‍රමාණයද අහිමිවීමෙන් විදුලි කප්පාදුවක්ද සිදුවනු ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ දී පැවති කල්තැබීමේ විවාදය අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

28,573 views

12 Comments to “ජනවාරියේ ලංකාවත් ලෙබනනය සේ අර්බුදයට”

  1. Athula says:

    Masa dekakin kanna nathi vene bawath Champika kiwwa. Dan masa thunak iwarai.