ජනවාරියේ ලංකාවත් ලෙබනනය සේ අර්බුදයට

October 23, 2021 at 12:02 am | lanka C news
ජනවාරියේ ලංකාවත් ලෙබනනය සේ අර්බුදයට

ලබන ජනවාරි මාසය වනවිට ශ්‍රී ලංකාවට වර්තමාන ලෙබනනය මෙන් දැඩි බලශක්ති අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකා රජය මේ සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කළ යුතු බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙරට ආර්ථික අර්බුදයෙන් ක්‍රමයෙන් බලශක්ති අර්බුදයක් බවට පත් වෙමින් තිබෙන බවද ඔහු පෙන්වා දෙයි.

මේ වන විට තෙල් සංස්ථාව විසින් බොරතෙල් ගැනීමට විවෘත කරන ලද ටෙන්ඩර් පහක් සඳහා කිසිම අයදුම්කරුවෙකු ඉදිරිපත් නොවී ඇතැයි ද පැවසූ මන්ත්‍රීවරයා එනිසා ඉදිරියේදී තෙල් පිරිපහදුව වසා දැමීමට සිදු ඇතැයිද සඳහන් කළේය.

මෙම තත්ත්වය මත නොවැම්බර් මාසයේ සිට ඉන්ධන නොමැති වනු ඇති බවද තෙල් පිරිපහදුවේ අපතෙල් වලින් විදුලිය ජනනය කරන නිසා එම විදුලි ප‍්‍රමාණයද අහිමිවීමෙන් විදුලි කප්පාදුවක්ද සිදුවනු ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ දී පැවති කල්තැබීමේ විවාදය අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

28,758 views

12 Comments to “ජනවාරියේ ලංකාවත් ලෙබනනය සේ අර්බුදයට”

  1. Mr. අමුඩේ සන් says:

    මේක වෙන්නේ නෑ කීයටවත්. අපේ නඩේසන් අංකල් එයාගේ ෆොරින් කොම්පැණි වල තියන ඩොලර් ඔක්කොම නැවේ දාලා කොළඹ ඒවනවා ලබන මාසේ. ආපු ගමන් අපේ මුදල් ඇමැති සුටුස් ගාලා ගල් අගුරු ගෙනල්ල අපිට ලයිට් දෙනවා මදි නොකියන්න.

  2. අතහොක තුමා says:

    ලෙබනනයට වැඩිය හොදට අපි කරනවා..බොරුද බලන් ඉන්න.
    – අ.ත.හො.ක (අපි තමා හොඳටම කලේ ) තුමා

  3. ramal says:

    Wimal’s papers are bashing the govt. hard. Obviously he needs to know negotiating skills.
    He shouldnt use govt previllages and criticise unconstructly the same same.

  4. Jagath says:

    අනිවාර්යෙන් ඕක වෙනවා.69 ලක්ෂේට පුන්නක්කු තමයි කන්න වෙන්නේ.

  5. Tikka says:

    අම්මෙහ්…… සෞභාග්‍යයේ දැක්ම

  6. 70 again says:

    70 ට යන ගමන්
    අප මේ යන්නේ නැවතත් 70 වේ අඳුරු යුගයටයි.
    ජවිපාවුන් පවතින පීඩනයන් ඔවුන්ගේ ලේ පිපාසාව සංසිඳුවා ගන්න මාන බලමින් සිටී.
    පවතින රජයේ සෑම වැඩ පිලිවෙලක්ම කඩාකප්පල් කරාවි
    ගුරුවරුන් පාසලෙන් එළියේ පාරවල් වල
    ගොවියන් පාරේ
    වැඩබිම් වල වැඩට වඩා වර්ජන – හැකි තරම් රැකියා නැති වීම
    තව ටික දවසකින් ..
    බස් දුම්රිය ගිනිතියාවී
    කර්මාන්ත ශාලා ගිනිතියාවී
    වැඩකරන ගුරුවරු දොස්තරවරු රජයේ සේවකයන් මරාවි
    ගමේ කඩ චීට් එකෙන් වසාවී
    සරසවි සිසුන් පාරට දමා මිණී කරගසාගෙන යාවි
    පොලීසි ගිනි තියාවි
    සිංහල තරුණ තරුණියන් දස දහස් ගණනක් අහිමි වේවි
    මාධ්‍ය ජාල ඇති තරම් මුදල් සොයාවි
    මේ අතරේ
    දේශපාලුවෝ තම මලු තරකර දරුවන් පිට කර පරම්පරා ගානකට මග හදා ගනීවි.
    රට ගැන සිතන අහිංසකයින් දහස් ගණනක් සිරබත් කාවි
    උසි ගැන්වුවන් පසෙක සිට සිනා වේවි .. පාර්ලිමේන්තු බලයත් ගනීවි

    අපට අවශ්‍ය මේ යථාර්ථය තේරුම් ගන්න පාලකයින් ..
    යාන්තම් කොරෝනා ඉවර වෙද්දී එලියට බහින බුරුවන් හා නරියන් ගාල් කල හැකි පාලකයින් ..
    මිනිසුන් හරිය කියා බාරගත් වැඩ ඉවර කළහැකි පාලකයින් ..
    ආගමික නායකයන් කියන කියන පදයට නටන්නැති ..
    නැති බැරි කම කෙලින් කියා මිනිසුන්ට පහදා දිය හැකි මිනිසෙක්.
    අද අඩියක් පසුවට තබා හෙට ගැන හිතන පුරුෂයෙක් ..

  7. Citizen says:

    This is a possibility. And Cabraal will have to visit a few more countries begging for money.

  8. Jagath says:

    69 ලක්ෂේට කන්නත් නෑ බොන්නත් නෑ පෙබරවාරි වල ඉදන්… 😭

  9. Banker says:

    Despite all the politics and chest beating by the leaders the situation is serious with $ 26 billion in sovereign foreign-currency obligations coming due between now and 2026, against foreign-exchange reserves of only $ 3.5 billion as of end-August.

    We will continue to be in the ICU for some more time.

  10. ජනජය says:

    දැං එතකොට අර බොල කිව්ව මිනී කදු එක්ක ලංකාව තවත් ඉන්දියාවක් වෙන් නැද්ද බං ?

Main News