කොළඹ ආ පොහොර නැව ගැන අපි දන්නේ නෑ..- චීන තානාපති

October 25, 2021 at 10:40 am | lanka C news
කොළඹ ආ පොහොර නැව ගැන අපි දන්නේ නෑ..- චීන තානාපති

කොළඹ වරාය බලා පැමිණ තිබෙන කාබනික පොහොර තොගයක් රැගත් චීන සමාගමක නෞකාව සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

එම පොහොර ගැනීමේ කටයුත්ත ව්‍යාපාරික කටයුත්තක් බවත් ඊට තානාපති කාර්යාලයේ මැදිහත්වීම නැති බවත් එම කාර්යාලය සඳහන් කර ඇත.

අහිතකර කාබනික ද්‍රව්‍ය අඩංගු යයි හෙළිවීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන පොහොර මෙට්‍රික් ටොන් විස්සක් විසි දහසක් සහිත නෞකාව පිළිබඳව කළ ප්‍රශ්න කිරීමදී ඔවුන් මේ බව පවසා ඇත.

කෙසේ වෙතත් මෙම පොහොරවල අහිතකර බැක්ටීරියා ඇතැයි තහවුරු වීමෙන් පසු චීන තානාපති කාර්යාලය ඒ පිළිබඳව ඔවුන්ගේ විරෝධය පළකර තිබිණි.

නිවේදනයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය සඳහන් කළේ අහිතකර බැක්ටීරියා අඩංගු යැයි චෝදනාවක් පිළිගත නොහැකි බවත් ඒවා තම පරීක්‍ෂණාගාර වාර්තාවලින් සමත් ඒවා බවත්ය.

පොහොර තොගය ආපසු හැරවීම දෙරට අතර මිත්‍රත්වය බලපෑම ඇති කරවනු ඇති බවත් තානාපති කාර්යාලය සඳහන් කර තිබින.

34,909 views

5 Comments to “කොළඹ ආ පොහොර නැව ගැන අපි දන්නේ නෑ..- චීන තානාපති”

  1. On The Spot says:

    පොහොර නැව එනවලු,ඒක ගැන චීනෙ මොකුත්ම දන්නෙ නැතිලු.ඒකෙ අහිතකර බැක්ටීරියා නැහැ කියා චීනය කලින් කිව්වලු,දැන් කියනව එහෙම කිව්වෙ නැතිලු.ඒ නැව මෙහාට ගෙන්නන කෙනෙක් හාබර් මාස්ටර් දන්නෙත් නැතිලු.ආණ්ඩුව සල්ලි නිකුත් කරන්නෙත් නැතිලු,කවුද ගෙවන්නෙ කියල දන්නෙත් නැතිලු.මේක රාජ්‍යතාන්ත්‍රික වැඩකුත් නෙමෙයිලු,ව්‍යාපාරික වැඩක්ද කියා දන්නෙත් නැතිලු.ආණ්ඩුවක් තියනවලු,එහෙම එකක් තියනවද කියල ජනතාව දන්නෙ නැතිලු.නැවේ කපිතාන් කෙනෙක් ඉන්නවද දන්නෙ නැතිලු,ඒක රිමෝට් කන්ට්‍රෝල් නැවක්ද කියා දන්නෙත් නැතිලු.
    මේ ගැන දැන ගන්න අපි අපේ රටේ ක්‍ෂුද්‍ර ජීවින්ට කථා කලා. ඒ ගොල්ලො කියනව අපේ උන් කොහොමත් ෆොරිනස්ලට කැමතියි,ඕන මල ඉලව්වක් බාර ගන්නව​. ඕක ආවොත් ඒකෙ ඉන්න ක්‍ෂුද්‍ර ජීවියො අපේ ක්‍ෂුද්‍ර ජීවියො එක්ක ආවාහ විවාහ කටයුතු කරගෙන ආයෙත් කොණ්ඩෙ බැඳපු චීන්නු බෝවෙයිලු. අර කලින් කියපු කථා ඔක්කොම කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට කියන්න කියල තමයි ක්‍ෂුද්‍ර ජීවියො නම් කියන්නෙ.

    • වැංග් ලුං සාරභූමි says:

      සුදු හෝ රතු සහෝදරවරුනී..
      ලංකාවේ මුලු කෘෂි පද්ධතියම පාහේ Genetically Modified මොන්සැන්ටෝ බීජ වලින් ආක්‍රමණය වන තෙක් ඔබලා සිටියේ මර නින්දේද..?
      Genetically Modified මොන්සැන්ටෝ භෝග කවදා හෝ විනාශ කර මේ බිමෙන් නැති කල යුතුය.අප නොදනී..සමහර විට මේ ඉන්දියාානු සහ චීන පොහොර වල ඇති ස්වභාවික ක්ෂුද්‍ර ජීවීන් Genetically Modified මොන්සැන්ටෝ භෝග වලට නම් හානිකර ඇති.අපේ දේශීය බීජ සහ භෙෘ්ග එවාට ඔරොත්තු දෙනු ඇත.

  2. Workers says:

    රසායනික පොහොර සහ රසායනික කෘමි හා වල්නාශක මෙතරම් භාවිතාවට ගන්න හේතුවන ප්‍රධාන හේතුව ඇමෙරිකන් මොන්සැන්ටෝ බීජ (GMO Seeds) ලංකාවේ කෘෂි ක්‍රේෂත්‍රය ආක්‍රමණය කර ගිල ගැනීමයි.‌‌මේ බීජවල භෝග සහ පලදාව ඔවුන් විසින්ම නිශ්පාදනය කරන රසායන ද්‍රව්‍ය හා බැදී ඇතිබව ප්‍රකට රහසකි.
    මේ අපරාධයට දායක වූවන් කවුදු? ලංකාවේ විශ්වවිද්‍යාල වල කෘෂිපීඨ වලින් (ඊනියා නිදහස් අධාපනයේ) උසස් අධ්‍යාපනය ලබා පසුව බටහිර විශ්වවිද්‍යාල වල පශ්චාත් උපාධි ලබා අචාර්යය මහාචාර්යය අංතට්ටු පලන්දවා ලංකාවට නැවත පැමිණ කෘෂි-කරුම ක්ෂේත්‍රයේ ඉහල තානාන්තර වල ස්ථානගත කර ඇති ඩබල් ඒජන්ට් නරුමයන්ය.
    මොන්සැන්ටෝ ජානවිකෘති බීජ වලට කොල එලි දල්වා ජෛව ආක්‍රමණයට රට පාවා දුන් අය ඉන්දියන් හා චීන ‌පොහොර ගැන කිඹුල් කඳුළු සලන්නට පටන්ගෙන ඇත.
    මේ මොහොතේ පොහොර යුද්ධයක පැටලී ඉන්න ආණ්ඩුපක්ෂය,විපක්ෂය සහ ගොවීන් තවමත් ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියම හතුරන් අදුරා ගැනීමට තරම් පරිනත වී නොසිටීම මේ රටේ අභාග්‍යකි.

    • Pugachev's Rebellion says:

      අපේ ගොව් ජනතාව පලමුව කල යුත්තේ ලංකාවේ මුලු කෘෂි පද්ධතියම පාහේ රසායන ද්‍රව්‍ය මත අධිකව යැපෙන Genetically Modified මොන්සැන්ටෝ බීජ වලින් ආක්‍රමණය වන්නට ඉඩ හැර නොදැක්කා සේ සිටි සමස්ත ලංකා ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක සහ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්නට වැන්නවුන්ට හා කෘෂි නිලධාරින්ට තණකොල පිදුරු කවා උදළු කැති පොලු වලින් පහරදී පන්නා දමා තම ගොවි අරගලය ඉදිරියට ගෙන යාමයි.

  3. Kalu Albot says:

    Cheenath Katenuyi Pukenuyi Dekenma kathaa koranawa!! Ape deshapaaluwo wagema thamayi!!

Main News