රත්නපුරේ මැණික් පොකුර ගැන අධිකාරිය සද්ද නෑ.. එදා කියූ කතා චවන විතරයි..

October 26, 2021 at 2:10 pm | lanka C news
රත්නපුරේ මැණික් පොකුර ගැන අධිකාරිය සද්ද නෑ.. එදා කියූ කතා චවන විතරයි..

රත්නපුරෙන් සොයාගත් රුපියල් කෝටි 2000 කට අධික වටිනාකමින් යුත් කොරන්ඩම් මැණික් පොකුර සම්බන්ධයෙන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව එම අධිකාරියේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.

කිලෝ 530 ක් බර මෙම කොරන්ඩම් මැණික් පොකුර සොයා ගැනීමත් සමග ලෝක ප‍්‍රසිද්ධියක් ලබාදී චීනයේ ප‍්‍රදර්ශනයකදී අලෙවි කිරීමට කටයුතු කරන බව බලධාරීහු ප‍්‍රකාශ කළහ. නමුත් මේ වනතෙක් එය වචනවලට පමණක් සීමාවී ඇතැයිද එම ආරංචි මාර්ග පවසයි. මෙම මැණික් පොකුර සඳහා සහතිකය 2020 ජුනි 12 දින අධිකාරිය විසින් නිකුත් කර තිබේ.

මෙම මැණික් පොකුර ප‍්‍රදර්ශනයකට වෙනත් රටකට රැගෙන යනවා නම් එය රක්‍ෂණය කළ යුතු අතර කෝටි 2000 ක් වටිනා බව කියන මෙම මැණික් පොකුර රක්‍ෂණය කළ හැකි ආයතනයක් මෙරට නොමැති නිසා විදෙස් ආයතනයකින් එම රක්‍ෂණය ගත යුතු බවද එම ආරංචි මාර්ග කියයි. එහෙත් මෙම මැණික් පොකුර මූල්‍යමය වටිනාකමකට වඩා කෞතුකමය වටිනා කමක් තිබෙන බවට මැණික් සම්බන්ධ විද්වතුන් ප‍්‍රකාශ කිරීම නිසා එය රක්‍ෂණය කිරීමද ගැටලූවක් වී ඇත.

මෙම මැණික් පොකුර විදේශයකට යෑමට පෙර තක්සේරු වාර්තාවක් ලබා ගැනීමට ස්විස්ටර්ලන්තයට රැගෙන යා යුතු බවත් ඒ සඳහා රුපියල් ලක්‍ෂ 60 ක් පමණද එම ස්විට්සර්ලන්ත ආයතනයේ නිලධාරීන් මෙරටට පැමිණ තක්සේරු කළහොත් රු. ලක්‍ෂ 100 ක් පමණද වැයවනු ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

මෙම මැණික් පොකුර වටිනාකමක් නැතැයි කියා වාර්තා වුවහොත් වාර්තාව සඳහා මුදලද අපතේ යෑමක් විය හැකි බවත් මැණික් පොකුර ඇත්තටම වටිනවා නම් එය අලෙවි කර රජයට ඩොලර් ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් පැවසේ.

මෙවැනි මැණික් පොකුරක් හිටපු පාර්ලිමේන්තු මන්තී‍වරයෙකු වන අර්ල් ගුණසේකර මහතා සතුව පවතින බවද එය අලෙවි කිරීමට සූදානම් බව ඔහු ප‍්‍රකාශ කර ඇතැයිද ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.

චමින්ද සිල්වා
– divaina

44,365 views

8 Comments to “රත්නපුරේ මැණික් පොකුර ගැන අධිකාරිය සද්ද නෑ.. එදා කියූ කතා චවන විතරයි..”

  1. The Funeral Director says:

    පොකුර එල්ලන්න වෙන්නෙ එදා රෑ බලන්න ගිය එල්ලුමි ගහේ වත්ද ? මොකෝ සේමි මෑන් නේද රෙස්පොන්සිබල් ?

  2. Silva says:

    බයියෝ අන්දන්න ගෙනාපු පරණ නාටකයක්නෙ ඕක. දැන් ඒක ඉවරයි.

  3. රෙස්පොන්සිබල් says:

    මැණික් පොකුර, මන්නාරම් ද්‍රෝණියේ තෙල්, රත්තරං ආකාරයක්, නැනෝ යුරියා මේ සියල්ලම අර කැළණි ගඟෙන් මතුවුණු නාගයා දීපු සංවර්ධනය. දැන්වත් හිතාගන්නකෝ මේවා ගැන. හිත අවුල් ගියානම් අර දම්මික පැණියෙන් කටහොදලා කරාපිටිය රෝහලේ කරලක් කන්න ඔක්කොම ඇරෙයි.

  4. Jagath says:

    අයියෝ දේශප්‍රේමය??? 😄😄

  5. John the baptice says:

    මහා බැංකුවට දුන්නා වගේ වැඩක්ද?

  6. පොඩ්ඩා says:

    ඔව්වට හිනා වෙන්න එපා. ඔය ගල් කෙප්පේ ඇත්‍ත කියල විස්වාස කරන හරක් ලන්කාවේ ඉන්නවා.

  7. පඩ ෂෝ says:

    හරි හරි….දැන් ලබන පාර ඡන්දේ කිට්ටු වෙද්දී ජනතාව ට අතාරින ගල් කෙප්ප ගජ බින්න ටික පෙල ගස්සන්න . තව අවුරුදු 4 ක් මේක කන්න.

  8. Asanga Gunathilaka says:

    පොකුර එක ඉන්නෙ සභාපතිගෙ කරෙ තමයි බදින්න ඔනි.මිනිහා කොහෙද මැනික් ගැන දන්නෙ උන්ඩියල් කරන්න නම් හොදට දන්නවා

Main News