සිමෙන්ති මිල අහසට.. කොට්ටය 1300 පනී.. ඒත් ගන්න නෑ.. ඉදිකිරිම් හාන්සියි..

October 28, 2021 at 8:40 am | lanka C news
සිමෙන්ති මිල අහසට.. කොට්ටය 1300 පනී.. ඒත් ගන්න නෑ.. ඉදිකිරිම් හාන්සියි..

රට තුළ සිමෙන්ති මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි සිමෙන්ති ආනයනකරුවන් සඳහන් කරති.

සිමෙන්ති මිල ලෝක වෙළඳ පොලේ තවදුරටත් ඉහළ යමින් පැවතීම නිසා ආනයනය පිරිවැය ඉහළ යාමෙන් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව ඔවුන් පෙන්වා දෙති.

දැනට ආනයනය සිමෙන්ති කොට්ටයක් පිරිවැය පමණක් රුපියල් 1300 ඉක්මවන බව ද ඉදිරියේ දී මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් ඔවුන් කියා සිටිති.

පසුගියදා රජය සිමෙන්ති පාලනය ඉවත් කිරීමත් සමග සමාගම් විසින් සිමෙන්ති කොට්ටයක නව මිල ලෙස රුපියල් 1090 ලෙස ප්‍රකාශයට පත් කළේය.

නමුත් පවතින තත්ත්වය මත තවදුරටත් එම මිල සීමාව 1300 ඉක්මවා යනු ඇති බවද ආනයනකරුවන් පවසති.

මේ අනුව ඉදිකිරීම් කර්මාන්තයේ පිරිවැය විශාල වශයෙන් ඉහළ යාමට නියමිතව තිබේ.

දැනටමත් සිමෙන්ති හිගය මත ඉදිකිරීම් කර්මාන්තය දැඩි ලෙස අඩාල වී ඇත.

24,966 views

10 Comments to “සිමෙන්ති මිල අහසට.. කොට්ටය 1300 පනී.. ඒත් ගන්න නෑ.. ඉදිකිරිම් හාන්සියි..”

  1. Citizen says:

    Thousands of people of related sectors are impacted… Who is worried?

    • lombard says:

      Lets ask Rajapaksa Family to sell their assets to foreigners and bring Dollars. Then we can sell dollars to Cement importer and buy Cement, Petrol, Sugar and Milk powder.

      • Citizen says:

        There must be a way to keep the domestic construction sector alive even at a slow pace.

        Your idea of selling assets to import Cement is stupid.

        • lombard says:

          Thats what I hinted. Only 2 ways. 1 way is to increase local cement production. This news item had not revealed that local production of holcim and some other brand is supplied at lower price still. Yet not able to meet the high demand. They are meeting about 1/3 of demand right now. If governments after 1978 were long sighted, they would have increased and expanded Sangsta Cement production. Even today Holcim is the best. Other method is to import cement with subsidy after negotiation from a friendly nation such as China, russia, cuba or even Iran. Holcim was privatised not by Rajapaksa. Toyya governments did not start new Cement factories. They only started Gay factories.

  2. Kindly let me know what n what correct
    things did Rajapaksa to his country,I am in surprised the ministers n mp s around them are still singing songs.

  3. ගොන් බන්දු says:

    අපේ රට දියුණුව කරා රැගෙන යන ගෝටාභය ඇතුළු රට කරවන ඔබ සැමට අපගේ ස්තුතිය පුද කරමු…

  4. Susantha says:

    විමල්ලා තවමත් මේ ආන්ඩුවට මුක්කු ගහන්නේ ඇයි, එලියට අවිත් හොඳ ජවයකින් මේ පාන්ඩුව පන්නලා දාල රට බේරගෙන්නෙ නැද්ද?.

    • Darshana abayakoon says:

      එනව එනව පොඩ්ඩක් ඉවසල හිටහන්. තව අවුරුදු දෙකක් විතර තියෙනව නෙ ඇමති සැප ගන්න. සැප අරන් නැව ගිලෙන අන්තිම කාලෙ එනව ආයෙ උබලව අන්දගෙන උබලගෙ කරෙන් ආපහු පාර්ලිමේන්තු යන්න.

  5. සවි අරික්කාල says:

    අයියෝ….ඕකත් ගානක් ද? ඔන්න 2300/= නම් චුට්ටක් දැනෙයි. ”අපි බුදු බණට හිලෑ වෙච්ච යක්කු බොලව්” කෝ අර අනුෂා දමයන්ති කියන ගෑනී. කෝ අර ගෝනියක් අරන් කඩේ යනවා කිවිව වසන්ති චතුරාණි?
    උබලා හැංගිලා ද? වරෙල්ලා ඵලියට.

    • Anuradha says:

      අයියෝ එය stage වල කථා කරළා බෙල්ල එක පැත්තකට හරවලා වැඩිවෙලා මේ දිනවල උළුක්කු ඇම්මට තෙල් ගානවාලු.