ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක්…

October 29, 2021 at 8:40 am | lanka C news
ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක්…

ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ඉඳි කළ වැලි කඳුවල ධාවනය සඳහා සකස් කළ ‘‘ATV ධාවන පථය‘‘ (කලම්බු ඩියුන්ස් ධාවන පථය) ජනගත කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් 28 දින කොළඹ පෝර්ට් සිටි හිදී තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

මෙම ධාවන පථය දකුණු ආසියාවේ ඉඳි වූ පළමු එකෝ ඇඩ්වෙන්චර් ATV ධාවන පථයයි. එය ශ්‍රී ලංකාවට මහත් ආඩම්බරයකි.

කොළඹ තදාසන්න නාගරික පරිසරයක් තුළදීම කායික මානසික හා වෙහෙසකර තත්ත්වයන් අවම කර ගැනීමට පෝට්සිටි හි ලංකාවේ පළමු වරට මිනිසා විසින් නිර්මාණය කරන ලද සුන්දර වෙරළ තීරය ආසන්නයේ AVT වැලි කදු මත ධාවනය කිරීමට දේශීය හා විදේශීය සංචාරකයින්ට හිමි වන අතර දැන් අවස්ථාව උදා වී ඇත.

වැඩිහිටියන්ට මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති දේශීය හා විදේශීය සංචාරකයින්ට ද වෙරළ තීරය දකිමින් මානසික සුවයක් විදීමේ අවස්ථාව ක්‍රේට් ඇඩ්වෙන්චර් ආයතනය මගින් සලසා දී තිබේ.

මෙහි ළමයින් සදහා වූ විශේෂීත AVT පැදවීමේ පුහුණු පාසලක් ආරම්භ කර ඇති අතර, AVT සැහැල්ලු වාහන මගින් ප්‍රධාන මාර්ගයෙන් පිටත ඕනෑම රළු මතුපිටක්, මඩවගුරක් හෝ ජලාශයක් සාර්ථකව තරණය කිරීමට මෙහිදී ළමයින්ට පුහුණු කරනු ලබයි.මෙම ධාවන පථය සඳහා ලෝක ප්‍රසිද්ධ කැනඩාවේ Can – An (කැන් ඇම් ) BRP ආයතනයේ තාක්ෂණික දැනුම ලබාගනිමින් ස්වභාවික පරිසර පද්ධතියට හිතෛෂි ලෙස ඉඳිකර ඇති අතර එම ආයතන විසින් හඳුන්වා දුන් අවුට් ලෑන්ඩර් ATV රථ පෙළ යොදාගෙන තිබේ.

කළුගල් කඳු අතරින් විහිදී යන මෙම මාර්ගය සුපිරි ත්‍රාසජනක වින්දනයක් ඕනෑම අයෙකුට ලබාදෙන සහ ලබාගත හැකි සුන්දර ධාවන පථයකි.

උද්‍යානය තුළ පාගමනින් ගොස් සුන්දර පාරිසරික කලාප නැරඹීමට ද හැකි අතර මෙහිදී සත්ත්ව හා ශාක ප්‍රජාවේ හැසිරීම ගැන ඔබට නිරීක්ෂණය කළ හැකිය. මෙහි ඇති එක් කඳු මුදුනකදී අංශක 360 ම දර්ශනය වන අතර කොළඹ නගරය හා සබරගමු කඳු පන්ති අලංකාර ලෙස දුර සිට නැරඹිය හැක.

එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘‘ඊළඟ වසර 05 තුළ ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක් අපේ රටේ බිහිකරනවා. මෙවැනි ආයෝජන ඒ සදහා මාවත නිර්මාණය කරන බව අපි විස්වාශ කරනවා.

අපි එල්.පී.එල් තරගාවලිය සාර්ථකව පැවැත්වූවා. ජෛව ආරක්ෂිත බුබුලක් තුළ ක්‍රිකට් සෙල්ලම් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව. අනෙක් සියලුම රටවල් මැදපෙරදිගට සහ යුරෝපයට ගිහින් ක්‍රීඩා කළේ.

මෙසේ ආරම්භ කළ ගමනට ක්‍රිකට්, පා පන්දු, මළල ක්‍රීඩා යන සියල්ල එකතු වූ විට ක්‍රීඩාව තුළ ඩොලර් මිලියන 100 ක් ඉක්ම වූ ආර්ථිකයක් අද වන විට අපිට ලැබී තිබෙනවා.

ඉදිරියේදී සංචාරක ව්‍යාපාරයත් සමග ක්‍රීඩාව සම්බන්ධ කිරීමට අපේක්ෂා කරනවා. ක්‍රීඩා භාණ්ඩ නිෂ්පාදන ගම්මානයක් මහියංගනයේ ආරම්භ කරනවා. ඒ හරහා ක්‍රීඩා උපකරණ ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනවා.

ක්‍රීඩා ආර්ථිකයක් බිහි කිරීමට යන ගමනේදී ජනතාව මේ සදහා නැඹුරුවීමට මෙවැනි ව්‍යාපෘති හා ආයෝජන අපේ ගමනට බොහෝ උපකාරී වනවා‘‘ යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, සාගල රත්නායක, සහ කංචන ජයරත්න යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

– මාධ්‍ය ඒකකය

18,113 views

11 Comments to “ඩොලර් බිලියනයක ක්‍රීඩා ආර්ථිකයක්…”

  1. Sumanasiri says:

    Janmaya piya suluupiya puruddata anuwa me poosa billion 500 wath swissa bankuwe dagannawa sure. Goo panuwo gahala meriyaw parapurama

  2. Gon athal says:

    Yakooo….. mulin Pohora tika dila hitapan.. pada show nathuwa…😁😄😄😁😅

  3. sam says:

    1 Billion Doller equals 200 Billion Rupees means ( Kooti 20,000 ) ??? can we ???

  4. Rathna says:

    බෙබිලගෙ සතුට සැනසුම පිනිස ජනතාව කොටි200 බර ගෙනියන්න වෙනවා. තාත්තගෙ මජර ජඩ දෙසපාලනය මුත් ගෙනියන්නෙ.

  5. ජනොද් says:

    මල්ලි අපිට නම් ඔයා ඕනත් නැහැ ඔයාගෙ සංවර්ධනය ඕනත් නැහැ. පාඩුවෙ පැත්තකට වෙලා හිටපංකො දකින කොටත් allergic. ඔයාට කරන්න පුළුවන් සංවර්ධනය ගැන මේ රටේ මිනිස්සු හොදින්ම දන්නවා

  6. Banda says:

    What has සාගල රත්නායක got to do here ?

    • සාමා says:

      යහපාලන ආණ්ඩුව කාලෙ එයා තමයි රාජපක්ශලට ආරක්ශාව දුන්නෙ අත්අඩංගුවට ගන්න නොදී

  7. LalithM says:

    මිනිස්සුන්ට ජීවත්වෙන්න විදියක් නැතිව ඉන්න අතරේ මේ පුද්ගලයා විනෝදය පිණිස විකාර කරන්න හදනවා. කොමිස් කුට්ටිය පමණක්ම ජීවිකාව කරගත්ත පවුලක්.

  8. rata perata says:

    going too fast brother. would have been understand the how lowes tier is suffering and strugling. be aware Sri Lanka is not a first or second world country. so many basics to be arranged for country moving forward. adhoc way of implementing things will destroy the future direction of SL.

  9. Athula says:

    මුන් හොයන්නෙ සතුට ජොලිය , අපි හොයන්නේ රස්සාවක්, හාල් සිල්ලර ටික අඩුවට, බෙහෙත් ටිකක් ගන්න පුළුවන් රෝහලක්, දරුවෙකුට ඉගෙනගන්න පහසුකම්, ඉස්කෝල, ඔය දේවල් මහා කෙරුම් නොවේ අද කාන්තාර තියෙන රටවල මේවා සුලබ දේවල්..