චීන පොහොර තොගය තෙවන පාරශ්වයකින් පරීක්‍ෂා කර සුදුසු තීන්දුවක් ගන්නවා..- අගමැති

October 30, 2021 at 10:00 am | lanka C news
චීන පොහොර තොගය තෙවන පාරශ්වයකින් පරීක්‍ෂා කර සුදුසු තීන්දුවක් ගන්නවා..- අගමැති

ආන්දෝලනයකට තුඩු දී තිබෙන චීනයෙන් මෙරටට ගෙන්වන ලද කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා චීන තානාපතිවරයා සමග අදහස් පල කර ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ එම පොහොර තොගයේ ප්‍රමිතිය පිළිබඳව දේශීය වෙනත් තෙවන පාර්ශවයකට පරික්ෂා කිරීමට ඉඩ දී ඒ අනුව තීරණය කිරීම සුදුසු බවයි.

එමෙන්ම දෙරට අතර පවත්නා මිත්‍රත්වයට හානියක් නොවන ආකාරයෙන් ගැටලුව විසඳාගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

ඩේලි මිරර් පුවත්පත වාර්තා කරන්නේ අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ කොළඹ සිටින චීන තානාපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී බවය.

කෙසේ වෙතත් එම සාකච්ඡාව පැවැත් වී තිබුණේ චීනයෙන් මෙරටට ස්වැප් පහසුකම යටතේ ලබා දීමට නියමිතව තිබූ ණය මුදලක් සම්බන්ධයෙනි.

පොහොර තොගය පිළිබඳ කාරණය වැඩිදුරටත් සොයා බලා චීන තානාපතිවරයා යලි සම්බන්ධ කර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා පවසා ඇතැයි වාර්තාව තව දුරටත් කියයි.

21,299 views

21 Comments to “චීන පොහොර තොගය තෙවන පාරශ්වයකින් පරීක්‍ෂා කර සුදුසු තීන්දුවක් ගන්නවා..- අගමැති”

  1. 0.69 MIN BAIYOO says:

    සභාවේ සිනා..😂😂 අපි මේ පොහොර තොගය ගන්නෙම නෑමයි. 😂 චීන තානාපති දෙකයි කියන්ඩ ඇත්තෙ. නිකම්ම ගෑස් බැහැලා වගේ. දැන් බලමුකෝ මහින්දානන්ද කියන්නෙ මොකක්ද කියලා. 😂
    පොහොර වැඩෙන් ජනාධිපති අනාගත්තා දැන් අගමැති නාගන්න හදනවා. ඔය කොම්පොස්ට් කල චීන ටවුන් වේස්ට් වල ඇති පොහොරක් නැහැ.

  2. Lokugay says:

    පවු කොමිස් එක ආයෙ දෙන්න වේවි

  3. Darshana abayakoon says:

    ඔන්න ඔය ගූ නැව අරගෙන කුඹුරු වලට බෙදල දාන්න මහත්තයො. බැරි වෙලාවත් චීන, රාජපක්ශලගෙ අක්කෞන්ට් වලට ඩොලර් ආපු විදිහ ලීක් කරොත් වසල හමාරයි.

  4. harsha says:

    අමෙරිකාවෙත් චීනෙත් අරමුණු එකයි. ඉටු කරගන්නා ක්‍රමවේදය විතරයි වෙනස්.

  5. Nisam says:

    Mu rata kannawa. Gotata karanna denne naha uge sahodaroyo denna. Gotata thiyenne miun dennwa Idle karala [ayn karala nemei] ratata hariyana wade karanna. me wage cha wenne nathwa

  6. Ayotallah says:

    Hon PM this consignment is Chinese urban waste with harmful bacteria and shit and you want to distribute this shit to rural farmers? You will lose all the credit you have earned if this happens. People respect you because you protected the motherland and now you wanted to fill the paddy fields with Chinese garbage?

  7. Ajith says:

    Mahinda is now scared of Ambassador’s too.

  8. Polgahawela says:

    Mun bayai mun hora kapuwa kiyanna Dan lagai munta hena gahanawa musalaya marila pala

  9. Sriyani says:

    When the reciver seriouly reject the huge amount of harmful material from China testing through third party means cabinet need to unload the shipment. People should unite. All our crops may damage Rulers only intention is make Chinese happy??