ඥානසාර හිමි පත් කලේ මට උපදෙස් දෙන්නයි..- ජනාධිපති

October 31, 2021 at 2:10 pm | lanka C news
ඥානසාර හිමි පත් කලේ මට උපදෙස් දෙන්නයි..- ජනාධිපති

එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කරන ලද්දේ රටට නීති සැදීමට නොව තමන්ට උපදෙස් දීමට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ආණ්ඩුවේ පක්ෂ නායකයන් සමඟ පැවති සාකච්ඡාවක දී අදාළ බලකාය ගැන විමසූ විට ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

තමනට උපදෙස් දීම සඳහා පත් කරන බලකායට තමනට අභිමත කෙනෙක් පත් කර ගැනීමට හැකියාව ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

තමන් කරන කියන සෑම දේකටම පක්ෂ නායකයන්ගෙන් උපදෙස් ගන්නට ගියහොත් තමනට මිත්‍රයන් ඇසුරු කිරීම ගැනද ඔවුන් ගෙන් අවසර ගන්නට සිදුවුණු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී කියා ඇත.

අධිකරණ අමාත්‍යධූරයට අලි සබ්රි මහතා පත් කළ අවස්ථාවේදීත් මේ ආකාරයටම විරෝධතා එල්ල වූ බවත් පවසා ඇති ජනාධිපතිවරයා නමුත් දැන් සබ්රි මහතා කාගේත් පිළිගැනීමට ලක්වන ආකාරයට සේවාවක් ඉටුකරන බවද කියා ඇත.

52,094 views

27 Comments to “ඥානසාර හිමි පත් කලේ මට උපදෙස් දෙන්නයි..- ජනාධිපති”

  1. ඇමෙරිකාව says:

    බිල් ක්ලිටන් සහ මොනිකා ලුවෙන්ස්කි නඩුවේදී ජනාධිපතිවරයෙකුට පෞද්ගලික සම්බන්ධතා පවත්වා ගැනීම අනුමත කළාද?

    • JR says:

      බිල් – මොනිකා සම්බන්ධයයි, ගෝටාබය – අලි /ගෝටාබය – ඥානසාර සම්බන්ධයයි සමානද..?

  2. Sam says:

    පැහැදිලියි..තහවුරුයි👌

  3. Gon athal says:

    Normally…. fools get advice from fools…😋😋

    • හේනේ මාමා says:

      It can be other way round as well, normally fools can’t understand what others do or what will happen to them in future. There is a law category called customary laws. Sri Lanka has 3 customary laws. normally customary laws were created from traditions and customs. when changing customary laws, there should be representatives from the followers of traditions and customs, not the lawyers or law experts. after conclusion, law makers can consult law specialists for enacting changes.

  4. සිංහල බන්ඩා says:

    පොහොට්ටුවෙ ජයග්‍රහන වලට ඉරිසියා කරන රාජපක්ෂලට ඉරිසියා කර එවුන් තමා ඥානසාර හිමි පත් කිරීමට විරුද්ධ වෙන්නෙ. එක රටක් එක නීතියක්. නැවතත් පොහොට්ටු ආණ්ඩුවක්.

    • හේනේ මාමා says:

      ආපහු නම් පොහොට්‍ටු ආණ්ඩුවක් එන්නෙ නෑ. ලංකාවෙ මෝඩ හැත්ත කන්න බොන්න දෙනව නම් තම්බි ආන්ඩුවක් හරි පත් කර ගන්නව. මේකෙ කොමෙන්ට් වලින්ම බලපන් මුන් දන්නෙ නෑ ලංකාවෙ එක එක ජාතීන්ට තියෙන නීති වෙනස් කියලා. මුන් හිතන්නේ එක රටක් එක නීතියක් කිව්වම, දැනට තියෙන නීතිය හැමෝටම එකයි ක්‍රියාත්මක වීමේදී තමයි වෙනස ඇති වෙන්නෙ කියලා.

  5. vis8 says:

    Very good from the Prez. He has a backbone. He is not interested in staying in power, so why not do what he thinks is right? Well done!

  6. Buddhist says:

    Gnanasara gen upades onanam, ganna miniha kochchara modayek wenna onida??

  7. Hasith says:

    ග්නානසාර හාමුදුරුවො ඉස්ලාම් අන්තවාදය ගෙන ඉතා දිර්ග කාලයක් තිස්සෙ ලබාගත් දෙනුම් වෙනත් සින්හලුන්ට නේ .උන්වහන්සෙ දන්නවා ඉස්ලාම් ඉගෙන්වීම හා අන්තවාදය අතර වෙනස .අද මේ රට ඉස්ලාම් අන්තවාදින් විසින් ආක්‍රමනය කරලා මුස්ලිම් සමාජය ඉන්නෙ මේ වහාබි අන්තවාදින්ට බියේ එනිසා,ග්නානසාර හාමුඩුරුවන්ට පමනයි මෙ ඉතාම පෙටලිලි සහිත ඉස්ලාම් අන්තවාදි කණ්ඩායම් හා ඔවුන්ගෙ නිති ගෙන දනුම තිබෙන්නෙ .මෙ අන්තවාදින් බියයි ග්නානසාර හාමුඩුරුවන් ඔවුන්ගෙ අරමුනු වලට තර්ජනයක් වෙවිකියා එනිසා මොවුන් මොඩ සින්හලයන්ද එකතුකරගෙන ග්නානසාර හාමුඩුරුවන්ගෙ පත්වීම වළක්වන්න උත්සාහ කරනවා

  8. Yaaluwa says:

    ඤාණසාර පත් කලේ මෙච්චර කාලයක් ආණ්ඩුවට කරපු පක්කලි සර්විස් එකට කෘතගුණ සැලකීමක් වශයෙන් මිසක් මෙච්චර කල් තනතුර ක් ඉල්ලා අඬාගෙන හිටපු ඤාණසාර දෙන්න දෙයක් නැති නිසා.

  9. 0.00069 BIYYO says:

    අරක්කු බීලා ලයිසන් නැතුව මිනිසුන් හප්පගෙන වාහන පදවල දඩ කාපු, අධිකරණයට අපහාස කිරීම නිසා හිර බත් කාපු ජාතිවාදය ෆුල් ටයිම් රස්සාවක්ව කරමින් සිටින බේබද්දෙක්ගෙන් උපදෙස් ගන්න තරමට ගෝඨා බංකොලොත්?