යුගදනවි LNG සමග ඇමරිකානු හමුදා කදවුරක් ලංකාවට…

November 2, 2021 at 3:20 am | lanka C news
යුගදනවි LNG සමග ඇමරිකානු හමුදා කදවුරක් ලංකාවට…

ශ්‍රී ලංකාවට LNG සැපයීමේ කොන්ත්‍රාත්තුව ඇමරිකාවට ලබාදීම දීර්ඝ කාලීනව සිදු කළ කුමන්ත්‍රණයක ආරම්භයක් බව ලංකා සම සමාජ පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ මහතා සඳහන් කරයි.

මෙමගින් රටේ ආර්ථිකය පාලනය ඇමරිකාව අතට ගොස් සම්පූර්ණයෙන්ම එම් සී සී ගිවිසුම අත්සන් කළා හා සමාන තත්ත්වයට පත්වන බවද ඔහු පැවසීය.

එපමණක් නොව ඇමරිකානු යුද කදවුරක්ද මෙහි පැවැත්වීමට හැකියාව මේ හරහා ලැබෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය වර්ධනය වීමට ඉඩ දුනහොත් ශ්‍රී ලංකාව ඉදිරියේ මෙම අනතුර ද වර්ධනය වන බව ඔහු සඳහන් කළේය.

යුගදනවි බලාගාරයේ කොටසක් සහ මෙරට LNG සැපයුම ඇමෙරිකානු සමාගමකට ලබා දීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

33,658 views

16 Comments to “යුගදනවි LNG සමග ඇමරිකානු හමුදා කදවුරක් ලංකාවට…”

  1. Water Margin says:

    මහජන මන්ත‍්‍රණ සභාව නිසා කුහක ජෙප්පන් හොඳටම කලබල වෙලා.
    කුහක ජෙප්පන්ට තවත් කුහකයෙක් එකතු වෙලා.කවුද ඒ?මූනේ තියන කුහක පෙනුම සඟවන්න රැවුලක් වවාගෙන ඉන්න,පිටරටක පඩියකින් ජීවත්වන පැරචුට් මාමා.
    මෙයා Gota ට චන්දේ දීලා ඊට පස්සේ මේ එකෙක්ටවත් චන්දය දෙන්න එපා Nota Nota කියකිය ඉඳලා දැන් අංශක 180 ගහලා ජවිපෙට ‌වෝටා වෝටා (vote for JVP) කියලා එයාගෙම සටන් පාටය එයාම වෙනස් කරලා.වයසත් එක්ක පොඩි ඩිමෙන්ෂියා පාරක් Possible වුනත් මෙතන ඊට එහා දෙයක් තියෙනවා.ඒ ‌කුමක්ද?බටහිර මේ වෙලාවේ රාජපක්ෂ විරෝධයට මුවා වෙලා අවුස්සන චීන විරෝධය.‌ජවිපෙ යොදාගෙන ගොවි,ගුරු හා සෙසු වැඩකරන ජනතාවගේ විරෝධතා චීන විරෝධතාවක් බවට දක්කාගෙන යන්න බටහිර ඩොලර් ‌පොම්ප කරමින් ඉන්නවා.ජවිපෙ (හා පෙරටුගාමීන්) යනු ප්‍රගතිශීලි කොටස් හා විකල්පයක් සොයන පිරිස් අසුකර ගන්න ඇටවූ බටහිර කෙමනකි.ඉතිහාසය සාක්ෂි දරණු ඇත.

  2. 0.069 min biyyo says:

    මේවා නරි නාටක !!!
    ඔය කිව්වට විමල්ලා ගම්මන්පිල කවදාවත් ආන්ඩුවෙන් යන්නෙ නෑ, ඔවුන් දන්නවා ගියොත් ගෙදර තමා කියලා, ආන්ඩුවට මුක්කු ගහන්න මුස්ලිම් මන්ත්‍රිවරු අමුඩ ගහගෙන ඇත්තේ ඕකුන්ට ඕනෙ සල්ලි විතරයි රාජපක්ෂලාගෙ හොරාකාපු සල්ලිවලින් දූවිල්ලක් තරමක් තමයි අවශ්‍ය වන්නේ ඕකුන්ව සල්ලිවලට ගන්න

  3. Ratawasiya says:

    What a foolish talk is this, this man has gone off his head.

  4. කිඹුලන් says:

    තේ කෝප්පයේ කිඹුලන් දකින මිනිසුන්. කෙසේ නමුත් LNG ඒකාධිකාරිය ඇමරිකාවට දීම අනාගතයේ දී ඉතා භයානක දෙයක් වීමට ඉඩ ඇත.

  5. Isuru says:

    Shame on SLPP for nominating idiots like this to the parliament via national list! What has this professor achieved for people other than useless punditry like this?

  6. niru says:

    This is the bugger who created Nano institute instead of giving it to a university just to give his son a top job.