රජයේ මුදල් ලක්ෂ 2520ක් වසරකදි ගොඩනැගිල්ලක් වෙනුවෙන් අපතේ යැවීම කෘෂිකර්ම ඇමති පිලිගනි…

March 9, 2017 at 5:30 pm | lanka C news
රජයේ මුදල් ලක්ෂ 2520ක් වසරකදි ගොඩනැගිල්ලක් වෙනුවෙන් අපතේ යැවීම කෘෂිකර්ම ඇමති පිලිගනි…

ශ්‍රීලංකාව කෘෂිකාර්මික රටක් ලෙස රටේ ජනතාවගෙන් වැඩි දෙනෙකු කෘෂිකර්මය ආශ්‍රිතව තම ජීවන තත්ත්වය නගාලීමේ කාර්යය නියලි ඇත. නිදහස් ශ්‍රීලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩි එස් සේනානායක මහතා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස පොලොන්නරුව ගල්ඔය ගොවි ජනපද බිහිකිරීම ඇතුළුව ආරම්භ කල වැඩපිළිවෙළ වරින් වර හිටපු කෘෂිකර්ම ඇමතිවරුන් විසින් රටට අවශ්‍ය සහල් මෙන්ම අනිකුත් සියලු භෝග වගා කොට ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට අවශ්‍ය විශාල වැඩ කොටසක් සිදු කරන ලදි.

බත්තරමුල්ල රජමල් වත්තේ පිහිටි ගොවිජන මන්දිරයේ ලෙස නම් කොට ඇති රටේ සමස්ථ ගොවි ජනතාව වෙනුවෙන් ඔහුන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ලෙස ඉදිකල විශාල ගෙවත්තක් සහිත ගොඩනැගිල්ල රජයේ මෙතෙක් ඉටුකර ගත නොහැකි කාර්යයක් වූ ව්‍යවස්ථා සභාවට ලබාදීමට එකගව කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යෑමට තීරණය කිරිමයි.

ඒ වෙනුවෙන් යහපාලන ආණ්ඩුවේ නොහැකියාව මෙන්ම කෘෂිකර්මය ඇමති දුමින්ද දිසානායක මහතා ඒ සඳහා ලබාදි ඇති ජාතික වැදගත්කම මෙයින් පැහැදිලිව විදහා දැක්වේ. අපේ රටේ දුප්පත්ම ජනතාව නියෝජනය කරන අහිංසක ගොවි ජනතාව වෙනුවෙන් අවම මට්ටමේ හෝ ගොවියාට ඇතුළුවිය නොහැකි ගොඩනැගිල්ලක් ගොවි ජනතාවගේ කෘෂිකාර්මික අමාත්‍යාංශය පිහිටුවීමට සඳහා හදිසියේම තෝරා ගැනිමයි. එමෙන්ම අමාත්‍යවරයා පවසා ඇත්තේ මෙසා විශාල මුදල් නාස්තියක් සිදු වූයේ අමාත්‍යාංශයේ නිලධාරින්ගේ වරදින් බවයි.

ගොවි ජනතාවගේ කාර්යය සඳහා අවශ්‍ය මූලික පහසුකම් වත් සැපයිය නොහැකි රාජගිරියේ ගෙවත්තක් හෝ අඩුම තරමේ නැති තට්ටු 8 ක ගොඩනැගිල්ලක් තොරා ගැනිමත් ඒ සඳහා වසර 5 කට නියමිත රජයේ ටෙන්ඩර පරිපාටියෙන් තොරව මසකට රුපියල් ලක්ෂ 210 ක කුලියට වැට් රහිතව ( එනම් 15% වැට් තවත් ලක්ෂ 32ක් එකතුව ලක්ෂ 252 කකි ) ලබාගැනිම හරහා විශාල වංචාක් මෙන්ම ජනතාවගේ මුදල් නාස්ති කර දැමීමකි.

පසුගිය වසරේ අප්‍රියෙල් මාසයේ සිට මෙම ගොඩනැගිල්ලට ජනතාවගේ මුදල් රුපියල් ලක්ෂ 250 අධික කුලියක් කිසිම ප්‍රයෝජනයක් නැතිව ගෙවා ඇති අතර මේ වනවිට රටේ ගොවියා නියගයෙන් මෙන්ම පොහොර සහනාධාර කපා දැමිම හමුවේ අන්ත අසරණ වී ඇත.

මෙයට විරෝධය පෑමක් පසුගිය දා ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ සංවිධානය කොට තිබු අතර එහිදි රටේ ගොවි ජනතාව නියෝජනය කරමින් විශාල පිරිසක් පැමිණ එම දූෂිත ගනුදෙනුව හරහා ලබා ගත් ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවයක් පල කල අතර පොලිසිය මැදිහත් වී විරෝධ කරුවන් විසුරුවාලීමට කටයුතු කලේය.

මූලාශ‍්‍රය මෙතනින්

0 views

8 Comments to “රජයේ මුදල් ලක්ෂ 2520ක් වසරකදි ගොඩනැගිල්ලක් වෙනුවෙන් අපතේ යැවීම කෘෂිකර්ම ඇමති පිලිගනි…”

  1. Nandasoma says:

    මේව කරපු එවුන්ට රාජ්‍ය දේපල අවභාවිත කිරීමේ චෝදනා නැද්ද?

    • gamaya says:

      පිස්සුද? මේ අය මේ යහපාලනය වෙනුවෙන් වික්කමසිංහ සහ අති උත්තම සිරිසේනට මේ කරන්නේ,

  2. YAMA DUTHA says:

    This is clearly mis use of public fund to get hid pocket up. So, where is Bribe Collecting Fnancial Poluce cheife ?

  3. Gunadasa says:

    මෙය ඇත්තක් නම්…. කරපු උනාට හෙනම ගහපන්….

  4. සරත් says:

    කෝ මේ බලු පෙරේරා?

    • asaranaya says:

      ඌව යම ලොව ගොස් සෝබිතගෙන් බන අහනවලු, අර බයි….පොත තවම පස්සෙ පැත්තෙ හිරවෙලාලු, කටින්ලු අසුචි පිටකරන්නෙත්, මළ පෙරෙතයා

  5. චන්දා says:

    රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් ඉහලින්ම මේ යහපාලන දේශපාලකයින්ට බලය දුන්නේ ඔවුන්ගේ සේවය ඉතා විශිෂ්ට නිසා , ඒ ජනතා සේවයටයි මේ යාන- වාහාන, ගොඩනැගිලි ආදිය අවශ්‍ය. ඇයි අවුල්ද ?

  6. Perera says:

    God bless my sudumpiya Hon:Ranil can collect enough money for next election to win as President using this system. Thank you jesus.

Main News