අගමැති රනිල්ට ගණන් පැටලේ, රටේ සමස්ථ ණය ඇ.ඩොලර් බිලියන 15000 ක් බව කියයි.. මේ රජය පැමිණ ගත් 20% ක් ණයත් සමඟ තවම ඇ.ඩොලර් බිලියන 64 යි..
March 10, 2017 at 3:28 am | lanka C news
ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අංක 1 ආර්ථික හිමි රටවන අතර එහි සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය ඇ.ඩොලර් ට්‍රිලියන 18.56 කි එනම් ඩොලර් බිලියන 18560කි 2 වෙනි ස්ථානය චීනයට හිමිවේ. එය ඇ.ඩොලර් බිලියන 11391කි තුන්වන ස්ථානය හිමිවන්නේ ජපානයටයි. ඒ ඇ. ඩොලර් බිලියන 4730කි, එමෙන්ම ඉන්දියාවේ වාර්ෂික දල දේශිය නිෂ්පාදනය ඇ. ඩොලර් බිලියන 2250 ක් ලබා ලෝකයේ 7 වෙනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර ශ්‍රීලංකාව ඇ.ඩොලර් බිලියන 82 කක හිමිකම් කියමින් ලෝකයේ 67 වෙනි විශාලතම වාර්ෂික දල දේශිය නිෂ්පාදනයට හිමිකම් කියයි. (https://en.wikipedia.org/wiki/
ශ්‍රීලංකාවේ සමස්ථ ණය ප්‍රමාණය 2014 දෙසැම්බර් 31 වෙනිදාට ( මහින්ද රාජපක්ෂ යුගයේ) ඇ.ඩොලර් බිලියන 56 කි. එය සමස්ථ වාර්ෂික දල දේශිය නිෂ්පාදනයෙන් 71%කි එනම් රුපියල්වලින් බිලියන 7500 කි. එහෙත් රනිල්-මෛත්‍රී ආණ්ඩුව පසුගිය වසර දෙක තුල පමණක් තවත් රුපියල් බිලියන 2200 කින් මෙම ණය ප්‍රමාණය වැඩිකර ගෙන ඇත, ඒ අනුව වුවද අදටත් එම ණය මුදලේ වටිනාකම රුපියල් බිලියන 9700 ක් වන අතර එය ඇ.ඩොලර් බිලියන 63 දශම 8 කි.
එමෙන්ම කිසි කලක මොනම රටක්වත් ඇමරිකාව හැරුණු කොට මේ තරම් විශාල ඩොලර් බිලියන 15000 පහලොස් දහසක් ණය ලබා ගෙන නැත. ඒ අනුව 1948 නිදහසන් පසු ශ්‍රීලංකාව වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් පහත වගුවෙන් දැක ගත හැකිය. එහිදි වරක් එජාප සමයේ එනම් 1988 වසරේ වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් 105% දක්වා ඉහළ ගිය අතර නැවත චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා අගමැති සමයේ එනම් 2002 සිට 2005 දක්වා ද වාර්ෂික දල දේශීය නිෂ්පාදනයට අනුව සමස්ථ ණය ගෙවිමට තිබු ප්‍රමාණයන් 105% දක්වා ඉහළ ගිය බව මහා බැංකුවේ වගුවෙන් පැහැදිලි කර ගත හැකිය.
එබැවින් ඊයේ 09/03/2017 දින ඩේලිමිරර් ඉංග්‍රීසි පුවත් පතේ මුල් පිටුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 15000 ( පහලොස් දාහසක්) ශ්‍රීලංකාව මේ වනවිට ණය වී ඇතයි පැවසිම හරිහැටි සංඛ්‍යාය ලේඛන හැදෑරීමකින් තොරව හෝ කවුරුත් හෝ දෙන ලද වැරදි දත්ත පදනම් කරගෙන පැවසූවකි.