අවමගුල් ගෙදරක ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්…

November 9, 2021 at 8:02 am | lanka C news
අවමගුල් ගෙදරක ආයුධ කල්ලියකින් ප්‍රහාරයක්…

යාපනය කොකුවිල් බටහිර කේනිඅඩි ප්‍රදේශයේ අවමගුල් අවස්ථාවකට සහභාගී වී සිටි තරුණයෙකුට 07 දින කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

කේනිඅඩි ප්‍රදේශයේ පැවති අවමගුල් අවස්ථාවකට සහභාගී වී සිටි එම ප්‍රදේශයේම පදිංචි උදයකුමාර් රදීපන් නැමති තරුණයා මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර එම තරුණයා අවමගුල් ස්ථානයේ මාර්ගයේ කොඩිවැල් ඇදමින් සිටියදී මුහුණු ආවරනය කරගත් තිදෙනෙකු තියුණු ආයුධ සමගින් යතුරුපැදියකින් පැමිණ පහරදී පලා ගොස් ඇති බවට අනාවරනය වී ඇත.

එහිදී පරපතල කැපුම් තුවාල ලැබූ තරුණයා අවමගුල් ස්ථානයේ සිටි පිරිස් විසින් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට පොලීසියට දැනුම් දී ඇති අතර යාපනය පොලිසිය විසින් අදාල පහරදීම සිදුකල පිරිස් සම්බන්ධයෙන් පුලුල් පරික්ෂණයක් අරඹා ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

17,545 views