මා මහ ඇමති වුනේ පෙර පිනටයි.. මන්ත්‍රීන් 225ත් පිං කාරයෝ.. දෙකෝටියක් ජනතාව පවුකාරයෝ..
March 10, 2017 at 2:10 pm | lanka C news
“අපි ඉහත ආත්මවල රජවාසලවල ජීවත් වන්න ඇති. ඒ නිසා අපට මේ තානාන්තර ලැබිලා තිබෙන්නේ. පෙර කර ඇති පිංබලයෙන් අපට ලැබී තිබෙන වරප්‍රසාද ගැන විවේචනය කරන්නේ කිසිවක් නොදන්නා පිරිසක් බව බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඉළුක්ඕවිට කනිෂ්ඨ විද්‍යාලයේ පැවැති උත්සව සභාවක් අමතා ප්‍රකාශ කළේය.
වසර 52 කට වඩා වැඩි කාලයක් දිගන, හා ඉළුක්ඕවිට ග්‍රාම නිලධාරි වසම්වල රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචිව සිටින ජනතාවට එම ඉඩම්වල, අයිතිය තහවුරු කිරීම සඳහා ඉඩම් බලපත් ලබා දීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ප්‍රධාන ඇමැතිවරයා, ඔබ සැමත්, මමත්, සීතාවක හා කෝට්ටේ රාජධානිවල ජීවත්වන අය පෙර ආත්මවල බොහොම පිංකරලා ඇති. ඒ නිසයි, අද ඔබට ඉඩමක හිමිකම ලැබෙන්නේ. ඔබේ ඉඩම් අයිතිය ලබා දෙන්න පැමිණි මට මේ පොළවේ කිසිම තැනක බිම් අඟලක අයිතියක් නැහැ.
නමුත් පෙර පිං මහිමයෙන් මා අද කැබිනට් ඇමැතිවරයකුට හිමි සියලුම වරප්‍රසාද සහිතව මිලියන ගණනක් වටිනා නිවසක ජීවත් වෙනවා. දැන් බලන්න මහ මග අගුපිල්වල කොතරම් නම් පිරිසක් බිම් අඟලක අයිතිය නැතිව සිටිනවද? ඒ ඔවුන්ට පෙර පිං නොමැති කමිනුයි. මිලියන 20 ක් ජීවත්වන රටේ පාර්ලිමේන්තුවට පත්වන්නේ 225 ක් වැනි සංඛ්‍යාවක්. ඒ පිං කරපු පිරිසක්. ඒ ගැන විවේචන චෝදනා කරන්නෙ අවබෝධයක් නැති අයයි.
මෙතනදී ඔය සිරිකොතේ ඉඳන් මට චෝදනා කරන මල්ලිලාටත් යමක් කියන්න ඕන. ඔයාල කියන දේවල් කරන්න අපේ ජනාධිපති සූදානම් නැහැ. ශ්‍රී ල. නි. ප. ප්‍රතිපත්තිවලට පටහැනි යමක් කළොත් මට එරෙහිව පියවර ගනීවි. ඒ නිසා ඒ ගැනත් ඔය මල්ලිලා තේරුම් ගන්නවා නම් හොඳයි. යම් විදියකින් යටින් වැඩක් කරලා මාව යවන්න උත්සාහ කළොත් කොන්ද කෙළින් තියාගෙන ශ්‍රී ලංකා කාරයකු විදියටයි යන්නේ.
රංජිත් සොයිසා මහතා කර තිබූ ප්‍රකාශයකුත් මා දුටුවා, අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ල.නි. ප සමඟ අනෙකුත් බලවේග එක් කරගෙන ඉදිරියට ගොස් රජයක් පිහිටුවන්න. ඒ කාර්යය මා භාරගෙන කටයුතු කරමින් සිටිනවා” යෑයිද හෙතෙම වැඩිදුටත් පැවසීය.
පළාත් සභා මන්ත්‍රීවරුන් වන, මහේෂ් අල්මේදා, සුමිත් විජයමුණි සොයිසා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරිනී, සුනේත්‍රා රුද්රිගූ, ප්‍රාදේශීය සභාවේ ලේකම් චන්දන පද්මසිරි ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ආනන්ද රූපසිංහ, ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති, අයි. ඩී. සිසිර කුමාර යන මහත්ම, මහත්මීහුද කතා කළහ.
ග්‍රාම නිලධාරි වසම් දෙකෙහි පදිංචි පවුල් 42 කට මෙදින ඉඩම් බලපත් ලබාදීම සිදු කෙරුණු අතර උත්සවය ඉළුක්ඕවිට ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති අයි. ඩී. සිසිර කුමාර මහතා විසින් සංවිධානය කර තිබුණි. ආගමික වතාවත් ඇල්ල උඩ සම්බෝධි විහාරාධිපති කෝට්ටේ ධම්මසේන හිමියන් විසින් සිදු කරන ලදී.
– දිවයින
රටේ ජනතාවගෙ පවක් නම් නැහැ.ඔහේල ජනතාවට සේවය නොකර මේ විඳින සැප සම්පත්වලට ලබන ආත්මෙදි හෝ කඹුරන්න සිදු වෙනව.මුට්ටි අල්ලල,පශ්චාත් භාගෙ අලෙවි කරල ගන්න තානාන්තර පිනට ලැබුන කියන්න තරම් ඔළු ගෙඩිය ඇතුලෙ තියන මොල ගෙඩිය කුරුවල් උනාට ජනතාව පලි නැහැ පිං ඇමතිතුමෝ.අනික ඕන ගොනෙකුට ඔහොම කියන්න පුළුවන්.බොරු නම් අහන්න ඇල්ලේ කිරි ලකීගෙන්???
පින් ගොනා , මුන්ගේ මොළ ගැන හිතපුවහම ඇඩෙනවා , ලංකාවේ ඉන්න උන් කොච්චර පවු කරන්න ඕනෙද මේවගේ මන්ද බුද්දීකයින් අපේ නියෝජිතයෝ කරන්න
ඇමැති ඉසුර කටින්ද කතා කරන්නේ ? ඔබේ පින රටේ කරුමය …ඔය කරන පව් පලදෙන විට දුවන්න රටක් හොයාගන්න
සිරිසේන ඇතුළු යහපාලන දේශද්‍රෝහින්ට ජනතාවට දැන් කරන්න පුළුවන් ලොකුම සේවය පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මනට ගෙදර යාමයි
කරුණාකර සිරිසේන -රනිල් ඇතුළු ජහපාලනය ඉක්මනින් දේශපාලනයෙන් සමුගන්න..
අපේ රට තවත් අගාදයට විනාශයට පත් නොකර
ඇමතිතුමෝ ;ඔය කතා කරන්නේ පෙර කල පින් ගැන නම් ඔබට ඒ ගැන අවබෝධයක් නැත .
ජනතා ජන්දයෙන් බලයට පත් වී . මිලියන 20 ක් ජීවත්වන රටේ පාර්ලිමේන්තුවට පත් වන 225 ක් වැනි සංඛ්‍යාව.පමණක්
පිං කරපු පිරිසක්. කියන්නේ කෙසේද ?ඔවුන්.වංචාව’. කපටි ; රටේ මහජන මුදල් කොල්ලා කෑමයි කරන්නේ ..
එසේ කිරීමෙන් අයුතු ලෙස උපයාගන්නා මුදලින් සැප විදීම කෙසේද පිනක් වන්නේ ?
රටේ ජනතාවට යහපාලන දේශපාලුවෝ කරන බලු වැඩ කරන්න බැහැ..
ඔබ කියූ කතාව ගැන ලජ්ජා විය යුතුයි පින හා අකුසලය යනු දෙකක් මිස එකක් නොවේ.අවුරුදු 400 වඩා පැරණි පුජනිය බෝ ගස් කපන්න හදන මේ රටේ (යහපාලනයේ ) නමින් පමණක් බෞද්ධයන් වූ දේශපාලුවන්ගේ පින් මහිමය ගැන කවර කතාද ?
කරන කලට පව් මිහිරි මී සේ… විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..ඒ ගැන .මතක තබා ගන්න පින
මෙයා සිරිසේනට කඩේ යන කෙනෙක් ලැජ්ජා නැතිකම මහමුදලි කමටත් වඩා ලොකුයිලු.
Pinnata rata kaka hitapiya,ethakota okkoma hari
දැන් නම් පින තාප්ප වගේ ලොකුයි …අන්තිමට මුන්ගේ පින තුට්ටුවට වැටෙන්නේ දන්නෙම නැතුව.