යලිත් ඉන්ධන මිල සුත‍්‍රයකට රජය සැරසේ..

November 17, 2021 at 3:50 pm | lanka C news
යලිත් ඉන්ධන මිල සුත‍්‍රයකට රජය සැරසේ..

ආණ්ඩුව නැවතත් ඉන්ධන මිල සූත්‍රය යා යුතු බව ආණ්ඩුවට සහ මුදල් අමාත්‍යවරයාටත් යෝජනා කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා සඳහන් කරයි.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිනිසාට සාපේක්ෂව ක්‍රමානුකූලව විචලනය වන ක්‍රමය මෙරට ඉන්ධන මිල ගෙන ආ යුතු බවද ඇමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකා මහ බැංකුව එම කාරණය පවසා ඇති හෙයින් ඒ පිළිබඳව සලකා බැලිය යුතුව ඇතැයිද හෙතෙම කීය.

අයවැය විවාදයට සහභාගි වෙමින් අලි සබ්රි මහතා මේ බව කියා සිටියේය.

21,395 views

7 Comments to “යලිත් ඉන්ධන මිල සුත‍්‍රයකට රජය සැරසේ..”

  1. අපතයා says:

    එතකොට මංගලට කෝචොක් කොලාට “” සොරි “” කියන්නත් වෙනව නේද . කමක් නැද්ද .

  2. Lalith m says:

    සර්ල ආයිමත් ෆේල්. මිල සූත්‍රයට හිනා වුනා මතකද. අනාගත්ත රජය.

    • Sagara says:

      මිල සූත්‍රයට නම් කවුරුත් හිනා වුණේ නැහැ. මිල සූත්‍රයේ සමීකරණය මොකක්ද ඇහුවම උඹලම පත් කරගත්තු මංගලලා උඹලට කොචොක් එකට හිනාවෙනවා නම් අපි දැක්කා. LOL :D:D

  3. Anuradha says:

    අප අතරින් වියෝවුණු මංගල මැතිතුමාගේ පිංතුරයක් තෝපිළා සේරම මල් පහාන් තියා වැඳපන් ඒ සුස්තරය ඉගැන්වුවාට.හරිද දැන් තේරුනාද??

  4. 3% ට බය බයියා. says:

    ඉන්ධන මිල අඩු කරලා ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි කියලා බුද්ධිමත් ජනතාව දන්නවා .