විපක්‍ෂයේ විරෝධතා නිසා නැවත රට වහන්න වෙයි…

November 20, 2021 at 12:00 pm | lanka C news
විපක්‍ෂයේ විරෝධතා නිසා නැවත රට වහන්න වෙයි…

කොවිඩ් අර්බුදය හමුවේ රට අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින මොහොතක රට තවත් අර්බුද රැසකට ඇද දමමින් ජනතාව පීඩාවට පත් කිරීමට රට පුරා කොවිඩ් පොකුරු බිහි කිරීමේ වැඩපිළිවෙලක් විපක්ෂය විසින් ගෙන යන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පැවසීය.

“කොවිඩ් වසංගතය පැතිර යාම හේතුවෙන් අවස්ථා ගණනාවකදී රට වසා දැමීමටත් සංචරණ සීමා පැනවීමටත් සිදු වුනා. ඒ හේතුවෙන් රටේ නිෂ්පාදන ආර්ථිකය පහළ වැටුනා. ජන ජීවිත අඩාල වුනා. මේ හේතුවෙන් රටේ ආර්ථිකය අභියෝග රැසකට මුහුණ දුන්නා. එන්නත්කරණය හා ජනතාව සෞඛ්‍ය ආරක්ෂිතව ලබා දුන් සහායෝගය හේතුවෙන් රට යළිත් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යමින් ආර්ථික අභියෝග ජය ගැනීමට උත්සහ දරණ අවස්ථාවක සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් විපක්ෂය කටයුතු කරනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් වසර එක හමාරකට ආසන්න කාලයක් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වුනා. පසුගිය කාලය තුළ කොවිඩ් වසංගතය පාලනය කර ගැනීමට හැකිවීමත් සමඟ අදියරෙන් අදියර පාසල් විවෘත කිරීමට හැකියාව ලැබුනා. ලබන සදුදා වන විට සියලු ශ්‍රේණි විවෘත කිරීමට අවස්ථාව ලැබී ඇති මොහොතක විපක්ෂයේ මෙවැනි ක්‍රියා හේතුවෙන් යළිත් පාසල් වැසීමේ අවධානමක් පවා මතු විය හැකියි. ඒ හරහා යළිත් අපේ රටේ අනාගත පරපුර අවධානමේ හෙලීමක් සිදුවනවා. මෙවැනි දේ තෙරුම් ගැනීමට නොහැකි විපක්ෂයකට රටේ බලයක් ජනතාව කිසිසේත් ලබා දෙන්නේ නැති බව විශ්වාසයි.

කොවිඩ් අර්බුදය හේතුවෙන් ලෝකයේ අනෙකුත් රටවල් පැන නැගී ඇති අර්බුදවලින් මිදීමට පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව කටයුතු කරනවා. නමුත් ලංකාවේ විපක්ෂය රට තව තවත් පහළට ඇද දැමීමට ජනතාව රවටමින් කටයුතු කරනවා.

මෙවැනි ලෝක වසංගත තත්ත්වයකට මුහුණ දෙමින් සිටින මොහොතක රටේ ආර්ථික අභියෝග ජය ගන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අදහසක් හෝ දැක්මක් නොමැතිව සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ දැරීම ජනතාව කිසිසේත් අනුමත කරන්නෙ නැහැ. රජයට විරෝධතාව දැක්විය යුතු නම් ඒ සඳහා සෞඛ්‍ය උපදෙස් උල්ලංඝණය නොකර වෙනත් විකල්ප ක්‍රමවේද භාවිතා කළ යුතුයි. අපේ රටේ වැදගත්ම දේ ජනතාව ආරක්ෂා කර ගැනීමයි. අපේ රජයන් සැමදා කළේ ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි. වසර 30 ක් පැවති යුද්ධයේදීත් රටේ ජනතාව ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යය වුනා. ලෝක වසංගතයකට මුහුණ දී සිටින මොහොතක රටේ ජනතාව ආරක්ෂා කිරීම ප්‍රමුඛ කාර්යය වුනා. ඒ නිසා අපි විපක්ෂයට කියන්නේ මෙවැනි වසංගත තත්ත්වයකදී රටේ ජනතාව අනතුරේ හෙලන්නේ නැතිව වගකිව යුතු විපක්ෂයක් ලෙස හැසිරෙන ලෙසයි.”

– media unit

9,971 views

9 Comments to “විපක්‍ෂයේ විරෝධතා නිසා නැවත රට වහන්න වෙයි…”

  1. සරා says:

    සදහිරු සෑය විවෘත කරපු නිසා රට වහන්ඩ වෙයි. Airport අරපු නිසා රට වහන්ඩ වෙයි. බැරි කම වහගන්ඩ රට වහන්ඩ වෙයි.

  2. Sumanasiri says:

    Yako ata pass kudukarayata upan dina party penne nedda umbalage resweem sanwatsara penne nedda

  3. Dharshana Abeykoon says:

    ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ගෙන යන කාබනික පොහොර වැඩසටහනට ජයවේවා…..❤️
    හැමදාම බැන බැන අඩුපාඩු කිය කිය ඉන්න සන්නස්ගල ඇතුලු JVP සහ ආන්ඩු විරෝධී පුද්ගලයන්ගේ මොලේ පෑදේවා(හැමදේකම වැරදි කියෝ කියෝ ඉන් නැතුව මේ වගේ ප්‍රායෝගිකව කරල පෙන්නපල්ල ගොන් හැත්ත)

    • Sunil Perera says:

      තවත් රාජපක්ෂලාගේ කටු සූප්පූ කරන වන්දි භට්ටයෙක්… තොපිල වගේ හරක් ඉන්නකල්, තක්කඩි හැත්ත පිනුම් ගහනවා…. රට නැත්තටම නැතිවෙනවා….

      • Alapaluwa says:

        මම සමගි බලවේගයට හෝ වේනත් පාක්ෂයකට කඩේ යමින් ලියන දෙයක් නොවේ මේක. ඇත්තටම මම පෝහොට්ටුවට චන්දය දීපු හොඳ මහින්ද වාදියෙක් නමුත් ඒ එදා? වැරදුන දා…..පෝහොට්ටු පාක්‍ෂිකයෙක්,කථා කරමු දැන් මද්‍යස්තව කරණය ගැන.. මේ නිමල් ලන්සා කියන්නේ කිසිම උගත් කමක් නැති කුට ලේස අනිසි විදියට මුදල් උපයාගත් පුද්ගලයෙක්( මත්ද්‍රව්‍ය) කරන්නෙම චන්දය කාලෙට ඒ වටේ සිටින අයට යහාමින් මුදල් බෙදාදී තමා බලය අත්පත් කරගැනීමට තරම් තීක්ෂණ දක්ෂ පුද්ගලයෙක්. ඉතින් ඔවුට එවැනි දෙයක් කරනවා හැර වෙනත් දෙයක් කිරීමට නොහැකිය.දැන් මේයා මේ දෝස් නගන්නේ SJB රැස්වීමක් පිලිබන්දවනේ?? හරි එතකොට පසුගිය පෝය දවසේ සඳගිරි සෑය Open කිරීමේ උත්සවයට පැමිණි සිටිය සෙනග අර ප්‍රසන්න කියනවා වගේ බබල් ක්‍රමයට ආ සේනගද?? මහා මෝඩ කථාවක් කෝවිඩ් ව්‍යිරසයට තැන කෝතනද පුද්ගලයා කවුද කියා අවශ්‍යය නැහැ පැතිරෙන්න පුළුවන් සෑම ජනරාශි එක තැන් වෙන්න පුළුවන් තැන්වලදී එය පැතිරෙන්න පුළුවනි එකයි ඒ වයිරසයේ සොබාවය.. නමුත් මේක හරියට කපුවාගේ නිවසේ මළපහා කළාට ගඳ නැහැ කියනවානේ කථාවක් තමයි මේ නිමල් ලන්සා කියන්නේ…අනෙක ඔය එන කට්ටියවම අනුරාධපුරයේ hospital එකක් සේවය කරපු ඉෂිවරියගෙන් ආරක්ෂාවූ අයද??.(ඤාණ අක්කා)ඒ දිනවලත්,මේ දිනවලදීත් දැන් අන්න එයාගේ නිර්දේශ වලට අනුකුළවයි සවුක්‍යඅමාත්‍යාංශයත් ප්‍රකාෂ නිකුත් කරන්නේ>මේහෙමත් මිත්‍යාදුෂ්ට ගෝත්‍රික අප්පුහාමිලා කොටසක්.. ෂා අපිටත් ලැජ්ජයි මේවගේ නුහුගත් කෙනේකුට නේද දියසේන කුමාරයා කියා එදා රැවටුණේ,කමක් නැහැ වැරදුණා තමයි නමුත් ඒ වැරදීම නැවත නැවතත් කරන්නේ නැහැ.Alapaluwa from SA

  4. Gamarala says:

    රාජපක්ෂ ආණ්ඩුවේ අයතා බලය, ඥාති සංග්‍රහය, වංචාව සහ දුෂණය හමුවේ සාමාන්‍ය ජනයා තවත් අසරණ වී ඇත.

  5. Sunil Perera says:

    ලන්සෝ තෝ කූඩු දීලා තරුණ පරම්පරාවම විනාශ කරනකොට, විපක්ෂයේ විරෝධතා නිසා කොරෝනා හැදුනම මොකෝ… උන් ටික කට වහගෙන හිටියොත් තොපිල මුළු රටම චීනට විකුණලා ඉවරවෙයි. යකෝ අපිට රටක් ඉතිරි කරපන් හරකෝ…

  6. 3% ට බය බයියා. says:

    Birthday party නිසා එහෙම වෙන්නේ නැහැ නේ ?

  7. Athula says:

    ඔය කියවෙන්නේ ඇත්ත 😜😜😜

Leave a Comment

Main News