පුද්ගලයෙකු කපා කොටා මරා දාලා..

November 19, 2021 at 2:15 am | lanka C news
පුද්ගලයෙකු කපා කොටා මරා දාලා..

කිලිනොච්චිය, ශිවපුරම් ප්‍රදේශයේදී තියිණු ආයුධවලින් පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කල පුද්ගලයෙකුගේ මළසිරුරක් සොයාගත් බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.

අදාල පුද්ගල මළසිරුර ප්‍රදේශවාසීයෙකු අද උදෑසන දැක ඒ පිළිබඳව කිලනොච්චිය පොලීසියට දැනුම් දී ඇති අතර මෙම පුද්ගලයා 16 රාත්‍රියේ ඝාතනය කොට ඇති බවට පොලීසිය මළසිරුර පරික්ෂා කිරීමෙන් පසුව සැක පලකර සිටියි.

එලෙස ඝාතනය කොට ඇත්තේ කිලිනොච්චිය, පරන්තන්, ශිවපුරම් පදිංචි මුත්තයියා කේදීෂ්වරන් නැමති අවුරුදු 27ක කම්කරුවකු වන අතර ඔහු එක්දරු පියෙක්ද වන බව පොලිසිය සඳහන් කරයි.

මිය ගිය අයගේ නිවස අසල මඩුවක් තුල නිදාසිටි මියගිය පුද්ගලයා කිසියම් පිරිසක් විසින් යේ කපාකොටා ඝාතනය කොට ඇති බවත් මියගිය පුද්ගලයාගේ සිරුරේ සහ මුහුණු ප්‍රදේශයේ කැපුම් තුවාල කිහිපයක් දක්නට ලැබෙන බවත් ඝාතනය කොට ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවද කිලිනොච්චිය පොලිසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

3,052 views

Leave a Comment

Main News