උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි..

November 21, 2021 at 2:10 pm | lanka C news
උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි..

බලශක්තිය අමාත්‍යවරයා ලෙස උදය ගම්මන්පිල මහතා මේ මොහොතේ සිය වගකීම නිසි අයුරින් සිදු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෘත්තීය සමිති නායක බන්දුල සමන් කුමාර මහතා පවසයි.

පවතින ඩොලර් හිගය හමුවේ වර්තමාන අමාත්‍ය වරයා වැන්නෙකු ඛනිජ තෙල් අමාත්‍ය ධූරය දරන නිසාවෙන් මෙවන් මට්ටමකින් හෝ ඛනිජ තෙල් අර්බුදය පාලනය කරමින් සිටින බව ඒ මහතා පෙන්වා දේ.

බන්දුල සමන් කුමාර මහතා සඳහන් කරන්නේ ඉදිරි දින කීපය තුළ රට තුළ දැවැන්ත ඉන්ධන අර්බුදයක් ඇතිවන බවත් එහිදී පැට්‍රල් සහ ඩීසල් අර්බුදයක් දැවැන්ත ලෙස ඇති වන බවත්ය.

එයට හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නතර කිරීම සහ රටේ පවතින ඩොලර් හිගයයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ මොහොතේ ලබන පාඩුවේ මිදීමට නම් ඩීසල් ලීටරයක් රුපියල් 43 සහ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 18 කින් වැඩි කළ යුතු බව ඒ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය ලබාදීම හේතුවෙන් මහජන බැංකුව සහ ලංකා බැංකුව ඉදිරියේදී බංකොලොත් භාවයට පත් වීමට නියමිත බවද ඔහු තව දුරටත් පැවසීය.

123,564 views

13 Comments to “උග‍්‍ර පෙට‍්‍රල්-ඩිසල් හිගයක් එනවා.. ලංකා-මහජන බැංකු බංකොලොත් වෙනවා..- පොහොට්ටු යුනියන් ලොක්කා කියයි..”

  1. දෙපා වාරුවා says:

    ඔන්නොහේ රුපියල් දෙතුං සීයකින් උනත් කමක් නෑ , වැඩි කොරාන්න . මාත් අමාරුවෙං හරි කකුල් දෙකට පැට්ටෝල් ගහගන්නං , මක්කොරන්නෙයි , යන්න එන්නත් එපෑ .

    • සවි අරික්කාල says:

      ඕවි අනේ…!
      පොඩි පොඩි ගන්න වලින් නැතුව පෙට්‍රල් 300 කරන්න ඩීසල් 200 කරන්න.

      • Sagara says:

        ඕක මුල ඉඳලම රටේ තිබුණ ප්‍රශ්නයක්. ඔය සහන නිසා තමයි පෙට්‍රල් ගහගන්න බැරි එවුනුත් දරන්න බැරි වාහන ගත්තෙ. පෙට්‍රල් පාඩුවට දෙන්න ඕන නැහැ. ලාබ ගන්න පුළුවන් මට්ටමට වැඩි කරන්න ඕන.

  2. කැපුවත් පොහොට්ටුවට says:

    මිනිස්සු අරක්කු සිගරට් බුලත්විට වලට නාස්ති කරන මුදල් එක්ක බැලුවම රුපියල් 18 ක් කියන්නෙ නතින්. ඒ නිසා වැඩි කලාට අවුලක් නෑ. සීයට තුනේ ගොන් හැත්ත ටිකක් කෑ ගහයි.

  3. චන්ද දායක says:

    පුලුවන් තරම් අපිව බය කරලා තිබ්බා ම ලේසියි මොල හතවල් වල වැඩ පෙන්නන්ඩ .මේවට කියන්නෙ “මයින්ඩ් ගේම්ස්” කියලා ඉංගිරිසියෙන්. සිංහලෙන් කැමති විදියට හිතාගන්න .

  4. Kaspersky says:

    එදා අනුර කුමාර මෙන්ම විමල් වීරවංශත් සීපා සහ එක්ටා ගිවිසුම් වලට එරෙහිව මාරාන්තික විරෝධයක් පෑවා.
    ලංකාව එම ගිවිසුම් වලට එලඹිලා හිටියනම් අද පරිප්පු,අල,ළුෑණු,පොහොර නැතිවෙන්නේ නෑ.මන්ද එම ගිවිසුම් වල පිහිටෙන් ඩොල්ර් නැතිව වුවද පරිප්පු,අල,ළුෑණු පමණක් නොව වාහනද ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරන්න තිබුනා.
    CEPA හා ECTA ගිවිසුම් වලට ලංකාව එළඹීම වැලැක්වීම පසුපස සිටියේ IMF, ලෝක බැංකුව හා මහා බ්‍රිතාන්‍යයයි.
    හේතුව ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ මත ආණ්ඩුවට හිතුමතේ බදු පැනවීමට නොහැකිවන නිසා ජනතාව මත පටවන බදු මුදලින් ගෙවන IMF හා ලෝක බැංකු ණය වාරික හා පොලී අයකරගැනීමට CEPA හා ECTA ගිවිසුම් බාදාවක් යයි යන දෘෂ්ඨියයි.

  5. බන්ඩා says:

    $ අර්බුදයෙන් ගොඩ එන්න නම් අපේ $ ආදායම ඩබල් කර ගත යුතුය්. නමුත් අපේ exports ඩබල් කල හැකි high value products කිසිවක් අපිට නැහැ. කරන exports වැඩි කර ගන්නත් කැපෑසිටි නැහැ. එවැනි රටක් ගොඩ ගන්න නම් ලංකාව ජාතියන්තර සේවා සපයන මධ්‍යස්තානයක් ලෙස දියුනු කල යුතු වෙනවා. ඒ බව මහින්ද චින්තනයෙ තිබුනා. ඒ සඳහා ආයෝජනයන් ආකර්ෂණය කර ගත යුතුය්. ආයෝජකයො කියන්නෙ ධනපති බව ජෙප්පො දන්නෙ නැහැ. තමන්ට කැමති luxury වාහනයක් සහ වෙනත් දේ ගෙන්වා ගන්න බැරි පහසුකම් නැති රටකට එන ධනපතියෙක් නැහැ. ආයෝජකයන් ගෙන්වා ගැනීමට නම් රට ඩිජිටලයිස් කර රාජ්‍ය සේවයේ රෙඩ් ටේප් කපා දූෂණය අවම කර කුහක නැතිව මැලේසියාව මෙන් ඔවුන්ට luxury දිවියකට සියලු පහසු කම් සලසා දිය යුතුය්. නැත්නම් ඉන්න ධනපතියොත් තමන්ගෙ $ අරගෙන ලංකාව හැර යය්. උපන් දා සිට මැරෙන කම් රජයෙන් යැපෙන තබ්බො ඉතිරි වෙය්.

  6. mali says:

    all vehicles used by MPs and government servants secretaries which drink petrol should be stopped. these are v8 land cruiser etc. If they want to use them ask them to spend through their pockets, not the people’s money. subsidiary petrol and diesel quota should be stopped.

  7. nirosh says:

    දැන් දෙපාරක්ම මිනිස්සුන්ව කඩේ යවලා පෝලිම්වල තියලා දැන් එනවද පෙට්‍රල් ඩීසල් ගැන කියන්ඩ.
    උඹට ඕනිනම් උඹ ගහගනින් පෙට්‍රල් උඹේ ………..ට .

    දැන් ෂෙඩ් වල මෙලෝ එකෙක් නෑ.

  8. Ashan perera says:

    Dan miniho oya gammampilama nefa kiwwe kisima higayak naha kiyala. Mu methane awith monada me kiyanne? ara wadakata nathuwa hamadama CID ekata siril gaming piya5huma wenuwata mu genuinely balanna epai me yaka kiyanne aththada kiyala boru nab munta daduwan denna epai rate minissu nomaga yawana ekata

  9. calista says:

    මූට 🐃ගෝඨ ට හොදටම පිස්සු මූව මානසික රෝහලකට ඇතුල් කරපල්ලා තවත් හිටියොත් දෙකෝටි විසි ලක්ෂයටම කෙලවනවාමූ දැන් මාස අටක් පිස්සු කෙලල ගොවිතැන ඉවරට ඉවර කලා දැන් මූ ආයෙ තහනම ඉවත් කරල
    ඇයි දෙයියනේ මූව තව ඔය පුටුවේ තියන්නේදෙවරට රට බිමට සමතාලා කල පිස්සාව එලවා නොදමන්නේ

Leave a Comment