මාමා සීසාද්දි අවුරුදු 5 දරුවා ට්‍රැක්ටරයේ නගුලට හසුවී මරුට….

November 23, 2021 at 8:02 am | lanka C news
මාමා සීසාද්දි අවුරුදු 5 දරුවා ට්‍රැක්ටරයේ නගුලට හසුවී මරුට….

වව්නියාව ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේදී අවුරුදු 5 ක් වයසැති කුඩා දරුවෙකු සී සාමීන් තිබූ ට්‍රැක්ටරයක නගුලට හසුවීමෙන් මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පවසයි.

මිය ගිය දරුවාගේ මාමා විසින් ට්‍රැක්ටරයෙන් ඉඩමේ වගාවක් සඳහා සී සාන අවස්ථාවේදී මිය ගිය දරුවා සමග සමග තවත් දරුවෙකු අසල සෙල්ලම් කරමින් සිට ඇති අතර එහදී එක වරම කුඩා දරුවෙකු ට්‍රැක්ටරය තුලට රිංගීමෙන් නගුලට හසුවී බරපතල තුවල ලබා ඇති අතර දරුවා එම අවස්ථාවේදිම වව්නියාව මහරෝහලට රැගෙන ගියද ඒ වන විටත් දරුවා මිය ගොස් සිට ඇති බවටද රෝහල වෛද්‍යවරුන් පැවසූහ.

අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණවලදී හෙලි වී ඇත්තේ දරුවා යම් විටක ට්‍රැක්ටරයේ කැරකෙන නගුල බැලීමට එකවරම රිංගීමට ගත් උත්සහයකදී නගුලට හසුවී මෙලෙස මිය ගොස් ඇති බවට සැක පල කරන බවටය.

අනතුරින් මිය ගොස් ඇත්තේ පාලමොට්ටෙයි ප්‍රදේශයේම පදිංචි 05 හැවිරිදි කේ.කදීසන් නැමති පිරිමි දරුවෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,305 views

Leave a Comment

Main News