රසායනික පොහොර මාෆියාවක්.. සහනාධාර කාබනික පොහොරවලට පමණයි.. හරිත කෘෂිකර්මය විතරයි.. බැරි අය යන්න..- ජනාධිපති

November 22, 2021 at 5:30 pm | lanka C news
රසායනික පොහොර මාෆියාවක්.. සහනාධාර කාබනික පොහොරවලට පමණයි.. හරිත කෘෂිකර්මය විතරයි.. බැරි අය යන්න..- ජනාධිපති

රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නැහැ. මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

රජයක් ලෙස කාබනික පොහොර බෙදාහැරීම, සහනාධාර ලබාදීම කාබනික ගොවිතැන වෙනුවෙන් පමණක් සිදුකරන බව ජනාධිපතිතුමා පවසයි. ගොවීන් නිසි ලෙස දැනුවත් කළ යුතුය. එමෙන්ම එය ක්‍රියාත්මක කිරීමේදී පවතින රසායනික පොහොර මාෆියාව පිළිබඳ හඳුනාගත යුතුය. ඒ සමග සටන් වැඳ නිවැරදි දේ ජයග්‍රහණය කරවීමට නිලධාරීන්ගේ කැපවීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

මහ කන්නයේ වගා කටයුතු සහ කාබනික පොහොර සැපයුම සම්බන්ධයෙන් අද (22) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

දිවයිනේ සියලු පළාත්වල වී ඇතුළු සෙසු භෝග වගා කටයුතු පිළිබඳව ජනාධිපතිතුමා දිස්ත්‍රික් මට්ටමින් නිලධාරීන්ගෙන් කරුණු විමසා බැලීය. පැවති අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය එළවළු ඇතුළු භෝග රැසක අස්වැන්න අඩුවීමට බලපා ඇත. එමෙන්ම කාබනික පොහොර බෙදාහැරීමේදී සිදු වූ ප්‍රමාදය නිසා මහ කන්නයේ වගා කටයුතුවලට බලපෑම් ඇති විය. එහෙත් දිස්ත්‍රික් මට්ටමින් සමස්ත වගා බිම්වලින් 70%කට ආසන්න භූමි ප්‍රමාණයක වගා කටයුතු ආරම්භ කර ඇති බව නිලධාරිහු පැවසූහ.

ගොවීන් උද්ඝෝෂණවල යෙදීමට සහ වගා කටයුතු ප්‍රමාද කිරීමට හේතුව ඔවුන් නිසි ලෙස දැනුවත් නොවීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. එලෙස දැනුවත් නොකිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා නිලධාරීන් වෙත සිය අප්‍රසාදය පළ කළේය. හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය තුළ සිටිමින් උද්ඝෝෂණය කරන ගොවීන් වෙනුවෙන් පිළිතුරු සෙවීමට නිලධාරීන් ක්‍රියා කළ යුතු බව අවධාණය කළ ජනාධිපතිතුමා, රජයේ ප්‍රතිපත්තියට එකඟ නොවන නිලධාරීන්ට ඉන් ඉවත් වීමට බාධාවක් නොමැති බවත් සඳහන් කරනු ලැබීය.

හිතට එකඟව පැහැදිලිව වැඩ කරන කණ්ඩායමක සහාය මෙම වැඩපිළිවෙළේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය බවත් ජනාධිපතිතුමා පැවසීය.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ, ආණ්ඩුකාරවරුන් වන මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, අනුරාධ යහම්පත්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, යන මහත්ම මහත්මීහු කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ ඊට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීහු, කාබනික පොහොර නිෂ්පාදකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

61,190 views

35 Comments to “රසායනික පොහොර මාෆියාවක්.. සහනාධාර කාබනික පොහොරවලට පමණයි.. හරිත කෘෂිකර්මය විතරයි.. බැරි අය යන්න..- ජනාධිපති”

  1. දූශිත සමස්ත ක්‍රමවේදය බැහැර කළ යුතු කාළය බව අවධාරණය කරන්නෙමු,.! says:

    ”වංචාව දූශණය” ත්‍රස්ථවාදයද සමගින් ක්‍රමවේදයන් රටතුළ පවත්වාගෙන යාම සඳහා ආර්ථික ශක්තියක් කුඩා දිවයින තුළ නොමැත,.ආර්ථික ශක්තියක්ආර්ථික ශක්තියක්, තිබුනද බුද්ධිමතුන් ලෙස දූශිත සමස්ත ක්‍රමවේදය බැහැර කළ යුතු කාළය බව අවධාරණය කරන්නෙමු,.!

    ” බොරැ පොරොන්දු දෙමින් ”වංචාව දූශණය” ත්‍රස්ථවාදයද සමගින්, සහ දූශිතයන් රඡකරවනා දැවැන්ත මුදලක් කාබාසිනියා කරමින් බළ අරගළයන් සඳහා විදේශ අතපෙවීම් වලට ඉඩප්‍රස්ථා සලසමින් අවුරැදු පහෙන් පහට නානාවිධ චන්ද පවත්වමින් සිදුකරණා දූශිත ක්‍රමවේදයන් වහාම නවතා ස්ථීර, අචළ දූශණය වංචාවෙන් තොර පාළණක්‍රමවේදයක් ශ්‍රීළංකාව තුළ ස්ථාපනය කරවීම සඳහා ඵකාවන්ව කටයුතු සිදු කළයුතු බව අවධාරණය කර සිටින්නෙමු,.!

    ”වංචාව දූශණය” ත්‍රස්ථවාදයද සමගින් ක්‍රමවේදයන් රටතුළ පවත්වාගෙන යාම සඳහා ආර්ථික ශක්තියක් කුඩා දිවයින තුළ නොමැත,.ආර්ථික ශක්තියක්ආර්ථික ශක්තියක්, තිබුනද බුද්ධිමතුන් ලෙස දූශිත සමස්ත ක්‍රමවේදය බැහැර කළ යුතු කාළය බව අවධාරණය කරන්නෙමු,.!

    ” බොරැ පොරොන්දු දෙමින් ”වංචාව දූශණය” ත්‍රස්ථවාදයද සමගින්, සහ දූශිතයන් රඡකරවනා දැවැන්ත මුදලක් කාබාසිනියා කරමින් බළ අරගළයන් සඳහා විදේශ අතපෙවීම් වලට ඉඩප්‍රස්ථා සලසමින් අවුරැදු පහෙන් පහට නානාවිධ චන්ද පවත්වමින් සිදුකරණා දූශිත ක්‍රමවේදයන් වහාම නවතා ස්ථීර, අචළ දූශණය වංචාවෙන් තොර පාළණක්‍රමවේදයක් ශ්‍රීළංකාව තුළ ස්ථාපනය කරවීම සඳහා ඵකාවන්ව කටයුතු සිදු කළයුතු බව අවධාරණය කර සිටින්නෙමු,.!

  2. හෙළයන්ගේ දිවව්‍ය භෝඡනයන්..! says:

    රටින් පිට ඡීවත්වන බොහෝ ශ්‍රී ළාංකිකයන් හෙළයන්ගේ දිවව්‍ය භෝඡනයන් වන්නා වූ ”කොස්, පොලොස්, දෙල් පොල් මාළු කරවල පොල්සම්බල් වැනි දෑ දකින්නේ සිහිනයෙන් පමණක්ම බවද සිහිතබාගතයුතුයි ,.!

  3. දේශීය ආහාර පාසැල් තුළින් ප්‍රවරධනය කළ යුතුයි,.! says:

    මොන්සැන්ටෝ කාළබෝම්බ නොහොත්” “බීඡ සංහාරක”
    පසතුල වසර දසදහස්ගනන් පැවත ඵන්නාවු සියළුම ශාකබීඡ වනසා දමනුයේ කුමන්ත්‍රණකාරී ලෙසයි,.!

    ” පස තුළ ඡිවත්වන පසට සරැබව සපයන සියළු ගැඩවිලන් පණුවන් මරාදමා පසේ ස්වාභාවික, සවභාවධර්මයේ ප්‍රතික්‍රීයාවන් සම්පූර්ණයෙන්ම විණාශකර මින් මාත්‍රෘභුමිය නිසරැපසක් සහිත ඡිවයෙන් තොර මුඩුබිමක් බවට පත්කරමින් පොහොර සමාගම් වල වහලුන් බවට පත් කරන අතර,..
    පලිබෝධ නාශක, ක්‍රෘමිණාශක වසවිසට ඹ්පපාතික කම්මැලි ගොවියන් සුකෂමලෙස හුරැ කරමින් ”සවභාවධර්මයෙ ආහාරදාමයන් වු මැඩියන් කුරැල්ලන් ස්පයින් සමුළඝාඨනය කරමින් කපුටෙක් මයිනෙක් දෙමලිච්චෙක් ඇසට හසුනොවනා සේ සංහාරය කරන ලදී,.!

    ”ආහාරදාමයන්ගේ පුරැක් විනාශ වීමෙන් ක්‍රෘමිහානි පලිබොධ හානි වගාවන්තුළ ඉතා සීග්‍ර ලෙස පහුගිය දශක කීපයතුලම තීව්‍රෘර වී ඇති අතර., කාළය සමග වැඩිවැඩියෙන් සිදුවන ක්‍රෘමිහානි සඳහා අධිකවියදම් දරමින් වැඩිවැඩියෙන් ක්‍රෘමිණාශකද භාවතාකිරීමට නිරායාසයෙන් සිදුවනු ඇත,.!
    ”මාත්‍රෘභුමියේ සවභාවය, සවහාවධර්මය පිළිබඳව අනාවබොධයෙන් කල්යල්බලා ගොවිතැන්කිරීමට නොදත් කල්ලතොනි ගොවියන්ට මාත්‍රෘභුමියතුල ගොවිකම් කිරීමට අවැසි දැනුම බුද්ධිමත් ගොවි ඡාල ස්ථාපිත කරමින් දැනුවත් කිරීම සඳහා නොපමාව පියවර ගතයුතුයි,.!
    දේශීයභෝග ආහාර විවිධාංගකරනයට ලක්කළ යුතුයි, ආහාර රටාවන් වෙනස්කර ගතයුතුයි,.!

    ”කොස් දෙල් අල බතල ගහල, මහ මුහුදේ මතස්‍ය සම්පතද ඇතුළුව දහසස්ගනනින් යුත් ආහර භෝග සදහා ඡාතියක්වශයෙන් යොමුවිය යුත කාළයයි ,.!”
    ”සබුදධිකව සැබෑ වෙනසකට මනස සකස් කර නොගන්නා පිරිස් , මහමුහුද දෙස මුව අයා බළාසීටිනා රටආක්‍රමණය කරනාලද කල්ලතෝනි නිසාවෙන් ඡාතික ප්‍රතිපතති අවුල් කර නොගත යුතුයි,.!

    ”පාළකයන් විසින් ඡනයාගේ ආහාර රටාවන් දේශීයත්වය අනුව වෙනස්කර ගැනිමට සැළසුම් සකස්කළයුතුයි, දේශීය ආහාර පාසැල් තුළින් ප්‍රවරධනය කළ යුතුයි,.!

    (”රටින් පිට ඡීවත්වන බොහෝ ශ්‍රී ළාංකිකයන් හෙළයන්ගේ දිවව්‍ය භෝඡනයන් වන්නා වූ ”කොස්, පොලොස්, දෙල් පොල් මාළු කරවල පොල්සම්බල් වැනි දෑ දකින්නේ සිහිනයෙන් පමණක්ම බවද සිහිතබාගතයුතුයි ,.! )

Leave a Comment

Main News