සිම්බාවේ සිට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්… කාන්තා ක‍්‍රිකට් පිල සිම්බාවේ සිරවේ..

November 27, 2021 at 12:40 pm | lanka C news
සිම්බාවේ සිට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්… කාන්තා ක‍්‍රිකට් පිල සිම්බාවේ සිරවේ..

මේ දින වල සිම්බාබ්බේ තරග සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම යලි ගෙන්වාගැනීම අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබේ.

ඊට හේතු වී ඇත්තේ අප්‍රිකානු කලාපයේ පැතිරී යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය හේතුවෙන් සිම්බාවේද ඇතුළු රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණීම තහනම් කර තිබීමයි.

මෙම තත්වය මත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට ගෙන ගෙන්වාගැනීම සමඟ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම ක්‍රියාමාර්ගයක් ගැනීමට නියමිත බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සමගින් ද තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

45,294 views

7 Comments to “සිම්බාවේ සිට ශ‍්‍රී ලංකාවට ඇතුළු වීම තහනම්… කාන්තා ක‍්‍රිකට් පිල සිම්බාවේ සිරවේ..”

  1. cobra says:

    ක්‍රීඩා ඇමති මෙයට වගකිව යුතුයි

    • SL says:

      අප්‍රිකාවේ හැදෙන නව වයිරස් ප්‍රභේධයට ද ?

      මුන්ට හැම මගුලක් ම දේශපාලනේ ට ගාව ගන්න ඕනේ. ඉතින් යකෝ පාර්ලිමේන්තුවක්, රටක් හරියට හැදෙයිද.

      මොනවා උනත් නාමල් ක්‍රීඩා කණ්ඩායම් වලට හොඳ මගපෙන්වීමක්, දායකත්වයක් දෙනාව .ඒක පිළිගන්න බැරිනම් ඉතින් පාට පාට කන්නාඩි කාරයෙක් තමා .

      • sunimal says:

        අප්‍රිකානු කලාපයේ පැතිරී යන නව කොරෝනා වෛරස් ප්‍රභේදය ගැන නොදැනද ක්‍රීඩා ඇමති ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සිම්බාවට යැව්වේ .. එනිසා මුළු ක්‍රිකට් කණ්ඩායම අනතුරේ හෙලීමක් මෙන්ම අපේ රටෙත් වෛරසය පැතිරීම සිදු වීමෙන් මුළු රටම අනතුරේ හෙලීමක් නේද ? ඇමතිලා දුර දිග නොබලා ගන්නා තීරණ නිසා අපේ රටයි අනතුරේ වැටෙන්නේ ..ඇමතිලා කරන්නේ ඔවුන්ගේ මඩිය තර කරගැනීමක්

        • පාට පාට කණ්නාඩි says:

          පරක්කු වෙලා හරි ලියන්න හිතුන, හොයල බලපන් කවද්ද ටීම් එක ගියේ, කවද්ද ඔය නව ප්‍රභේදය හොයාගත්තේ කියල.
          අපි විතරක් නෙවයි ,ඇමෙරිකානු කාන්තා ක්‍රිකට් ටීම් එකත් සිම්බාබ්වේ ආව ……………….

          ගොන් නාම්බෝ ඉන්නකල් ඉතින් පාට පාට පාට කන්නාඩි තමා

  2. Citizen says:

    Just get them here and quarantine with PCR. Not a big deal. We have done that before.

  3. John the baptice says:

    Ukrain අයට මෙය බල පාන්නේ නැහැ ලැජ්ජයි.

Main News