ශ‍්‍රී ලංකාව බටහිර ණය උගුලෙන් බේරාගත්තේ අපයි..- චීනය ලෝකයටම කියයි..

November 30, 2021 at 9:20 am | lanka C news
ශ‍්‍රී ලංකාව බටහිර ණය උගුලෙන් බේරාගත්තේ අපයි..- චීනය ලෝකයටම කියයි..

චීනය විසින් ශ්‍රී ලංකාව බටහිර රටවල ‘ණය උගුලෙන්’ බේරාගත් බව කොළඹ චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පෙන්වාදී ඇත්තේ 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් හම්බන්තොට වරාය බදු දීමට සූදානම් වූ අවස්ථාවේදී මෙලෙස චීනය විසින් උපකාරයට ඉදිරිපත්ව ශ්‍රී ලංකාව ණය උගුලකින් බේරාගෙන ඇති බවයි.

චීනය ප්‍රකාශ කරන ආකාරයට 2017දී ශ්‍රී ලංකාවට හම්බන්තොට වරාය බදුදීමට සිදුවූයේ ඒ වනවිට ගෙවීමට නියමිතව පැවැති අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර (ISB) ‍වෙනුවෙන් ඩොලර් නොමැතිවීම හේතුවෙනි. එසේ නොමැතිව චීන ‘එක්සිම් බැංකුවට’ ගෙවීමට තිබූ ණයක් පියවීම සඳහා වරාය චීනයට ලබානොදුන් බව තානාපති කාර්යාලය සඳහන් කරයි. එම අර්ථයෙන් ගත් කළ 2017දී චීනය විසින් හම්බන්තොට වරාය බදු පදනමින් ලබා ගැනීමෙන් ශ්‍රී ලංකාව සිරවීමට තිබූ අන්තර්ජාතික ණය උගුලෙන් රට බේරා ගැනීමට තම රාජ්‍යය දායක වී ඇති බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

එසේම මේ දක්වා ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ත විදේශ ණය ප්‍රමාණයෙන් චීනය වෙතින් ලබාගෙන ඇත්තේ 10%ක් එනම් ඩොලර් මිලියන 3388.2ක් පමණක් බවද ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා උපුටා දක්වමින් තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

– Aruna

91,053 views

33 Comments to “ශ‍්‍රී ලංකාව බටහිර ණය උගුලෙන් බේරාගත්තේ අපයි..- චීනය ලෝකයටම කියයි..”

  1. බන්ඩා says:

    ණයට අරන් කෑවා නම් කාගෙන් ගත්තත් ණය ගෙවිය යුතුය්.

    • Kaspersky says:

      එදා අනුර කුමාර මෙන්ම විමල් වීරවංශත් සීපා සහ එක්ටා ගිවිසුම් වලට එරෙහිව මාරාන්තික විරෝධයක් පෑවා.
      ලංකාව එම ගිවිසුම් වලට එලඹිලා හිටියනම් අද පරිප්පු,අල,ළුෑණු,පොහොර නැතිවෙන්නේ නෑ.මන්ද එම ගිවිසුම් වල පිහිටෙන් ඩොල්ර් නැතිව වුවද පරිප්පු,අල,ළුෑණු පමණක් නොව වාහනද ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කරන්න තිබුනා.
      CEPA හා ECTA ගිවිසුම් වලට ලංකාව එළඹීම වැලැක්වීම පසුපස සිටියේ IMF, ලෝක බැංකුව හා මහා බ්‍රිතාන්‍යයයි.
      හේතුව ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ මත ආණ්ඩුවට හිතුමතේ බදු පැනවීමට නොහැකිවන නිසා ජනතාව මත පටවන බදු මුදලින් ගෙවන IMF හා ලෝක බැංකු ණය වාරික හා පොලී අයකරගැනීමට CEPA හා ECTA ගිවිසුම් බාදාවක් යයි යන දෘෂ්ඨියයි.

  2. Gamini says:

    China lorns come with 3rd party commission and this politicians reach china as no records of lorns. But western country lorn come without commission and need to give a spending in details.

  3. බුවනෙක says:

    Gonek novi poddak hoyala balanpan atthatama apita kauda udau kanne kiyala, deshapaluwo kiyana boru baila gediya pitin gilinne nathuwa, ape rate export market ekata wadiyenma udau karanne kauda kiyala, china karanne econonically viable nathi porject walata naya deela ewwa gewanna bari unama econimically important properties and lands hilauwata illanawa. un dannawa lankawe inna deshapaluwo naya gaddi mulikathwaya denne, Comis kuttiya diha balala kiyala, samahara minissu innwa inna hitinna thanak naa, hari haman adayam margayakuth naa, habai loketa penna wahana thiyan naya gewa gewa duk vidinawa. oluwak thiyanawanam yamdeyak kiyawa therum ganna puluwan nam hoyala balapan. IMF eken nayak ganna ekada honda, china walin ganna ekada kiyala, iMF eke rules and regulations danne ratawal wattanna newei ewwa diunu karanna saha ewage human rights and fundamental democracy ensure karanna. “”https://tradingeconomics.com/sri-lanka/exports”. ubata jeewathwena margayak hadala dena ekada, nattham hamadama ubata naya deela ubawa eka thanama thiyanna hadana ekada wadagath kiyala balapan.

  4. mangala says:

    ගිනි පොලියට ණය ඇරගන ආර්ථිකව ලාබදායි නොවන ව්‍යාපෘති වල යෙදවීම තමයි මේ ණය උගුලට හේතුවයි. උදාහරණ ලෙස අපි හැදු අධිවේගී මාර්ග වලින් ලාබයක් ඉපයිය හැක්කේ කටුනායක අධිවේගී මාර්ගය පමණයි. එත් තව අවුරුදු 35කින් පසුව. අනිත් ඔක්කොගේම ආදායමට වඩා නඩත්තු වියදමත් වැඩියි. ණය වාරික ගෙවන්නේ සම්පුර්ණයෙන්ම මහජන බදු මුදලින්. ඉතිං තේරුම් ගන්නකො අදායමක් එන අධිවේගී මාර්ග වලිනුත් මෙහෙම නම්, අදායමක් නැති ව්‍යාපෘති කියක් තියනවද ? ණය වාරිකවලට වඩා පොලි ගෙවන්න වෙලා තියෙන්නේ.

    • dev says:

      gon katawak apahu.
      janatawage welawa tamai pratilabaya. eken artikaya goda yanne

      oya JVP da. ha ehenam terena ekak naa. kamkruwan gana hitanna

    • Sajja says:

      ගොං කතා කියන්න කලින් මොලයක් ඇත්නම් බලන්න චිනේ ණය සමස්ථ නයෙන් සියට කීයක් ද කියලා.

    • Disce ammata discede says:

      ගෙදරට වාහනයක් ගන්න එපා. මල් පැලයක් ගන්න එපා. කක්කුස්සියක් හදන්න එපා.
      ලාබයක් එන්නේ නෑ.
      පයින් යන්න.
      කැලේ ට ගිහින් කරල එන්න.

  5. රට ජාතිය විනාශකිරීමට උත්සාහ දරනු ලබයි! says:

    චීනය නොසිටින්නට බටහිරයන්, මෝඩ හීනමානසික උද්දච්ච, ජේත්තූකාර ශ්‍රී ලාංකික පාළකයන් රවටා ජනයා සමූළගාතනයකර හූමිය අත්පත්කරගැනීම කර අවසන්!

    ජීවිතය නිවැරදිව නොදකින වංචනික මෝඩ තිරිසන් පාළකයන් රට ජාතිය විනාශකිරීමට උත්සාහ දරනු ලබයි!
    චීනය අපේ සදාදරණීය මිතුරා!

  6. jagath says:

    api rena goo tikak pariksha karaama american piti thamai thiyenne

  7. D.Nimal says:

    Reasonable claim by PRC Embassy in Colombo. PRS is outstanding friend of Sri Lankan since 1951 of Rubber-Rice Pact of Trade agreement for several decades between two countries.
    PRC set of rage of policies are Not seek Hegemony in world time of by Chairman Mao Zedong governances in that People’s Republic.

  8. jude perera says:

    antheemeta jcheenata pawara gaththa

  9. K de Silva says:

    චිනේ ණය උගුලක් නැත. 90% ක්‌ ණය තියෙන්නේ චිනෙත් එක්ක නොවේ.
    මෝඩ අලි සීනු ටෙලිපොන් කාරයන්ට ඒක තේරුම් ගන්න බෑ. ලොක්කො කියන ඒවා වමාරනවා විතරයි.

Main News