බැසිල්ට මහින්දගේ අලූත් පක්ෂයේ ඉහලම තනතුරක්…
September 27, 2016 at 12:00 pm | lanka C news
ඒකාබද්ද විපක්ෂය විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් පිහිටුවීමට නියමිත බව කියන නව දේශපාලන පක්ෂයේ විශේෂ කාර්යයක් හිටපු ඇමති බැසිල් රාජපක්ෂට පවරා ඇති බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සංසදය පවසයි.
එහි කැදවුම්කරු හිටපු ප්රාදේශීය සභා සභාපති උදේනි අතුකෝරල පවසන්නේ නව පක්ෂයේ තනතුරු නම් කිරීම මේ වන තෙක් සිදු කර නොමැති නිසා එතෙක් සියලූම දෙනාගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙස කටයුතු මෙහෙයවන බවයි.
නව පක්ෂයේ නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග නව පක්ෂයේ කටයුතු සම්බන්ධීකරණය බැසිල් රාජපක්ෂ මහතාටත් පැවරීමට තීරණය කලේ යයිද ඔහු පැවසීය.