අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සදහා කූපන් ක්‍රමයක්…
December 19, 2021 at 10:02 pm | lanka C news
පවතින ආර්ථික අර්බුද හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
ඉන් ඉන්ධන භාවිතය අඩු කර ගැනීමේ හැකියාවක් ඇති බවද ඔහු පැවසීය.
ආණ්ඩුව මේ වන විට අමාරු කාලයකට මුහුණ දී ඇති ජනතාවටත් එක්තරා අමාරුකම්වලට මුහුණ දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
තමන්ට බැරිබව තේරෙනව නම් මහජනතාව තවත් පීඩාවට පත් නොකර සුරසැප හොයන කාලකන්නි පාලක හැත්ත අයින් වෙලා යන එක නේද හරි. බදාගෙන ඉන්නේ රට සූරාකෑමට නේද.
ඇමති වරුන්ගේ නොමිලේ දෙන ඉන්දන කුපන් අවලංගු කරනු.
Avalangu nemei seemawak panvanna!
මෙහෙම ගිහින් ගිනිමැලයක් ගහන් කොළ අතු ටිකක් ඇදන් මීමින්නෙක් දඩයම් කරන් කාල ඉන්න කාලෙත් වැඩි ඈතක නෑ වගේ.ලෝකෙ ඉස්සරහට යද්දි ලන්කාවට ගල් යුගය අරන් ආව බයි බ්රෝලට රොම්බ තෑන්ක්ස්.
ඇත්ත ම කිව්වොත් මිනිස්සු න් ට දෙන ලොකුම සහනය තමා මේ වගේ කාලක්නනී රටේ මහජන මුදල් කාබාසිනියා කරන දේශාපාලු ගොන් පා Ka යො ගෙවල් වල යවන එක. මුන් ට එතකොට බලන්න පුළුවන් රජයේ වැටුප්, දීමනා, ස්කොඩ්, ගෙවල් , වාහන නැති වෙනකොට වෙන දේ.
අපේ ගොයියෝ කාබනිකව වවන්න දන්නෙ නෑ.
කෘෂි උපදේශකයෝ කාබනිකව වවවන්න උපදෙස් දෙන්න දන්නේ නෑ.
වහ දාල හදපු කෑම කාල මිනිස්සු ලෙඩ වෙනවා.
ඔන්න ඕකයි කාරණය.
කැබිනට් එකේ ඉන්න අසාර්තකම ඇමති වාසුදේව. ඇතැම් තක්කඩි දේශපාලුවන්ගේ ජල බිල්පත් මිලියන ගනන්. උන්ගෙන් ඒවා අයකරගැනීමට ඉඩ නොදෙන්නේ වාසු .සාමාන්‍ය පාරිභෝගිකයෙක් රු. 1500 ක මාස 3 ක ජල බිල්පත නොගෙව්වොත් ජලය කපා හරිනවා .මීලග ඇමති මංඩල සංශෝධනයේදී මේ වගේ ඇමතියෝ කනෙන් ඇදල එලියට දැමිය යුතුයු.
මම හරිම ආසයි මේ ක්‍රමයට මොකද ඉස්සර සිරිමාවෝගේ කාලෙත් තිබුණේ මේ ක්රමයටලුනේද?ඉතින් එක අපිට කියන දෙයක්නේ නමුත් ඒ ක්‍රමය අපිටත් අත්විඳින්න වුවිට සිතාගන්න පුළුවන් ක්රමයේ ලස්සණ සහා වටිනාකම.
තමන්ට බැරිබව තේරෙනව නම් මහජනතාව තවත් පීඩාවට පත් නොකර සුරසැප හොයන කාලකන්නි POHOTTU පාලක හැත්ත අයින් වෙලා යන එක නේද හරි. බදාගෙන ඉන්නේ රට සූරාකෑමට නේද.