ඩොලර් නොගෙවුවොත් ඉන්ධන නෑ..- තෙල් සංස්ථාව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට වෙත දැනුම් දේ…
December 20, 2021 at 12:01 am | lanka C news
ඩොලර් වලින් ගෙවීම් සිදු නොකරන්නේ නම් තවදුරටත් ගුවන්යානා ඉන්ධන ලබා නොදෙන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට බලශක්ති අමාත්‍යාංශය නිල වශයෙන් දැනුම් දී තිබේ.
රාජ්‍ය බැංකු හරහා තෙල් සංස්ථාවට ගෙවීම් කරන්නැයි ජාතික ගුවන් සේවයට දැනුම් දෙන බව අමාත්‍යාංශයේ ලේකම්වරිය සඳහන් කළාය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම, විදුබල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන කිහිපයකට ඉන්ධන ණයට දීම හේතුවෙන් තෙල් සංස්ථාවේ මූල්‍ය බර ඉහළ යමින් ඇතැයි ද ඇය පැවසුවාය.
දැන් අලුත්ම සීන් එක ඩොලර් නැහැ. ඩොලර් නැහැ කිය කියා මතුරන එකයි. මුං මිට මාස 6කටත් පෙර සිට අරක මේක ගේන්න ඩොලර් නැහැ කියන්නේ. නමුත් තෙල් නැතුව ගියෙත් නැහැ. හාල් නැතුව ගියෙත් නැහැ. මේ ඔක්කොම වෙලද මාපියාවන්. කිසිදු දිනක පුද්ගලකීකරනයක් රටක ජනතාවට නොගැලපෙන බව දැන් හොදින් වටහා ගන්න.
නමුත් පුද්ගලිකකරණය නොකරන ආයතන වල දූෂණය වංචාව වැඩි. නැත්නම් තෙල් සංස්ථාව.වරාය, විදුලිබල. ක්‍රිකට් හැමවෙලේම මූල්‍ය අර්බුද වල ඉන්නේ ඇයි.
රට ගොඩනගන්න නම් ජාතික ජන බල වේගය සමග එක්වෙමු. හොරු නැති එකම පක්ෂය. වෙන විකල්පයක් නැත. වසර 73ක් මුන් සමග හිටියා දැන් ඇති.