ලේක්හවුස් දූෂිත ලාමකයෙක් ගැන ජනපතිට ලිපියක්.. හොරකම් රැසක් හෙලි කරයි.. පුතා ගෙදර යවන්නැයි ඉල්ලයි..

January 3, 2022 at 12:02 am | lanka C news

ලේක්හවුස් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න මහතාට සිය සභාපති පුටුව අහිමි වුයේ ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂවරයකු නිසා බැවින් එම අධ්‍යක්ෂවරයා ඉවත් කර ආයතනයේ වංචා දුෂණ නොවන තැනට පත් කරන ලෙස සේවකයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් ලියමින් ඉල්ලා තිබේ.

ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ ධුර 5 න් 4 ක්ම නියෝජනය වන්නේ නිතීඥවරැ 4 දෙනකුගෙනි. එම නිතීඥවරැ 4 දෙනා අතරින් 3 දෙනකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිතීඥ වෘත්තීය සංගමයේ සමාජිකයන් වෙති. මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ මහජන එක්සත් පෙරමුණට අනුබද්ධ නීතිඥ සංගමයේ සාමාජිකයෙකි. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ පක්ෂය වෙනුවෙන් එම ධුරය ලබා දී තිබේ.

අධ්‍යක්ෂ නීතීඥ රඛිත අබේගුණවර්ධන , මුල්‍ය අධ්‍යක්ෂ නීතීඥ ජනක ගුණවර්ධන, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතීඥ කණිෂ්ක විතාරණ සහ සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න එම අය වෙති.

මේම අධ්‍යක්ෂවරැ අතරින් එක් නීතීඥ අධ්‍යක්ෂවරයකු තම තනතුරට ආදාල නොවන දෙපාර්තමේන්තු 8 ක් පමණ තම අධ්‍යක්ෂ තනතුරට පවරා ගෙන කටයුත්තු කර තිබුණේ සභාපතිතුමාගේ කපටි ආරක්ෂකයකු ලෙස පෙනී සිටිමිනි.

ආයතනයේ දෙපාර්තමේන්තු අතරින් අළෙවි දෙපාර්තමේන්තුව මගින් රිටන් පුවත්පත් විකිණීමේ ටෙන්ඩරය මගින් රැපියල් මිලියන ගණනක් කොමිස් ලබා ගැනීමට අදාළ නීතීඥ අධ්‍යක්ෂ කටයුතු කර ඇති බව සේවකයන් පවසති.

එමෙන්ම ප්‍රචාරණ දෙපාර්තමේන්තුව මගින් යාපනය , කූරගල යන ප්චාරණ ව්යාපෘති මගින් වංචා කර ඇති බව හෙලිව තිබේ. එමෙන්ම ලේක්හවුස් ආයතනයට බස් රථ දෙකක් මිලදී ගැනීම් මගින් නීතීඥ අධ්‍යක්ෂවරැ දෙදෙනෙකු ලබා ඇති කොමිස් මුදල ලක්ෂ 14 ක් බවද එය අදාල සමාගමෙන් ලබා ඇති බවද සේවකයන් ජනපතිට යැවු ලිපියේ සදහන්ව තිබේ.

මේ සියලු වංචා යට ගැසීමට ආදාළ නීතිඥ අධ්‍යක්ෂ කටයුතු කර තිබුණේ ලේක්හවුස් අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ ප්ධානී ලෙස තම සුවච කීකරු මිතුරියක පත් කිරීමෙනි. ඇය සේවය සදහාද බදවා ගෙන ඇත්තේ මුලික වැටුප + මෝටර් රථ දීමනාව + ඉන්ධන දීමනාව සහිත රැ 170,000/= වැටුප් පැකේජයක් ලබා දෙමිනි.

කොරෝනා සමයේ ලේක්හවුස් ඉහළ කළමණාකාර වරැවන සාමාන්‍යාධිකාරී (වැ.බ) , නි. සාමාන්‍යාධිකාරීවරැ සහ ජේෂ්ඨ කළමණාකාරවරැන්ට ඉන්ධන සහ මෝටර් රථ දීමනාව නොගවු කාලයේ පවා ප්‍රධාන අභ්‍යන්තර විගණන වෙත ඉන්ධන සහ මෝටර් රථ දීමනාව හිමි වන ලෙස අදාළ අධ්‍යක්ෂ කටයුතු කර තිබුණේ තම වංචා දුෂණ යට ගසා ගැනීමට බවද සේවකයන් පවසති.

ලේක්හවුස් සභාපතිතිගේ බලය අයුතු ලෙස ගෙන කටයුත්තු කළ වංචා දුෂණ කළ නීතීඥ අධ්‍යක්ෂ සිටියදී සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව් දයාරත්න පමණක් ඉවත් කිරීම සාධාරණ නැති බව සේවකයන් පවසති.

සභාපති බලය අයුතු ලෙස පාවිච්චි කරනු ලබන සභාපතිතුමාගේ පොඩි පුතා ලෙස හදුන්වන නීතීඥ අධ්‍යක්ෂද ඉවත් කර වංචා දුෂණ තුරන් කරන ලෙස සේවකයන් ජනාධිපතිතුමාගෙන් සේවකයන් ඉල්ලති.

ලේක්හවුස් සභාපතිවරයා නිතීඥ අධ්‍යක්ෂගේ දුෂණ වංචා සම්බන්ධයෙන් නිසි තීන්දු නොගැනීම සහ එම කටයුත්තු නැවැත්වීමේ කටයුතු නොකිරීම වෙළෙද , මානව සම්පත්, ප්‍රචාරණ, දෙපාර්තමේන්තුවල පැවැති දුෂණ වංචා නැවැත්වීමට කටයුතු නොකිරීම නිසා ආයතනයට සිදුවු රැපියල් මිලියන ගණනක අලාභය නිසා සභාපතිවරයාට තනතුර අහිමි වන තැනට පත්ව තිබේ.

කෙසේ වෙතත් මේ දක්වා සභාපතිවරයාට සෘජු දුෂණ වංචා චෝදනා එල්ලව නැත. නීතිඥ අධ්‍යක්ෂ ගේ දුෂණ වංචා නැවැත්වීමට අසමත් වීම මගින් සභාපතිවරයාට වක්‍රව දුෂණ වංචා චෝදනා එල්ලව ඇති බවද ලේක්හවුස් සේවකයන් එම ලිපියෙන් ජනපතිට අවධාරණය කර තිබේ.

ලේක්හවුස් ආයතනය 1 වසරේ සිට 12 වසර දක්වා අධ්‍යාපන ප්කාශන සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුදුණය කිරීමෙන් රැපියල් මිලියන ගණනක් අලාභ ලබා තිබේ. අදාළ අධ්‍යාපන ප්කාශන රිටන් පැමිණීම වඩාත් ලාභ දායී වී ඇත්තේ රිටන් පුවත්පත් විකිණීමේ ජාවාරමෙන් කොමිස් ලබන නීතීඥ අධ්‍යක්ෂවරයාට බැවින් අලාභ වුවද එම ප්කාශන මුදුණය කරන බවද සේවකයන් ජනපතිට ලියු ලිපියේ පෙන්වා දී තිබේ.

සභාපති ,කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සහ තවත් නිහඩ අධ්‍යක්ෂවරයකු අදාළ නීතීඥ අධ්‍යක්ෂ සහ තවත් නීතීඥවරයකු වන අධ්‍යක්ෂවරැගේ ප්හාර නිසා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වවලදී අසරණව හොරකම් වංචා සදහා ගෙනයන කූට කටයුතු නොදැනෙන ලෙස නිහඩ කර ඇති බවද සේවකයන් ජනපතිට යැවූ ලිපියේ සදහන්ව තිබේ.

එම නිසා සභාපති ඉවත් කිරීම මගින් ලේක්හවුස් දුෂණ වංචා නැති කළ නොහැකි බැවින් දුෂණ වංචාවල නිරත නීතීඥ අධ්‍යක්ෂද ඉවත් කරන ලෙස සේවකයන් ජනපතිට යැවු ලිපියේ සදහන්ව තිබේ.

29,952 views

5 Comments to “ලේක්හවුස් දූෂිත ලාමකයෙක් ගැන ජනපතිට ලිපියක්.. හොරකම් රැසක් හෙලි කරයි.. පුතා ගෙදර යවන්නැයි ඉල්ලයි..”

  1. 3% ට බය බයියා. says:

    සීනි හොරාට පත්තර හොරුන්ගෙන් ලිපියක් .

  2. King Bull says:

    ගුරා හිටගෙන නම්, ගෝලයෝ දුවදුව. ( රටකට ගිය කලක් )

  3. සකු says:

    රජයෙ සේවය කියන්නෙ දූෂණ යෙන් පිරුණු ජරා වලක්. රටට බරක්

  4. Chamara says:

    ඔව් ,ඔව් දැන් කියපු ගමන් ඔය කියන පොරට දැඩි දඬුවම් දේවි.අනේද කියන්නෙ.මේ රටේ ඉහල ඉඳල පහලටම ඉන්නෙ හොරු.

  5. සහන් says:

    එන්න අපි ජෙප්පොන්ට බණීමු

Main News