ඩුබායි, සිංගප්පූරුව වී ගොවිතැන් නෑ.. නමුත් ඒ රටේ ජනතාව බඩගින්නෙ ඉන්නෙ නෑ..
January 6, 2022 at 1:20 pm | lanka C news
කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතන හතරක් මේ වන විට රුපියල් මිලියන 825ක ලාභයක් උපයා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දෙන්නේය. ජනවසම, මිල්කෝ,පොස්පේට් හා NLDB යන ආයතන මීට වසරකට පෙර රුපියල් මිලියන 3850ක් පාඩු ලැබූ බවද අමාත්‍යවරයා සදහන් කළේය. මේ තොරතුරු නොදන්නා සමහර අය කෘෂිකර්ම අමාත්‍යාංශය ෆේල් කියනවා යැයිද අමාත්‍යවරයා කීවේය.
පොස්පේට් රාජ්‍ය සමාගමට වසර පනහක් පිරීම නිමිත්තෙන් කොළඹ වෝටර්ස් එජ්හි පැවැති උත්වයකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.
“බොහෝ අය අපේ රටේ ආහාර හිඟයක් ඇතිවිය හැකි බවට මත පළ කරනවා. ඩුබායි රටේ මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නෙ නෑ. නමුත් ඒ රටේ ජනතාව බඩගින්නෙ ඉන්නෙ නෑ. හැම රටක්ම ආහාර හිඟයක් ඇති වුණොත් තියෙන තැනකින් ආහාර ද්‍රව්‍ය ලබා ගන්නවා. පොස්පේට් පොහොර ආයතනය කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පැවැරුණේ මීට මාස හයකට පෙරයි. ඒ වනවිට මේ ආයතනය පාඩු ලබන තත්ත්වයකට පත්ව තිබුණා. නමුත් මේ වනවිට එම ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කර ගන්න අපිට පුළුවන්කම ලැබිලා තිබෙනවා. හෙක්ටයාර් 17 ක් පුරා විහිදී ඇති පොස්පේට් නිධිය මෙ.ටොන් මිලියන 60ක ධාරිතාවකින් යුක්තයි. නමුත් ඉකුත් වසර පනහ තුළ එයින් ප්‍රයෝජනයට ගෙන ඇත්තේ 3% ක් පමණයි. ඒ කියන්නේ වසරකට 0.06% ක්. ඒ අතීතය අපි වෙනස් කරලා ඉදිරි මාස දෙක තුනක් ඇතුළත පොස්පේට් පොහොර නිෂ්පාදනය දෙගණයකින් වැඩි කරන්න කටයුතු කරන්න කියලා මම උපදෙස් ලබා දී තිබෙනවා. පොස්පේට් පොහොර සමාගම අලෙවි කරන්නේ කිලෝ 50ක බෑගයක්, රුපියල් 550 වුණත් ආයතනයෙන් පිට වෙළඳපොලේ ඇතැම් තැන්වල පොස්පේට් පොහොර බෑගයක් රුපියල් 1000, 1100, වැනි මිල ගණන්වලට විකුණනවා. මේ තත්ත්වය වෙනස් කරන්න කටයුතු කරන්න ඕනෑ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
අපේ රටේ වවන්න පුළුවන් මිරිස්, ලූණු, අල පිටින් ගෙන්වනවා. ඒ අනුව අපේ රටේ මෙතරම් වටිනා පොහොර නිධියක් තිබියදී පිටරටින් පොහොර ගෙන්වීම ගැන පුදුම වෙන්නේ නෑ. ඉදිරියේදී අපිට වගා කළ හැකි බෝග 13ක් අපිම වගා කරන්නත්, බීජ වර්ග 17ක් අපේ රටේ අපිම නිපදවා ගන්නත් කටයුතු කරනවා යැයිද අමාත්‍යවරයා කීවේය.
ජනාධිපතිතුමාගේ අපේක්ෂාව දේශීය නිෂ්පාදන ඉහළ නංවා ජනතා කේන්ද්‍රීය ආර්ථික ක්‍රමයක් ගොඩ නැගීම බවත්, ඒ අනුව පොස්පේට් නිධිය ජාතික සම්පතක් බවද අමාත්‍යවරයා කීවේය.
මෙම අවස්ථාවේදී කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩී.එම්.එල් බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින් පෙන්වා දුන්නේ පරිසර හිතකාමි හරිත කෘෂිකර්මය සදහා පොස්පේට් පොහොර සමාගමට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවය.
ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්
But the law is functioning well in the country. People are not greedy of money and not doing underhand deals against the law.
ඩුබායි සිංගප්පූරු වල ඔබතුමන්ලා වගේ මෝඩ මීහරක් ඇමතිකම් දරන්නේ , රට පාලනය කරන්නේ නෑ .
සිංගප්පූරුවේ සහල් කල්තබා කල්තබා ගැනීමේ ක්‍රමය හදලා දුන්නේ sam සමරසිංහ මහත්තයා.
ඒ මහත්තයා ලංකාවේ හිටියත් තමුසෙට තේරෙන්නේ නැහැ වැඩක් ගන්න .
ගොන් කතා නැතුව ඉල්ලා අස්වෙලා ගෙදර පලයන් .
ඈ බොල ගොං වස්සෝ ඒ රටවල් වල තොපි වගේ නුගත් හොර තක්කඩි දේශපාලුවෝ නැහැ බොල 😂
මේවගේ පොල් බුරුවො කියන ඒවා බලන්නවත් වෙලාව යවන එක අපරාදේ
ඔක්කොමත් හරි ඒ රටවල මුන් වගේ පඩත්තර දේශපාලකයොත් නැහැ.
මේ වගේ නැව් ගණන් කට ඇරියොත් ගන්ධස්සාර කෙබර හලන ගස් ගෙම්බට තව මොතවාද දන්නේ. මූට චන්දෙ දාපු මෝඩ රැළට නෙලන්න ඕනේ. මූ වගේ කෙබර හළන ගස් ගෙම්බන් ඉන්නකන් ජරාපක්ෂවරුන් බේරිලා ඉදීවි.
hallo mamanam kemathee oya boru kiyana kabara kataage katatama renda. onenam mage yaaluwan 50k wage
aragenath endath hekiya. ithin api okkomala muge kate riwwaanam, mekaa kiyana kaabanik pohora onatharama
labaaganna puluwani.
ඇමතිතුමා,බත් කන්නේ වී වවන රටවල්වල මිනිස්සු විතරද?දැන් අපි තෙල්වලින් වාහන දුවන්නෙ අපේ රටේ තෙල් තියනවද?අපි පරිප්පු කන්නෙ අපේ රටේ පරිප්පු තියනවද?අපි බොන කොත්තමල්ලි අපේ රටේ ඒවද?දැන් අපි මේ වගේ කථා අහන්නෙ අපේ රටේ බත් තියාගෙන තණකොළ කන කටකින්ද?
අපේ අනාගත අගමැති තුමාට ජයවේවා!
Singapore is a service oriented country, what are we Agri, service, or manufacturing….Nothing ,you people have done a big damage to this country and even onw you are doing it.