කාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..

January 12, 2022 at 3:00 pm | lanka C news
කාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..

කාබනික වගාව සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තියට අනුව දේශීය පැරණි වී වර්ග කාබනික පොහොර පමණක් යොදා වගා කරන ගොවි බිමක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ නිරීක්ෂණයට ලක් වී තිබේ. දංකොටුව ප්‍රදේශයේ පිහිටි මෙම ගොවි බිම තුළ දේශීය වී වර්ග රැසක් වගා කර තිබෙනු දැකගත හැකිය.

මෙම වගාව සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක් වූ පැරගෝවා ගොවි සංවිධානයේ සභාපති එම්. ඒ. රසික ප්‍රේමසිරි මහතා “අපේ රටේ පැරණි දේශීය වී වර්ග රැසක් තිබෙනවා. ඒවායේ අස්වැන්න වගේම ගුණයත් වැඩියි. කාබනික පොහොර භාවිත කරලා වී ගොවිතැන සාර්ථක කර ගන්න බෑ කියලා කියන කතාව බොරුවක් කියලා අපි අත්දැකීමෙන් දන්නවා. අපි මේ කුඹුරු යායෙන් සරු අස්වැන්නක් ලබනවා. කිසිම රසායනික පොහොරක් හෝ රසායනික දියර පාවිච්චි කරන්නෙ නෑ. දේශීය වී වර්ග බොහොමයක ගොයම් ගස සරුවට වැඩෙනවා. ගොයම් ගස ගොවියාටත් වඩා උසට හැදෙනවා. මේ නිසා රසායනික දියර වර්ග කුඹුරුවලට ස්ප්‍රේ කරන්න පුළුවන් කමක් නෑ. මේ තත්ත්වය අවබෝධ කරගෙන රසායනික පොහොර හා දියර අලෙවි කර ගන්න තමයි දෙමුහුන් වී වර්ග හඳුන්වලා දීලා බහු ජාතික සමාගම් අපේ දේශීය වී ගොවිතැන විනාශ කරලා තියෙන්නෙ. අවාසනාවකට අපේ කෘෂිකර්ම නිලධාරින් පවා බහු ජාතික සමාගම්වල නිර්දේශ පිළිඅරගෙන ගොවි ජනතාව ඒවාට යොමු කරවනවා.

වර්තමාන ජනාධිපතිවරයා දේශීය කෘෂිකර්මය නැවත මෙරට ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා. ඒ ගැන අපිට නම් දැනෙන්නෙ සතුටක්. කන්න දෙක තුනක් දුක් විදින්න වුණත් ඒ ගැන අධෛර්යට පත් නොවී උත්සහය අත් නොහැර කටයුතු කළොත් අඩු වියදමින් වැඩි අස්වැන්නක් මෙන්ම ගුණාත්මක නිෂ්පාදනයක් රටට ලබා දිය හැකි බවද ඔහු කීවේය.

පොළොන්නරුව ගොවීන් රසායන පොහොර නොමැතිව වී ගොවිතැන් කළ නොහැකි බව කියද්දී පොළොන්නරුවෙන් ගම්පහට පැමිණි නිමල් සිසිර කුමාර රජයෙන් ලබා දුන් කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන සාර්ථක කරගෙන ඇති අයුරු මෙම සංචාරයේදී නිරීක්ෂණයට ලක්ව තිබෙනවා. සිසිර කුමාර මහතා ඇතුළු ගම්පහ මීරිගම ප්‍රදේශයේ ගොවි පවුල් විශාල ප්‍රමාණයක් රජයේ කාබනික පොහොර යොදා සිය වී වගාව සරු කරගෙන සිටින අයුරු මෙම නිරීක්ෂණයේදී දක්නට ලැබුණා. අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ ඔවුන්ගේ වී වගාවේ අත්දැකීම් බෙදාගත් සිසිර කුමාර මහතා පෙන්වා දෙන්නේ කුඹුරට යොදන පොහොරවල ඇති පෝෂණ ගුණයට වඩා වී වගාවේදී අවශ්‍ය වන්නේ ගොවියාගේ කැපවීම බවය. ඔහු පෙන්වා දෙන්නේ ගොවීන් නියමිත කාලයට මහ කන්නයේ වී ගොවිතැන ආරම්භ නොකීරිම වී අස්වැන්න අඩු වීමට හා ගොයම් ගස් වැඩීම බාල වීමට හේතුවක් විය හැකි බවය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී අපට හමු වූ ඉඹුලන්ගොඩ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි චමින්ද රුවන් පෙරේරා පෙන්වා දෙන්නේ සිය කුඹුරු යාය අධික වැලි සහිත පසක් වුවද කාබනික පොහොර යොදා ගැනීමෙන් වී වගාව සරුකර ගැනීමට හැකියාව ලැබී ඇති බවය. “අපි වසර දෙකක පමණ කාලක ඉඳලා කාබනික වගාව සම්බන්ධයෙන් විවිධ අත්හදා බැලීම් කළා. මෙවර මහ කන්නයේදී රජය කාබනික වගාව අනිවාර්ය කිරීම නිසා මමත් අපේ යායේ අනෙක් ගොවියොත් රජයෙන් දුන්නු පොහොර යොදාගෙන ගොවිතැන කළා. ඒක ඉතාම සාර්ථකයි. කාබනික පොහොර යොදාගෙන වී ගොවිතැන් කරන්න බෑ කියන අයට අපි ආදර්ශයක් ලබා දීලා තියෙනවා. අපි කියන්නේ බොරුද කියල බලන්න ඕනෑම කෙනෙකුට අපේ වෙල්යායට එන්න පුළුවන්” යැයිද ඔහු කීවේය.

ඉඹුල්ගොඩ වෙල්යායේ ධම්මිකා ගොවි මහත්මිය අදහස් දක්වමින් සඳහන් කළේ කලට වේලාවට පොහොර හා උපදෙස් ලැබුණා නම් කාබනික වී වගාව මීටත් වඩා සාර්ථක කර ගන්නට හැකියාව තිබුණ බවය. මෙම ගොවි බිම නිරික්ෂණයේදී ජෛව විවිධත්වය මනාව කළමනාකරණය කරගෙන ඇති ආකාරය ද දැක ගත හැකි විය. එක් වී බීජයක් පැළ කර පැළ 15 – 20 අතර පඳුරකින් ඉහළ අස්වැන්නක් ලබා ගන්නා ආකාරය ද මෙහිදී නීරික්ෂණය විය. කුඩා බිම්කඩකින් වුවද කාබනික පොහොර යොදා ඉහළ අස්වැන්නක් ලබා ගත හැකි බවද ගොවීහු මෙහිදී පෙන්වා දුන්නේය.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්

131,069 views

40 Comments to “කාබනික පොහොරෙන් අස්වැන්න සරුවේ.. ගොයම් ගස් ගොවියාටත් වඩා උස යයි.. කරල් පිරේ..”

  1. SL says:

    පරණ වී වලට කොම්පොස් වැඩේ හරි ගියා . නමුත් H4 වගේ ජාන වෙනස් කරපු වී වලට වැඩේ හරිගියේ නැහැ.කෘෂි නිලධාරින් ගේ කම්මැලි කම සහ කිසිම උපදෙසක් නොදීම , උද්ගෝෂණ, රජය විසින් උඩින් තීරණ ගත්තත් පහලට එම තීරණ ගලාවිත් ගොවීන්ට අවශ්‍ය උපදෙස්, පොහොර නොලැබීම මේ ප්‍රශ්නේ දුරදිග යන්න හේතු වුනා.

    රාජ්‍ය යාන්ත්‍රණයේ තියෙන කුසීත කම ,දේශපාලකයින්ගේ ප්‍රශ්න වියවුල් කිරීමේ ප්‍රාථමික වැඩ නිසා මගේ කුඹුර ටත් මේ සැරේ ,ගිය සැරේ කෙලවුනා.

  2. බන්ඩා says:

    දේශීය වී ගොවි තැනට කොම්පොස්ට් ගැලපෙනවා. නමුත් නවීන වී වර්ග වල අස්වැන්නෙන් බාගයය්. ඒ කියන්නෙ රටේම කුඹුරැ වලින් කන්න දෙන්න පුලුවන් ජනගහනයෙන් බාගයටය්.

    • Ranjith says:

      ඉතුරු බාගේ වකුගඩු හොයනවා

      • හසිත says:

        😀අනේද කියන්නෙ .මුන්මේ කෘශිරසායන ගෙන්වන සමාගම්වල එවුන් මහජනතාව වගේ මේවායෙ කොමෙන්ට් දානවා.මුන්ගෙ වස පෝර දාලා කෘමිනාශක බේත් ගහල තරුණයන් උතුරුමෙද පලාත්වල මරෙන්නෙ වකුගඩු අක්‍රියවෙලා.නූගත් මෝඩයන් තොපෙ රසායනික බේත් ගෙන වර්ණනා කලාට බුද්ධිමතුන් දන්නව කාබනික පොහොරවල සත්‍ය

  3. mahinda says:

    ඇත්ත වගා කරන්න පුලුවන් නමුත් දේශිය වී වල අස්වැන්න 30% -40% විතර අඩුයි.

    • Kamala 🤗 says:

      අස්වැන්න අඩු උනාට නිශ්පාදන වියදම අඩුයි. කිලෝ එකකට ලැබෙන මුදලත් අනික් හාල් වලට සාපේක්ශව වැඩියි.ගුණය අතින් බැලුවත් ඉහලයි.රසායනික පෝර දාන්න යන මුදල එහෙම්පිටින්ම ඉතුරුයි. ඒනිසා ලාභය වැඩියි. කන්දේගම මහත්මා කියන දියර පෝර හදා ගෙන කුඹුරු යායම අස්වද්දනවා නම් පෝර වලට සතයක් වැය වෙන්නෙ නෑ.

  4. Sam says:

    දංකොටුවේ ගොයම්🤭අපිනම් අහල තියෙන්නෙ කසියා🤣

    • හසිත says:

      ඔව් ඉතින් රෙකියාවෙන් ලෙබෙන සොච්චම එදාට එදාට කසියා බීලා විනාස කරදමන එවුන්ට මොන වී හාල්ද උන්ට ගෙවල්වල,මිනිස්සු කෙවද සිහිය,නේ හෙබෙයි කසියා කියන නම නම් අහෙනවාඅපායට ගියත්

  5. සත්‍යා says:

    මේක තමා සත්‍ය නමුත් සුද්දාගේ උපදෙස් දේව වාක්‍ය කියා සිතන ඊනියා උගත්තුන්ට සත්‍ය සත්‍ය ලෙස දකින්න ස්වාදීන චින්තනයක් නේ .ටොයි ප්‍රවේනි දාසයෝ සත්‍ය පෙනි පෙනී යන්නෙ මඩ ගොඩේ හේතුව උන්ට,මොලයක් ,උගහ්කමක් නෙති කම

  6. sunimal says:

    අපේ පොලවට ගැලපෙන පැරණි වී වර්ග පමණක් වගා කල යුතුය. රජය මෙය ගොවියාට නොමිලේ ලබාදිය යුතුය. නවීන කරනලද වී සියල්ලම විනාස කල යුතුය. පැරකුම් යුගයක් නැවත බිහි කරමු ජය ශ්‍රී.

    • LalithM says:

      ජනගහනය 50% බස්සලා පැරණි වී විතරක් වවන්න. එතකොට ඒ අස්වැන්න ඇති. නව වී වර්ග කෘෂි රසායන සහ පොහොර භාවිතය ඉලක්ක කර ගෙන නිපදවන ලද දේවල්.

  7. Banda says:

    Arundika lakunu daganna karapu maha boruvak

  8. Dushantha says:

    තමන්ට කියලා කුඹුරු ඉඩන් තියන අය නොයෙකුත් ජාන වෙනස් කරපු වී වර්ග වවන එකට වඩා දේශීය වී බාවිතා කිරීමට හුරු කිරීම ඉතාම හොඳයි. අගය කල යුතුයි. ප්‍රශ්නෙ මේකයි, අතීතෙ තිබ්බට වඩ බාගෙටත් වඩා අඩු කුඹුරු ඉඩම් ප්‍රමානයක් පාවිච්චි කරලා අතීතෙ හිටියට වඩා දහ ගුනයකටත් වෑඩි ජන ගහනයකට හාල් දෙන එක කල හෑකිද? එහෙම කරන්ඩ නන් නෑතීවී ගිය සියලු කුඹුරු ඉඩන් නෑවත පවරා ගෙන කුඹුරු බවට හරවන්ඩ (මුතුරාජ වෙලද ඈතුලුව ) ඒ වගේම අලුතෙන් කුඹුරු හදන්ඩ. එහෙම කරන්ඩ පුලුවන් උනොත් ඉතා ගුනාත්මක දේශීය හාල් රටේම මිනිස්සුන්ට කන්ඩ පුලුවන්.

  9. ANURUDDHA says:

    මේ වගේ අස්වැන්න ලැබෙන කං අපි බලාගෙන ඉමු. සාර්ථක නං සරුයි කියමු. නැති නම් වැරදුණ තැන් හරි ගස්ස ගමු. සිදුවුන දේවල් යළි වෙනස් කරන්න අමාරුයි. මම හොයල බැලුවා. කාබනික වගාව ගොවීන්ට කියලා දෙන්න ගම් ගම්මට්ටමෙ කෘෂි නිලධාරීන් කිසිදු කාර්යයක්

  10. ANURUDDHA says:

    අපි මේ අස්වැන්න ලැබෙනකම් බලාගෙන ඉමු. සාර්ථකයි නම් එය අගය කරමු. වැරදි නම් අඩුපාඩු හදාගමු. මම දන්න තරමින් කෘෂි නිලධාරීන් කාබනික ගොවිතැන වෙනුවෙන් ගොවීන් දැනුවත් කරල තියෙන්නෙ අඩුවෙන්. එහෙම උනහම මෙහෙම වෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. අනිත් කාරණය දැන් පෙනෙනවා රසායනික පොහොර අපේ ජන ජන ජීවිතයට කොපමණ දුරට එය බලපෑම් කරල තිද කියලා .

Leave a Comment

Main News