Moody’s, Fitch, S&P දර්ශක තුනම ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටට දමයි…

January 12, 2022 at 10:02 pm | lanka C news
Moody’s, Fitch, S&P දර්ශක තුනම ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටට දමයි…

ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් විසින් ශ‍්‍රී ලංකාව CCC+ කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහත හෙළා තිබේ.

ඔවුන් දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වාදී ඇති ශ්‍රී ලංකාවේ විදේශීය ණය ගෙවීමේ අවදානම පැහැර හැරීම අවදානම ඉතා වැඩි බවයි.

ශ්‍රී ලංකාවේ බාහිර මූල්‍ය තත්ත්වය තවදුරටත් දුර්වල වෙමින් පවතින බවත් ඉදිරි කාල සීමාවේදී බැඳුම්කර ණය කල් පිරීම මත විදේශ විනිමය මත තවදුරටත් පීඩනය එල්ල වනු ඇතැයිද වාර්තාවේ දැක්වෙයි.

ශ‍්‍රී ලංකාව දිගුකාලීන ශ්‍රේණි ගත කිරීමේදී තවදුරටත් සෘණාත්මක බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

මීට පෙර මූඩිස් හා ෆිච් රේටින් විසින්ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම මේ හා සමාන කාණ්ඩවලට පහත දමා තිබේ.

කෙසේ වෙතත් මෙම ශ්‍රෙණිගත කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ජනවාරි 18 වනදා කල්පිරෙන ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය පියවීමට කටයුතු සූදානම් කර තිබියදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රේණිගත කිරීම අනවශ්‍ය බවයි.

එම වාර්තාව මෙතනින්…

39,779 views

6 Comments to “Moody’s, Fitch, S&P දර්ශක තුනම ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටට දමයි…”

  1. අපි රජයෙ සේවකයන් says:

    මොනව උනත් රටේ රජයෙ සේවකයන් ට විතරක් හොඳ ට සලකන්න ඕනේ රුපියල් 20000 කින් පඩි වෙඩි වෙන්න ඕනේ මේ රටේ දියුණුව ට පුදුම කෙපකීරීමක් කරන්නෙ . කොරොනා අවුරුදු 2කේම දිවා රාත්‍රි වෙඩ කරපූ රටේ සෞභාග්‍යය ට මහ උපකාරී වන රජයෙ සේවකයන් ට ජය

  2. වජු බිල්ලා says:

    මේකා මොන හිපාටුවෙක්ද.

  3. බන්දුල සර්ගේ ගෝලයෙක් says:

    Moody’s, Fitch, S&P උන් දන්න බම්ඹුව. ඕවයෙ ඉන්නෙ ඔක්කොම තනි මොලේ උන්නෙ.
    උන් දන්නෙ නැතිව ඇති අපේ ආර්ථික ලොක්කා මොල හතක පොරක් බව.
    (මොලේ හතකට කැඩිල වෙන්නත් පුලුවන්)

  4. Cabral says:

    We only follow Cabral rating. Which is A++

  5. ජනජය says:

    මොකට කියනවද බොලගෙ රේටින්ග්ස් …බොල A දීපු ලීමන් බ්‍රදර්ස් , මෙරිල් ලිනච් ආයතන බංකොලොත් උන හැටි කිව්වොත් ලීමන් බ්‍රදර්ස් වල සේවකයො උදේට වැඩට එනකං දන්නෙ නෑ ආයතනය බංකොලොත් , වහල කියල ..අනේ..පොඩි පෙට්ටි වලට අඩුම කුඩුම දාගෙන සේවකයො අඩ , අඩ ගියේ …මෙරිල් ලින්ච් බේර ගත්තෙ බේල් අවුට් එහෙකින් …ඔන්න බොලගෙ රේටින්ග්ස් …!

  6. 0.00069 BIYYO says:

    mola hathe Ba sil, pghnar Bandu, Cabba must need to resign immediately for taking the responsibility !!!

    on!

Main News