පුවත්පත් මණ්ඩල සභාපතිගෙන් ජනාධිපතිට ප‍්‍රහාරයක්.. පත් කලේ පොහොට්ටුවෙන් බව මතක් කර දෙයි..

January 14, 2022 at 10:00 am | lanka C news
පුවත්පත් මණ්ඩල සභාපතිගෙන් ජනාධිපතිට ප‍්‍රහාරයක්.. පත් කලේ පොහොට්ටුවෙන් බව මතක් කර දෙයි..

ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම අහෝසි කර නැවතත් එම ධුරයට පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා පළ කරයි.

සභාපතිවරයා පසුගිය කාලය පුරාම ලිත්‍රො ගෑස් සමාගම ලංකාව අසමත් කළ බවත් එහි දේශපාලන බර කාඅන් ටවත් නොව පොදු ජන පෙරමුණට බවත් හෙතෙම සඳහන් කරයි.

ජනාධිපතිවරයා පවා එම ධුරයට පත් කරන ලද්දේ පොදුජන පෙරමුණ බවද ඔහු සිහිපත් කර ඇත.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව කියා සිටී.

කෙෂාර ජයසිංහ මහතා ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර එම ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කරන ලෙස දන්වමින් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට ඊයේ පෙරවරුවේ ලිපියක් යවා තිබිනි.

මුත් ජනාධිපතිවරයා විසින් අදාළ පත්වීම අවලංගු කර තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් නැවත පිහිටුවන ලෙස නියෝග කර තිබින.

78,144 views

23 Comments to “පුවත්පත් මණ්ඩල සභාපතිගෙන් ජනාධිපතිට ප‍්‍රහාරයක්.. පත් කලේ පොහොට්ටුවෙන් බව මතක් කර දෙයි..”

  1. Truth says:

    Basil appointed the new litro gas person ranuka it was cancel by President and reappointed.
    Patirana is basil contact and he voice basil comments. So now people know system change is not working in this manner will have lot of dream internal matters

    • GAMS - ZIGHY says:

      @ TRUTH, PIN SIDDAWAI… DANNA SINHALEN LIYAPAN BAN…..

    • Neela says:

      පතිරණය වැරදි නෑ. පොහොට්ටුවේ සාමාජිකත්වයවත් නොතිබ්බ ගෝටා රාපක්ෂ පවුලේ ජනාදිපති අපේක්ෂක කරන්න ගේම ගහපු එකයි වියත් මග කලේ. ඒකේ වියත්තු, උගත්තු හිටියට බුද්ධිමතුන් හෝ දක්ෂයින් නෑ. එනයින් ගත් කළ ගෝටාද විය(ප)තෙකි. පළමුව පොහොට්ටුව ශුද්ධ කර දෙවනුව දේශපාලනය ගැන හිතනු!

    • Polimatasalli says:

      Rajapaksa paule prashna apita adaala na, aluthen daapu eka basil ge ekek da nththn basil ge ammage ekekda kiyala janathawata wadak na. Gas eka hariyata deepan seratama kalin

  2. බිංකුණ්ඩා says:

    ඊළඟට පුවත්පත් මණ්ඩල සභාපතිකමට කවුද දාන්නෙ?

  3. Gamini says:

    ලිට්‍රෝ එකේ වත්මන් සභාපති තුෂාර කියන්නේ ඉතා උගත් බුද්ධිමත් කාර්යක්ෂම පුද්ගලයෙක් .ඔහු හොරකම මොකක්ද දන්නේ වත් නෑ .ඒවගේ දක්ශයෝ තක්කඩි දේශපාලුවන්ට ගැලපෙන්නේ නෑ .ඒ නිසා තමා ඔහු ඉවත්කර අටපාස් තුට්ටු දෙකේ දේශාපාලුවෙක් පත්කරන්ඩ ගියේ .මේ රට හිගන බාවයට පත්වීමට මූලික හේතුව ඕක තමා. මුදලට කහින ජඩ ජනමාද්‍යටත් පුදුම පස්සේ අමාරුවක් තිබුනේ මේ අවංක නිලධාරියා ඉවත් කර ඒ වෙනුවට හොර තක්කඩි දේශපාලුවෙක් පත්කර ගැනීමට .

    • susaaustralia says:

      e bola harako litro gas ekage dakshathawa nisa thamai composition eka wenas karala bomba pipirewwe.umba minisunnta personally hamba wunoth kala katuth ithuru karana ekak neha. තෙෂාර කියන්නේ ඉතා pissu gon harakek saha minimaruwek kiyala mulu lankawama den dannawa he should be prosecuted for voluntary man slaughter. i hope that any future government should not let this murderer out of the hook.

    • ජුවානිස් says:

      Are you mad or stupid to utter such nonsense?
      Dont you know what Theshara Jayasinghe did to the domestic gas in this country where people even died?

      • susaaustralia says:

        go to hell bloody slave Juanis all you guys need is to be slaves. i do not what hell done by Theshara to our country. All i know is the blasting all started after changing the composition. Rajapaksa and Fonseka saved our country from LTTE but that will not give them the license to rape our country. Theshara might have done some good things but that will not be good enough to stay away from his murders. The next government should prosecute these culprits. he will not be able to go to another country as well with these type of offenses

    • Sha says:

      මොනා කීයනවද මන්දා…. අවුරුද්දක් තරුන සේවා එකේ ඉදලා…. litro වගේ තැනකට දැම්මම කරකවලා අත ඇරියා වගේ හින්දා තමයි litro එක කාලාම දැම්මේ…. වියත් මගේ ඉදලා ජනාධිපතිට වැඩ කලාට මදි මේ වගේ තැනක වැඩ කරන්න…. professional මදි මේ වගේ රටේ මර්මස්ථානයක් පාලනය කරන්න ….ඒකමේ කාලම දැම්මේ…. මම උගතා, මම උගතා කියලා නම් නිතරම කියනවා…. මීට පෙර bank එකක තමයි වැඩ කරලා තියෙන්නේ …. ගෝටාව අන්දවලා…. ලක්ෂ 30ක් විතර දැන් පඩිය …. දැන් මලාට මේක දාලා යන්නේ නෑ…. අනික මම හිතන විදිහට litro එකේ හිටපු අයගෙන් full suit අදින එකම chairman ද කොහෙද…. ඇදුම විතරක් මදි , පාලනයට මොලයකුත් තියෙන්න ඕනේ කියලා දැනගද්දි කල් යයි…. එතකොට litro gas එක වහලා තියෙයි.

      • Sha says:

        මම මේකෙන් අදහස් කරන්නෑ රේනුක පෙරේරා හොද එක්කෙනෙක් කියලා…. ඒ මිනිහා මෝඩයෙක්…. අනික වැඩක්ම නැති මිනිහෙක්….අනිත් කෙනා තෙශාර කියන්නේ උගත් කියලා හිතන මෝඩ මනුස්සයෙක් …. ඒකනේ මේක ඉවරම කලේ.ලoකාවට practical උගතුන්ගේ හිගයක් තියෙනවාද මන්දා ….. ඇරත් politicians කැමති නැතිව ඇති ඒ වගේ අයට….. මුන්ව දාගත්තම නටවන්න ලේසියි .

      • susaaustralia says:

        Mata hithenne meka liyala thiyenne Thesharama thamai me Juanis kiyana wahala nemei

  4. බන්ඩා says:

    පත් කරන්නේත් අස් කරන්නේත් දේසපාලනය හිතවත් කම් මත නම් එය වැරදිය්. රට යන්නේ කනත්තටය්.

  5. චන්ද දායක says:

    තෙෂාර කලේ “මම කියපු දේවල්” ඇයි මොකක්ද තියන ප්‍රශ්නෙ ? කියලා ජනාධිපති තුමා ඇහුවොත් ? දුවන්න තමයි වෙන්නෙ . කට වහගෙන හිටු.

  6. සෙරෙප්පු සුප් says:

    දැන් එතකොට අපේ රටේ ජනාධිපතිතුමාටත් ඉහලින් ඉන්න හදන මේ හිකනලා කව්ද​?මේ ඇහෙන්නේ මුගේ හඬ නොව මූ නටවන රූකඩාචාරියාගේ හඬය​.මේකා ඉඳ හිට පඳුරු අස්සෙන් එලියට විත් මෙවැනි පඩයක් මුදා හැර නැවත සැඟවේ.ගෙදර කාමරයක් සූදානම් කර ගනු.

  7. Rajudeen says:

    ESE nam gaswalin rata ginigatte kage upadesinda? Minnie Mary anduwa. Den theruna

  8. 225 ම එපා says:

    ජනපති පත්වන්නේ ජනතාවගේ ඡන්දයෙන් මිස එක එක හිකනලයින් විසින් නොවේ. ජනපතිගේ දෑත් ශක්තිමත් කරන්නට ඡන්දය දෙන ලෙස ඉල්ලා දැන් ජනපතිව විරුද්ධව ප්‍රකාශ කරන එකද සාධාරණ නොවේ.

  9. Oracle says:

    Mandale Kachal? 2nd episode of Negombo drama!

  10. මම 69 න් එකෙකී. says:

    අපි ගොඨාභය ට ජන්දය දුන්නේ උබලාගේ පොහොට්ටු මගුල ක් නිසා නෙවෙයි. යුද්ධය ඉවර කරන්න බැරි දෙයක් බවට මිනිස්සු න් ගේ හිතේ තිබුණු අදහස් අයින් කරලා ඒකටම සුදුසු මිනිස්සු පත්කරල යුද්ධය අවසන් කරන්න දක්වපු දායකත්වය නිසා.මූඩූක්කූ පරිසරය තුළ තිබූ කොළඹ නගරය වෙනස් කරපු නිසා. තො කවුද කියලා වත් අපි දන්නේ නෑ. ගොඨාභය ට කෙලවුනේ රටේ මිනිස්සු විස්වාසය කරනවා වෙනුවට තොපි වගේ එවූන්වයි කපටි දෙශපාලකයන්වයි විස්වාස කරලා වැඩ කරන්න ගිය නිසා.

    • susaaustralia says:

      wahullu thamath me gota gena guna gayana ekane arume ape rata beragaththe gota witharak nemei Fonseka Mahinda yudde awasana kale Gota koheda hitiye mama danne neha ekai ahanne 69 ballo okkoma me wiyasanayta waga kiyanna ona

Leave a Comment

Main News