අර්බුදය උතුරයි.. විදුලිය දුන්නොත් ඉන්ධන නෑ.. ඉන්ධන දුන්නොත් විදුලිය නෑ…

January 14, 2022 at 10:22 pm | lanka C news
අර්බුදය උතුරයි.. විදුලිය දුන්නොත් ඉන්ධන නෑ.. ඉන්ධන දුන්නොත් විදුලිය නෑ…

පවතින විදුලිය අර්බුදය හේතුවෙනුත් දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක ප‍්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට ලබාදීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එකඟතාව පළ කර තිබේ.

එළඹෙන අඟහරුවාදා දින තෙක් මෙම ඩීසල් ප්‍රමාණය දෛනිකව ලබා දෙන බවත් ඉන් අනතුරුව කරන ආකාරය පිළිබඳව අඟහරුවාදා දින සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බවත් සංස්ථාව සඳහන් කරයි.

මේ අතර ඉදිරි දින පහළොවක පමණ කාලය සඳහා අවශ්‍ය වන ඉන්ධන තොග අසීරුවෙන් කලමණාකරණය කල හැකි තත්වයක තෙල් සංස්ථාව සිටියද විදුලි උත්පාදනය සඳහා ඩීසල් තොග දෛනිකව විදුලි බල මණ්ඩලය වෙත ලබා දීම මත ඩීසල් හිඟයක් ඇතිවීමේ තත්ත්වයක් ඇතිවී තිබේ.

දැනටමත් මෙරටට ආනයනය කරන ඉන්ධන සඳහා ඩොලර් සොයා ගැනීමේ දැඩි අර්බුදකාරී තත්ත්වයකට සංස්ථාව පත්ව සිටයි.

විෂය භාර ඇමති උදය ගම්මන්පිල මහතා කිහිපවිටක්ම අනතුරු අඟවා සිටියේ ඇතැම් විට ඉදිරි දිනවල ඉන්ධන හිඟ වීමේ අවදානමක් ඇති බවයි.

මේ බව පසුගිය කැබිනට් මණ්ඩල වාර කිහිපයකට ඇමතිවරයා විසින් දැනුම් දී තිබේ.

එමෙන්ම අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කල නොහැකි බවද ඇමතිවරයා සති අන්ත පුවත්පතකට පවසා තිබින.

35,707 views

6 Comments to “අර්බුදය උතුරයි.. විදුලිය දුන්නොත් ඉන්ධන නෑ.. ඉන්ධන දුන්නොත් විදුලිය නෑ…”

  1. සාගර says:

    මේ ආණ්ඩුවේ මොලේ මැරිලා දැඩි සත්කාර ඒකකේ කෘත්‍රිම ස්වෂණයෙන් දුවන්නේ.

    සිංහල අවුරුද්දට කලින් මේ මළකඳ එලියට ඇදලා දාල අවසන් කටයුතු නොකෙරුවොත්, මුළු අලුත් අවුර්ද්දම මූසල වෙනවා.

    කීයටවත් වෙසක් පෝය වෙනකම් නම් මේ මොලේ මැරුණු ආණ්ඩුව ඉවසන්න බැරියෝ. අපි පුදුම දුකක් නේ මේ කාලකන්නි නිසා විඳින්නේ.

    • සමන් says:

      ඔව් ඔව්. චන්දයක් එනකන් ඉන්ඩ බැහැ. අද හෙටම දොට්ට දැම්මේ නැත්තන් අපිට මැරෙන්ඩ වෙන්නේ. මුන්ව එලවන්ඩ පාරට බහින්ඩ හරි වෙනවා.

    • කැපුවත් පොහොට්ටුවට says:

      බලාගෙන හිටපන් බූරු පුතා රජ වෙනකම්. පොහොට්ටු ආන්ඩුව තව වසර 25ක් රජ කරනව.

  2. Jayantha Herath says:

    චීන ජාතිකයන් වගේ
    බයිසිකල් භාවිතා කරන්න
    අඩුවෙන් විදුලිය භාවිතා කරන්න
    කෙලින්ම
    හිරු එළිය භාවිතා උපරිම කරන්න

  3. saman says:

    මොලේ මැරුණු ආණ්ඩුව ඉවසන්න බැරියෝ. WE need a new Leader. Get rid of corrupt Rajapasha family from Sri Lankan politics,

  4. රටේ සෞභාග්‍යය says:

    කාට ඉන්ධන නෙති උනත් රජයෙ සේවකයන් ට ඉන්ධන දෙන්න ඕනෙ කූපන් දීල හරී ඒ කට්ටිය සේවයට වාර්තා කරල වෙඩ කරොත් තමයි රටට ඉක්මනින් සෞභාග්‍යය උදාවෙන්නේ
    වර්ජන උද්ඝෝෂණ කරන රජයෙ සේවකයන් ට විසේසයෙන්ම දෙන්න ඕනේ

Leave a Comment

Main News