ඉන්ධන හිගයක අවදානමක්..- බලශක්ති ඇමති

January 14, 2022 at 10:02 pm | lanka C news
ඉන්ධන හිගයක අවදානමක්..- බලශක්ති ඇමති

ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානම තවදුරටත් පවතින බව බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

කෙසේ හෝ ජනවාරි මාසය පියමං කර ගතහොත් පෙබරවාරි මාසයේදී බලාපොරොත්තු වන ණය පහසුකම් ප්‍රමාණය ලැබුණහොත් ඉන්ධන ප‍්‍රශ්නයක් ඇති නොවනු ඇතැයිද හෙතෙම පැවසීය.

කෙසේ වෙතත් මාර්තු මාසයේදී එම අවදානම නැවත ඇතිවන බවද ඔහු සඳහන් කළේය.

මෑතකදී ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම අනුව ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟයක් ඇති වුවහොත් මාස තුනකින් පියවීෙම් පදනම මත ශ්‍රී ලංකාව ඉල්ලන ඉන්ධන වර්ගය ලබාදීමට එකඟ වී ඇති බවද හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

කෙසේ වෙතත් මෙරට ඉන්ධන හිගයක් ඇති වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කට කතා වලට නොරැවටෙන ලෙසත් හිගය ගැන මුලින්ම රටට දැනුම් දෙන්නේ බලශක්ති අමාත්‍යවරයා විදිහට තමන් විසින් බවත් ඔහු එහිදී කියා සිටියේය.

24,388 views

8 Comments to “ඉන්ධන හිගයක අවදානමක්..- බලශක්ති ඇමති”

  1. සාගර says:

    මේ ආණ්ඩුවේ මොලේ මැරිලා දැඩි සත්කාර ඒකකේ කෘත්‍රිම ස්වෂණයෙන් දුවන්නේ.

    සිංහල අවුරුද්දට කලින් මේ මළකඳ එලියට ඇදලා දාල අවසන් කටයුතු නොකෙරුවොත්, මුළු අලුත් අවුර්ද්දම මූසල වෙනවා.

    කීයටවත් වෙසක් පෝය වෙනකම් නම් මේ මොලේ මැරුණු ආණ්ඩුව ඉවසන්න බැරියෝ. අපි පුදුම දුකක් නේ මේ කාලකන්නි නිසා විඳින්නේ.

  2. Truth says:

    Podi lorn akake Danna nathnam land sale keranna

  3. LalithM says:

    අනාගත්ත රජ සහ ජෝකර් කැබිනට්ටුව දන්නේ කටමැත දෙඩීම සහ ගසාකෑම පමණයි. කරුණාකර කල හැකි අයට ඉඩදී ඉවත් වන්න. සියල්ල ෆේල්.

  4. බොච්චන් says:

    රටට ලයිට් දිගන්නවත් බැරි මෙයාල කෙහොමද රට හදන්නේ.

  5. kk says:

    මේ ආණ්ඩුව මළකඳක් වගේ තමයි. හැබැයි වෙන කවුරු හරි ඉන්නවද පන පිටින් දෙන්න පුළුවන්. සජබ හරි JVP එක හරි අවොත් මීට හපන් වෙයි කියලයි මට හිතෙන්නේ.

  6. Lone says:

    අපිට පිට රට ණය උවමනාම ද? ඒ මොකට ද?

  7. daya says:

    පම්පෝරිය නැතිව කරන්න පළුවන් ‌‌කාට හරි බාර දීලා යන්න.

  8. John the baptice says:

    මුන්ගේ කටේ තිබෙන්නේම නය නය නය තුක් නොදකින්.

Leave a Comment

Main News