මා ඉන්නේ හරි පැත්තේ.. මං කාගේවත් අතකොලුවක් වෙන්නේ නෑ.. මං කාටවත් යටවෙන්නෙත් නෑ..- වක්කුඹුර

January 16, 2022 at 8:02 am | lanka C news
මා ඉන්නේ හරි පැත්තේ.. මං කාගේවත් අතකොලුවක් වෙන්නේ නෑ.. මං කාටවත් යටවෙන්නෙත් නෑ..- වක්කුඹුර

‘ජානක වක්කුඹුර ඉන්නේ හරි පැත්තේ මම කාගේවත් අතකොලුවක් වෙන්නේ නැහැ. මම කාටවත් යටවෙන්නෙත් නැහැ. ගොවියාට සේවකයාට සාධාරණය කරන්න රජයේ කොටස ලබා ගන්න මම මැදිහත්වෙනව. මම ඒක ක්‍රියාවට නංවන්න කටයුතු කරනවා.මේක 51%ක් කියන්නේ දැනටමත් රජයේ මේක කාටවත් පෞද්ගලික අංශයට දීපු ඒකක් නෙවෙයි. මේක ආයෙත් රජයට ගන්න උවමණාවක් නැහැ. මේක රජයේ. පාලනය කරන්න වෙන කට්ටියකට දීල තිබුන ඒක විතරයි’ කුඩා වැවිලිභෝග ආශ්‍රිත අපනයන ප්‍රවර්දන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා කීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

ගල්ඔය වැවිලි සමාගමට අයත් හිගුරාන සීනි කම්හලේ ඇතිවී ඇති අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය වරයා මෙම අදහස් පල කරන ලදී.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා,

ගල්ඔය  සීනි  සමාගම පිළිබදව  මේ වන විට ඒ පැත්තේ මහා සංඝරත්නය අදහස් ප්‍රකාශ කරනව. හාමුදුරුවන් වහන්සේලට අපි ගෞරව කරනවා. හාමුදුරුවන් වහන්සේලා සමග අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොනම හේතුවක් නිසාවත් ගල්ඔය සීනි සමාගම පාඩු ලබන ආයතනයක් බවට පත්වෙන්නට මේ රජය ඉඩ තියන්නේ නැහැ. ඒක ලාබ ලබන ආයතනයක් බවට පත් කලේ වර්තමාන ජනාධිපති ඝෝඨාභය රාජපකෂ මහතාගේ රජය යටතේ කියන එක සදහන් කල යුතුයි.

එතනෝල් මේ රටට ගේන එක නතර කරල එතනෝල් මිල වැඩි කලාම තමයි මේ ආයතනය ලාබ උනේ. ඒත නිසා අද ලාබ ලබනවා. 2021 ලාබ ලැබුවේ මම මේ රටේ සීනි කර්මාන්ත ඇමති උනාට පස්සේ. ඒක හරි නියාමනයක් කරන්න මමත් මගේ අමාත්‍යාංශයත් වර්තමානයේ මම පත් කරන ලද සභාපති වරයාත් අධ්‍යක්ෂක මණ්ඩලයත් කටයුතු කලා. ඒතුල මිලියන 379ක් වසර 14කට පස්සේ රජයේ 51% කොටස අපිමේ අවුරුද්දේ ලබාගන්න කටයුතු කලා. අවුරුදු 13ක් එක ශත පහක්වත් රජයේ කොටස ලැබුනේ නැහැ.  හැබැයි ගල්ඔය සීනි සමාගම අද මිලියන එකොලොස් දහසක් ණයයි. හැබැයි ණය දුන්නු අය ලක්ෂ හැත්ත හය දහසක් ඒ අය අරගෙන තියෙනවා. අවුරුදු 11ක් මේ ණය ගෙවන්න ඔ්න. තව අවුරුදු 11ක් ඉදිරියට. කාගේ දෙයක්ද මේක රටේ සල්ලි මේ ණය කරල තියෙන්නේ. බිලියනය ගානේ ණය ගෙව්වොත් තමයි ඔය සීනි සමාගම ණය බරෙන් නිදහස් වෙන්නේ.

ඒ නිසා මේක හරි කළමණාකරණයක් කරන්න තමයි මම මැදිහත්වෙලා විගණාධිපති වරයාගේ වාර්තාවත් එක්ක  කෝප් කමිටුවට ගිහින් මේ කටයුතු කරන්නේ.

මෙතන කඩාකප්පල් කරන්න කිසිම අදහසක් නැහැ. දැන් ඉන්න කණ්ඩායමත් සමග රජයේ 51% එක්ක අපි හරියට මේක කළමණාකරණය කරනවා හැරෙන්න වෙන කිසිවත් ඒ තුල කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මම කියල තියෙනවා මෙවර උක් ගොවියාට පැල්වත්ත හා සෙවනගල රුපියල් 6250ක් දෙනවානම්  ගල්ඔය උක් ගොවියාට අනිවාර්්‍යයෙන්ම ඒ මුදල වැඩිවිය යූතුයි. ගොවියාගේ පැත්ත ඉන්න අතිගරු ජනාධිපතිතුමා  රුපියල් 6250 දෙන්න ඒ අය බැහැ කියනවා. ඒ්ක අරන්දෙන ඒක ඒ්ක මගේ වගකීමක්. මම ගොවියාට ඒ වැඩිවන 6250 අරන් දෙනවා. ඒ් ඉන්න ගොවීන්ට පමණක් නොවෙයි සේවකයින් සදහා බෝනස් ලබාදීම සිදු කිරීමට මම කටයුත් කරනවා.

අපේ හාමුදුරුවරුන්ට මම කියනවා මම සෙවනගල හා පැල්වත්ත ගන්නකොට ලක්ෂ දහතුන්දහසක් පාඩු උන ආයතන. ඒ්වා මම ලාබ කරල පෙන්නුවා. ඒ ලංකා සීනි සමාගමට අයත් සෙවනගල හා පැල්වත්ත ආයතන දෙකේ සේවකයින් සදහා වර්ෂයකට දෙපාරක් බෝනස් දීල තියෙනවා. උක්ගොවීන්ටත් බෝනස් දීල තියෙනවා. අපේ නායක හාමුදරුවරුන්ට මම කියල තියෙනවා. ගල්ඔය සීනි කර්මාන්ත ශාලාව නැවත වරක් පාඩුවෙන්න දෙන්නෙත් නැහැ. අගාතයට යන්න ඉඩ දෙන්නෙත් නැහැ කියන ඒක.

ඒ් ප්‍රදේශයේ සිටින දේශපාලන අධිකාරිය මගෙන් ඉල්ලල සිටියේ අම්පාරේ සිටින ජනතාවට තිබෙන සම්පතක් මේක ඒක නිසි ආකාරයෙන් කළමනා කරණය කර නිසි ආකාරයෙන් පවත්වාගෙන යන්න කියල.

මේක රජයේ ආයතනයක් හැටියට අපි නියම ආකාරයෙන් කළමණා කරණය කරනවා. ඒ් ගැන කවුරුවත් බිය විය යුතු නැහැ. කවුරුත් ඉවත් කරන්න නෙවෙයි අපි කටයුතු කරන්නේ. අපේ රජයේ කොටස 51%ක් ඒකක්  ගොවියාට සහ සේවකයාට  සහනය සලස්වන්න අපි මැදිහත්වෙනවා.

– ප්‍රගීත් ජනක

27,769 views

3 Comments to “මා ඉන්නේ හරි පැත්තේ.. මං කාගේවත් අතකොලුවක් වෙන්නේ නෑ.. මං කාටවත් යටවෙන්නෙත් නෑ..- වක්කුඹුර”

  1. Gon athal says:

    Yes.. yes.. your surname is also nicely matching you…

  2. sunimal says:

    කටින් බතල හිටවන ඇමතිලා.

  3. මහින්ද පියරත්න, පල්ලෙගෙදර. says:

    තමුන්ගෙ අමාත්‍යාංශයේ රජයේ මුදල්වලින් බාප්පගෙ තවානෙන් කුරැඳුපැල, කහපැල මිළදී අරන් රත්නපුර දිස්ත්‍රික්කයේ තමුන්ගෙ හෙංචයියන්ට පමණක් බෙදල ලොකු ප්‍රචාරයක් අරං මිනිස්සු රවට්ටන්නෙ නැතිව හිටියොත් හොඳයි.

Main News