බාගන්න ඩොලර් නෑ.. ඉන්ධන නැව් 4ක් වරායේ.. ප‍්‍රමාද ගාස්තු කෝටි 6ක්…

January 17, 2022 at 11:20 am | lanka C news
බාගන්න ඩොලර් නෑ.. ඉන්ධන නැව් 4ක් වරායේ.. ප‍්‍රමාද ගාස්තු කෝටි 6ක්…

කොළඹ වරායට පැමිණ තිබෙන ඉන්ධන නෞකා හතරකට නිසිවේලාවට ඩොලර් මුදානොහැරීම නිසා ඇමරිකානු ඩොලර් ලක්‍ෂ තුනක් පමණ (රුපියල් කෝටි හයක් පමණ) ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවනු ඇතැයි තෙල් සංස්ථාව (සිපෙට්කෝ) ගණන් බලා තිබේ.

මේ වනවිට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 80,000 (40000ං2) අඩංගු නෞකා දෙකක්, ගුවන් යානා තෙල් මෙටි‍්‍රක් ටොන් 30,000 ක් අඩංගු නෞකාවක්, පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 30000 අඩංගු නෞකාවක් මෙරට මුහුදු තීරයට පැමිණ ඇත.

ඉකුත් 08 වැනිදා මෙරට මුහුදු තීරයට පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 අඩංගු නෞකාවක්, 09 වැනිදා පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 40,000 ක් අඩංගු නෞකාවක් අදාළ බැංකු වෙත ඩොලර් මුදාහැර නැති නිසා ඉන්ධන ගොඩබෑම ආරම්භ කර නැත.

කෙසේ වෙතත් 11 වැනි දින පැමිණි පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් 30000 ක් අඩංගු නෞකාවේ පෙට‍්‍රල් ගොඩබෑම දින තුනකට පසු 14 වැනිදා සිට ආරම්භ කර තිබේ. නමුත් ඉකුත් 11 වැනිදා පැමිණි ගුවන් යානා තෙල් අඩංගු නෞකාවෙන්ද තාමත් තෙල් ගොඩබෑම ආරම්භ කර නැත.

මෙරටට අවශ්‍ය ඉන්ධන ඇණවුම් කළත් ඉන්ධන ගොඩබෑම ආරම්භ කිරීමට නම් එම විදෙස් සමාගම්වලට අවශ්‍ය අදාළ ඩොලර් ප‍්‍රමාණය මුදාහැරිය යුතුය. නමුත් එම ප‍්‍රමාදයන් නිසා නෞකා වෙත නිකරුණේ ප‍්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාව පවසයි.

– ශිරාන් රණසිංහ

17,199 views

9 Comments to “බාගන්න ඩොලර් නෑ.. ඉන්ධන නැව් 4ක් වරායේ.. ප‍්‍රමාද ගාස්තු කෝටි 6ක්…”

  1. LalithM says:

    කබරාල් සර්ට කිව්ව නම් සාක්කුවේ තියෙන ටිකක් දෙයි. ආර්ථිකය යහපත්ය කිව්ව නේද.

  2. Martial Law says:

    ආත්මාර්ථකාමී හා අධ්‍යාත්මයක් නැති පූජකයන් පල්ලි පන්සල් දේවාල හා කෝවිල් වල එලි වෙනකම් විදුලි ආලෝකය පුච්චනවා.. විදුලිය කැපිල්ල නිසා දරුවන්ට පාඩම් කර ගන්න බෑ.. ෆාමසි වල බෙහෙත් ගබඩා කරගන්න බෑ..රොහල් වල කටයුතු බිඳ වැටෙනවා.
    පූජකයන් හිතාගෙන ඉන්නේ අපායේ ලයිට් පත්තු කරාම දිව්‍යලෝකය මැවෙනවා කියලයි.

  3. 3% ට බය බයියා. says:

    විරුවන්ට මව් බිම පාලනය කිරිමට නොහැකි බව ඔප්පු කරලා තියෙන්නේ .ලක් මාතාව හිගන්නියක් බවට පත් කර ඇත පොහොට්ටුව ගොඩ රට වලපල්ලට ජනතාව කනත්තට .නැවතත් ලක් මාතාව ගොඩ දාලා ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

    • John the baptice says:

      දියවන්නාවේ 225 ගේ වත්කම් රාජසන්තක කරලා ඩොලර් සොයාගන්න ..පහසුම පිළිවෙල එයයි
      ඒ මුදල් ජනතාවගේ සොරාගත් බදු මුදල් වලින් ගත් දේවල්

  4. සනත් ඉතාලිය says:

    හම්මෝ බොලාගෙ සහන. බොලා ආවොත් වෙන්නෙ උයපු බත් මුට්ටියත් හොරකම් කරගෙන යන එක. ඔය නැවුම් පරපුර දන්නවැයි බොලාගෙ 87-89 කෙරුවාවල්.

    • ගිරවා says:

      @සනත් ඉතාලිය
      උබලට දන්නේ වසර 73 රට පාලනය කල දේශපාලන පක්ෂ වලට කඩේ යන්න විතරයි… 87/89 JVP ඇතිවුනේ කුමක් නිසාද ? එකට හේතු දන්නවාද ? බොරුවට නොදන්නා දේවල් ගැන කියවන්න එපා ..අද අපේ රටේ ජාතික සම්පත් චීනුන්ට වසර 198,99, බදු දුන්නේ කවුද ? රටේ තෙල් ටැංකි ඉන්දියාවට බදු දුන්නේ කවුද ? මහා බැංකුව මංකොල්ලා කෑවේ කවුද ..උබේ දේශපාලකයෝ මිසක් JVP ය නොවේ ..87/88 වදදී මරාදැමූ අපේ සිංහල තරුණ තරුණියන්ගේ ජිවිත ගැන උබට දුකක් නැද්ද ? තාමත් බටලන්දේ වාදකයා රනිල් පාර්ලිමේන්තුවේ උබල වැනි නුගත් මෝඩ මිනිසුන් අපේ රටේ ජිවත් වෙන නිසා

  5. බුරු පූතානො says:

    කොහෙද ජෙප්පෝ හිටියා නම් කේරල ගව මුත්‍රා වලින් කාර් දුවන්නේ. ඔය පෙට්රල් නැව් එකක් වත් එපා.

  6. ගෝඨාභය කොහොම හරි ගේම ගහනවා. කවුරු මොන බාධා කලත් ගෝඨා වට්ටන්න බෑ.

  7. Eri Claud says:

    Ship companies won’t wait until government pay. The ship have a schedule and if get delayed then our government have to pay extra. That’s the nominal procedure.

Main News