ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

January 19, 2022 at 10:00 am | lanka C news
ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..

මෙරට ඉන්ධන ලබා දීම සලාක ක්‍රමයකට සිදු කිරීම පිළිබඳව අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.

ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය සම්පාදනයේ දී ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මීට හේතු වී තිබේ.

මෙරට ඉන්ධන භාවිතය අධෛර්යමත් කිරීම සඳහා මිල ඉහළ නැංවූවද එයින් සැළකිය යුතු ලෙස ඉන්ධන භාවිතය අඩු වීමක් සිදුව නැති බව බලශක්ති අමාත්‍යවරයා ද මෑතක දී කියා සිටියේය.

මෙම තත්ත්වයන් මත සලාක ක්‍රමයකට ඉන්ධන ලබාදිය යුතු බව අමාත්‍යවරුන් කිහිප දෙනකුම කැබිනට් මණ්ඩලයේ දී අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇත.

මේ වන විටත් ඉන්ධන නැවු කිහිපයක් මෙරට මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇත්තේ ඒ සදහා ගෙවීමට ඩොලර් නැති වීම හේතුවෙනි.

ඩොලර් සොයා ගන්නා තෙක් වරායේ රැදී සිටීම වෙනුවෙන්ද අදාල නැවු සදහා ප‍්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුව ඇත.

34,604 views

10 Comments to “ඉන්ධන දෙන්න සලාක ක‍්‍රමයක්… මිල වැඩිකිරීම ප‍්‍රමාණවත් නෑ..”

  1. Jamis says:

    Parlimenthu Manthri 225 n Liter 5 (1125 Liters all together ) gaane adu kalane Mola Hathano . Ithuru une nedda?

  2. Martial Law says:

    බලය සඳහා කුලල් කා ගනිමින් ඉන්න සජබ,ජවිපෙ, පොහොට්ටු, ශ්‍රීලනිප නරුම අවස්ථාවාදීන් 225 වෙතයි.
    වහාම නගරවල බොරු සෝබනයට දැල්වෙන ලක්ෂ සංඛ්‍යාත දැන්වීම් පුවරු, පන්සල් පල්ලි දේවාල කෝවිල් වල මෙලොවටයි එලොවටයි නැතිව දැල්වෙන විදුලි පහන් නිවා දමන්නට අදාල තකතිරු බලධාරීන්ට සහ තකතීරු පූජක හැත්තට නියොග නිකුත් කරනු.රාත්‍රී 7න් පසු ගොබ්බ රියැලිටි ෂෝ සහ ටෙලිනාට්‍ය පඩංගු සමගම සියලු රූපවාහිනී විකාශන නවතා දමනු. .එමගින් විශාල විදුලිය නාස්තියක් ඉතිරි කරගත හැක.තවද අධික ඉන්ධන පරිභෝජනයක් ඇති බොරු සෝබන මොන්ටෙරෝ, පැජරෝ, ඩෙෆෙන්ඩර්, V8 වැනි එන්ජින් ධාරිතාව ඉහල වාහන ධාවනය තහනම් කරනු..නැතිනම් වින්ස්ක්‍රීන් කුඩු වන්නට ගල් ගසා එලවා දමනු.මේ පියවර කීපයෙන් පමණක් අනිවාරතේ සිදුවන දැවැන්ත විදුලිය සහ ඉන්ධන විනාශයක් වලක්වා ගත හැක.

    • Sumali says:

      Right decision

    • Nandasena says:

      හොඳ අදහසක්..
      නමුත් අධම පාලකයින් කරන්නේ සාමාන්‍ය ජනතාවට බඩේපාර දීම පමනි..

    • prasa says:

      සම්පූරනයෙන්ම ඇත්ත. අර්බුධයෙන් ගොඩ ඒමට කිසිදු කළමණාකරනයක් නැ.නැට්ටට හිදුනත් හිගාකාලා හරි සියල්ල සම්පූරණ කරගන්න තමයි හදන්නේ

    • මොරටු සමන් says:

      ආන්න පුතේ හරකෙක් comment කරලා…….

  3. වැඩ බැරි ටාසන් says:

    මල පෙරේත ආන්ඩුව ආපු දවස ඉඳන්ම මිනිසුන්ට ඉවරයක් නැති කරදර​. කරන්න බැරි නම් ඕක කරන්න පුලුවන් උදවියට බාර දීලා තොලොංජි වෙලා පලයල්ලා. මුන් ගේ කයිවාරු ඇරෙන්න කරපු මඟුලක් නැ.

  4. බිංකුණ්ඩා says:

    උ.ගැ. “මෙරට ඉන්ධන භාවිතය අධෛර්යමත් කිරීම සඳහා මිල ඉහළ නැංවූවද එයින් සැළකිය යුතු ලෙස ඉන්ධන භාවිතය අඩු වීමක් සිදුව නැති බව බලශක්ති අමාත්‍යවරයා ද මෑතක දී කියා සිටියේය.”
    මරි මෝඩ ඇමතියෝ… ඉන්ධන කීයට ගියත් මිනිස්සුන්ට යන්නම ඕන අත්‍යවශ්‍ය ගමන් කොහොම හරි යනව. ළමය ඉස්කෝලෙට දාන්න, බෙහෙත් ටිකක් ගන්න ඉස්පිරිතාලෙට, රාජකාරියට කොහොම හරි යනව. දවස් දෙකක් නිවාඩු ලැබුණොත් රට වටේ යන උඹලට චන්දෙ දුන්න ගොං හැත්ත ඇරෙන්න.

  5. බන්ඩා says:

    ලක්ෂ 15 ක රාජ්‍ය සේවකයන් වැඩක් නොකර හෝ අකාර්යක්ෂමව වැඩ කර නිකරැනේ වාහන වල යනවා. එතනය් ප්‍රශ්ණය.

  6. sam says:

    ලෑස්ති වෙන්න Black market එකෙන් $$ ගනුදෙනු කරනවා වගේ ඉන්ධන ගනු දෙනු කරන්නත්. පෙට්‍රල් ෂෙඩ් තියෙන අයට, බව්සර් තියෙන අයට දේසපාලන ගැත්තන්ට හොද කාලයක් ඒවි, හොරට කුපන් අරගෙන හෝ තෙල් අරගෙන වැඩි මිලට විකුනන්න පුළුවන්.

Main News