සදුදා සිට පැය හතරක වදුලි කප්පාදුවක්…?

February 4, 2022 at 12:02 am | lanka C news
සදුදා සිට පැය හතරක වදුලි කප්පාදුවක්…?

පවතින විදුලි අර්බුදය සැබෑ විදුලි අර්බුදයක් නොව ඉදිරියේදී තෙල් සංස්ථාව විදේශයකට විකිනීමේ සැලසුම් සහගත උත්සාහයක් බව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරයි.

ඉන්ධන තොග නිසි ලෙස නඩත්තු නොකිරීම සහ ජල විදුලියෙන් සියයට හැත්තෑවක් විදුලිය නිපද වීම හේතුවෙන් මෙම විදුලි අර්බුදය ආරම්භ වූ බව ද ඔහු පැවසීය.

නොරොච්චෝල බලාගාරයේ ජනන යන්ත්‍රයක් බිඳ වැටුණු පසු විදුලිබල මණ්ඩලයේ වාර්ෂික ජනන චක්‍රය නොසලකා ජලවිදුලිය භාවිතා කරමින් විදුලි ඉපදවීමට යාමෙන් මෙම තත්ත්වය උග්‍ර වූ බවත් හෙතෙම කියා සිටියේය.

මේ හේතුවෙන් ජල විදුලි බලාගාර ආශිත ජලාශවල ජල මට්ටම ඉතා වේගයෙන් පහළ ගිය නිසා නැවතත් විදුලිය නිෂ්පාදනයට ඉන්ධන භාවිතා කිරීමට සිදුවී ඇති බවද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් එළැඹෙන සදුඳා දිනයේ සිට උපරිම වශයෙන් දිනකට පැය 4 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට වනු ඇති බවත් හෙතෙම තවදුරටත් අනතුරු ඇඟවීය.

16,109 views

4 Comments to “සදුදා සිට පැය හතරක වදුලි කප්පාදුවක්…?”

  1. Hhh says:

    විදූළි බල මණ්ඩලයේ මූදල් වලින්..අනූ ආයතන (lanka transformars). ආරම්භ කරල පාලකයන්ට පිනට එම ආයතනම ලියල දෙන විදූලි බළ මණ්ඩළයේ මහ එවූන් හොරු…

  2. Dikan says:

    මේ අපතයා කියන ඒවා අහන මෝඩයෝ තවත් ඉන්නවා ද යකෝ…

  3. මීට මාස හය, හතකට ඉස්සෙල්ලා මේ කාලකන්නි පඩංගුවා සමාජ මාධ්‍ය ඔස්සේ, රූපවාහිනී නාලිකා ඔස්සේ රටටම බෙරිහන් දීලා කිව්වා තව දවස් 11 කට විතරයි ඉන්ධන තියෙන්නේ ඊට පස්සේ රටම අනාථයි කියලා. මුන් රටේ මිනිස්සු නොමග යවන අනුන්ගේ කොන්ත්‍රාත් කරන කාලකන්නි.

  4. Ashan perera says:

    Aniwariyen oka private company ekakata denna one ethakota me wage baila karayo elawala dala wada karana minissu witharak thiyagana oka hodata duwai. Oke minissu 100 enna one thana 10000 withara dala unta nikan padi gewanawa. Un wadak nathi hinda TV karayo dethun denek allan ohe kiyawanawa. Me yaka kiyana tharamak kiyanneth boru. .mehema me rate boru prasidda karana unta daduwan denna widohak nathi eka loku awulak.

Main News