මෙරට සිසුන්ට විදේශීය භාෂා 10ක් ඉගෙනීමේ අවස්ථාව….

February 12, 2022 at 8:02 am | lanka C news
මෙරට සිසුන්ට විදේශීය භාෂා 10ක් ඉගෙනීමේ අවස්ථාව….

මෙරට පාසල් දරුවන් සඳහා විදේශීය භාෂා ඉගැනුමට ප්‍රවේශය ලබා දීමේ මාර්ගගත වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

පෙබරවාරි මස 11 වන දින අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවැති ඉහත වැඩසටහන් මාලාව පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

රාජ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් පරිදි London School of Executive Limited ආයතනය සමග එක්ව රාජ්‍ය අමාත්‍යංශයේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එක්සත් රාජධානියේ London School of Executive Limited ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය හරහා පාසල් දරුවන් සඳහා ගැලපෙන ලෙස ජාත්‍යන්තර ප්‍රමිතියට අනුගතව ඉංග්‍රීසි, ප්‍රංශ, ස්පාඤ්ඤ, ජර්මන්, ඉතාලි, හිංදි, චීන, ජපන්, රුසියානු හා අරාබි යන භාෂා හැදෑරීමේ හැකියාව ඇති බවත්, ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කොටගෙන පැවැත්වීමට නියමිත ප්‍රධාන උත්සවයට සමගාමීව මෙම වැඩසටහන ද ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් රාජ්‍ය අමාත්‍යතුමන් සඳහන් කරන ලදි.

එමෙන්ම දිවයින පුරා පාසල් වල විදුහල්පතිවරුන් මෙම වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කරනු ලැබීය.

– මාධ්‍ය ඒකකය

13,537 views

19 Comments to “මෙරට සිසුන්ට විදේශීය භාෂා 10ක් ඉගෙනීමේ අවස්ථාව….”

  1. සංවර්ධනය says:

    ජයවේවා…(කලු සුද්දන්ට පරාජය)
    විදේශීය භාෂා 10ක් කෙසේ වෙතත් ජාත්‍යන්තර භාෂා 06වත් උගන්නවන්න.ප්‍රංශ, ස්පාඤ්ඤ, චීන, රුසියා, අරාබි සහ ඉංග්‍රීසි භාෂා ජාත්‍යන්තර භාෂා 06 බව රටේ වැඩි දෙනෙක් දන්නේ නැත. ජාත්‍යන්තර භාෂා 06 ඉගෙනීම තුළ රටේ සංවර්ධනය වේගවත් කළ හැකිය.

  2. David Milli-banda says:

    Not only for students but also for foreign service employees.

    • John the baptice says:

      ප්‍රථමයෙන් අපේ රටේ පදිංචි වී සිටින සුළු ජාතීන්ට අපේ රටේ මව් භාෂාව වූ සිංහල ඉගන ගැනීම අනිවාර්ය කරණු …දෙමල .මුස්ලිම් පාසල් සියල්ල සෑම ජාතින්ටම පොදු මිශ්‍ර පාසල් බවට පත් කරනු

  3. Ranjith says:

    😆😂 භාෂා 10 කොහොම වෙතත් සිංහල,දෙමල, ඉංග්‍රිසි හරියට උගන්න ගත්තොත් ඇති. ඒකවත් හරියට කෙරෙනවද?

    • ගුරුළු says:

      දෙමල භාෂාවක් අපේ රටේ පාසල් වල ඉගැන්වීමට පටන් අරන් සමහර ළමයි බාල්දියට,” වාල්දිය” කියනවා ..දෙමල ජනතාවට ”බා ”යන්න කියන්න ප්‍රථමයෙන් ඉගැන්වීම කරන්න …අපේ රටේ මව් භාෂාව විකෘති නොකර හරියට සිංහල ඉගැන්වීම කරන්න ..දකුණු ඉන්දියාවේ දෙමල බස ඉගැගනිමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද ? සුළු ජාතිකයින්ගේ ජන්දෙට දේශපාලකයින් ඔවුන්ට දෙන කප්පමක්ද ?

      • රංජිත් says:

        කනගාටුයි. ලංකාවෙ20%ක් කතාකරන භාශාව ගැන නොදැන සිටීම ගැන.බෙදුම් වාදයට මුල් වූ එක හේතුවක් තමයි සින්හල හා දෙමල ජාතීන් අතර සමාජයෙ සම්බන්ධ කමක් නැති වීම. හැරත් දෙමල භාශාව ලංකාවෙරාජ්‍ය භාශා වලින් එකක්.

        • Sinhalaya says:

          Tho wage kalakanni awajathaka jathithdrohi ballo helaye sitina thak marata diyunu nowe thopitath wasangathaya sedi pawl pitin winasa wethwa

        • චන්දන says:

          ඔබගේ අදහසට මම එකඟයි

        • Spirit says:

          17% සුළු ජාතීන්ගේ දෙමල භාෂාව රජයේ භාෂාවක් කලේ අපේ රටේ දේශපාලකයෝ ඔවුන්ට උතුරේ දෙමළ ජන්ද ලබා ගැනීමටත් මුස්ලිම් ජන්ද ලබා ගැනීමටත් …ඉන්දියාවේ මිලියන් 93 දෙමළ ජාතිකයන් ජිවත් වුනත් ඉන්දියාවේ රජයේ භාෂාව හින්දි ..දකුණු ඉන්දියාවේ දෙමල භාෂාවට කිසිම තැනක් නැහැ ..අපේ රටේ අනුවන දේශද්‍රෝහී දේශපාලකයින්ගේ අනුවන ක්‍රියා නිසයි අපේ රටේ දෙමල බෙදුම් වාදය ඇතිවුයේ …ලෝකයේ දෙමල බස රජයේ භාෂාවක් කරපු එකම රට ලංකාව නිසා ,අද සිංහල මහා ජාතිය දෙමළ ත්‍රස්තවාදීන්ගෙන් ත්‍රස්තවාදී ක්‍රියා වලට දුක් විදිනවා .වසර 30ක් අපේ රටේ ජනතාව මේ දමිළ ත්‍රස්තවාදීන් නිසා මියගියා ..රටේ ආර්තිකය අගාදයට ගියා තවමත් උතුරේ දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදී දේශපාලුවෝ අපේ රටේ උරුමය ලබා ගැනීමට උත්සාහ කරනවා දෙමළ භාෂාව රජයේ භාෂාවක් කරගත් අන්දමටම අපේ මව් බිමේ උරුමය මංකොල්ලා කෑමට උත්සාහ ගන්නවා

        • JUDE says:

          දෙමළ බස් රජයේ බසක් කිරීමට පියවර ගත් බණ්ඩාරනායකගේ සොහොනට 7 වරක් හෙණ වැදුණු බව හොරගොල්ලේ ජනතාව පවසනවා ..ඔහුගේ ජීවිතය ඔහුට අහිමි වුයේ ඒ ගත් පියවර නිසාලු

  4. Gamarala says:

    සිංහල බාෂාව හරිහැටි කතා ක‍රන්න බැරි බොහොමයක් අපේ රටේ ඉන්නවා ඒ ගැන පළමුවෙන් සොයා බලන්න.

  5. Aberdeen says:

    Good move

    There are 50000 nursing vacancies in UK.
    Teach our nurses english and attitudes and send them here.

    • CAT says:

      පිස්සුද? අපේ දේශපාලකයෝ කැමති අපේ රටේ ජනතාව වහලුන් වගේ මැදපෙරදිග රැකියාවට යැවීමට

  6. Dulmina says:

    ඒකත් හොද ඉල්ලමක් , “” ඉස්කෝල පිං පඩි “” ටියුෂන් කඩ කාරයන්ට!
    වැඩිය කෙහෙල්මල් ඕන නෑ , ගුරුන්ට ගුරියන්ට පිං පඩි ගෙව ගෙවා
    ඉස්කෝල ජීවිතේ අවු.11 ක් විතර තිස්සේ උගන්වන ඉංග්‍රීසි භාෂාව හරියට ඉගැන්වෙනවාද බලහල්ල !!
    ඉස්කෝලෙ හරි විදිහට ඉගැන්නුවා නම්
    ලංකාවේ ත්‍රිවිල් මල්ලි කෙනෙකුට, බස් කොන්දොස්තර මහත්තයෙකුට පවා
    චතුර විදිහට ඉංග්‍රීසි භාෂාව කතා කරන්ඩ පුළුවන් වෙන්ඩ ඕන !!!

Main News