සෑම කුඹුරකටම හමුදාවෙන් දමයි…
February 13, 2022 at 12:02 am | lanka C news
ඉදිරි යල කන්නයේදී ( මාර්තු- සැප්තැම්බර් ) ගොවීන්ට උපරිම ලෙස සහයවීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මෙරට කෘෂිකර්මාන්තය ඉහළම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් මත තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් කර ඇතැයිද සඳහන් කළේය.
කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරින් සමඟ සම්බන්ධවී (සම්බන්ධීකරණය ) ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වාවූ සියලු කටයුතු සඳහා විවිධාකාරයට උදව් කිරිම මෙම හමුදා නිලධාරීන්ට පැවරෙන වගකීම බවද ශවේන්ද්‍ර සිල්වා මහතා කීවේය.
කොවිඩ් එන්නත්කරණයේදී උපරිම ලෙස දායකත්වය දැක්වූ ආකාරයටම රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහාද ඉහළම දායකත්වය දැක්වීමට යුද හමුදාව සූදානම් බවත් ජනාධිපතිවරයා ඒ සඳහා තමාට අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදී ඇති බවත් යුදහමුදාපතිවරයා ප්‍රකාශ කළේය.
කෘෂි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර ඇති යෝජනාද මෙහිදී සැලකිල්ලට ගන්නා බව පැවසූ ඒ මහතා උතුරු නැගෙනහිර ඇතුළු තෝරාගත් බිම් ප්‍රදේශවල යුදහමුදා සාමාජිකයන් යොදවා විවිධ වගා ව්‍යාපෘති දැනටමත් අරඹා ඇතැයිද පැවසීය.
-lakadeepa
හොද අදහසක්
Agriculture Corp Agri General Sawee
Pohora illapuwama hamudawa danawa
sir koheda yanne malle poll
විද්වතුන්ට ශේෂ්ඨ විද්‍යාඥයින්ට මල පනිනු ඇත
Another foolish idea from the Dream King.This is not the way ,, what they can do in the paddy filed.
Just wasting our resources and time of the force.One only country with such foolish leadership.God bless Srilanka
Cake in place of bread
VEE mila bassuwa wage……..
VEE mila Hodatama bassuwa wage……..
හමුදාව දාල හරි කාබනික වගාව සාර්ථක කර ගන්න පුළුවන් නං හොඳයි👍 මේක කරන්න බැරි දෙයක් නෙවෙයි
To Man,
හෙහ් , හෙහ් , හෙහ්….
සමගිව , එකමුතුව
විද්‍යාත්මකව රෙමු !
චීනෙට පුළුවන් නං
අපටත් පුළුවන් !!
To Man,
මං කියන එක විතරක් කරපිය !
හෙහ් , හෙහ් , හෙහ්….
සමගිව , එකමුතුව
කුඹුරෙම රෙමු !!
චීනෙටත් පුළුවන් *
අපටත් පුළුවන් **
KAKILLE RAJJURUWANGE NADU THINDUWAK !!