මන්නාරමේ වී අස්වැන්න 50%කින් බසී…
February 19, 2022 at 2:20 am | lanka C news
උතුරු පලාතේ සහල නැලිය ලෙසින් හැඳින්වෙන මන්නාරම් දිස්ත්‍රීක්කයේ මෙවර මවකන්නයේ වී අස්වැන්නට නිසි කලට පොහොර නොලැබීම හේතුවෙන් අස්වැන්න 50 %කින් පමණ අඩුවෙනු ඇතැයි දිස්ත්‍රීක් ගොවීහු පෙන්වා දෙති.
මන්නාරම පූවර්සන්කුලම් ප්‍රදේශයේ වී අස්වැන්න නෙලීමේ කටයුතු මේ දින වල සිදුවන අතරම එම ප්‍රදේශයේ පිහිටි සියලු කුඹුරු ගොවිතැන්හි වී වගාවන් සඳහා නිසි කලට පොහොර නොලැබීම මත වී අස්වැන්න දැඩි ලෙසින් හානි සිදුවීමෙන් වී බොල් වී ඇති බවටත් ගොවීහු පවසති.
එමෙන්ම වී ගොයමේ මහබණ්ඩි සමයට අවශ්‍ය වූ බණ්ඩි පොහොර නොලැබීම මත වී අස්වැන්න 50 % කින්ම අඩුවීම මත තම වී ගොවිතැන දැඩි ලෙසින් මෙවර මහකන්නයේදී කඩා වැටී ඇතැයි පූවර්සන්කුලම් ගොවීහු වැඩිදුරටත් පැවසූහ.
පවතින වාතාවරනය හමුවේ සමස්ථ මන්නාරම් දිස්ත්‍රීක්කයේම වී අස්වැන්න මෙවර මහක්නනයේදී දැඩි කඩා වැටීමකට ලක්වීම මත ගොවීන් පීඩාවන් රැසකට මුහුණ පා සිටන බවටද මන්නාරම් දිස්ත්‍රීක් ගොවි සංවිධාන වැඩිදුරටත් පෙන්වා දෙති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
ඇවිල්ලා අවුරුදු 2කට වැඩී.. අඩු ගානෙ බලාගාරෙකට මුල්ගලක් තියාගන්න බැරි උනා.. යහපාලනේටයි කොරෝනාවටයි බැන බැන ඉදපන් ජනාදිපති පරයා
කරන්න බැරි කාබනික මගුලක් පටන්ගෙන ගොවිතැන විනාස කලා මදිවට සුලං බලශක්ති ප්‍රොජෙක්ට් වලට මීටිං තිය තිය කාලෙ මරනවා..
ගෝතයා පටන් ගන්නෙම කරන්න බැරි දේවල්.. හීන ලෝකෙන් බිමට බැහැපන්
මේ යකා මුලු රටටම කෙලවලා තමා ඇමෙරිකාවට දුවන්නෙ.. මූ තමා ලංකාවට එවපු නියම ඇමෙරිකන් කුමන්ත්රණකාරයා
statements revealed the true picture
අතීත උරුමයෙන් වර්තමානයට.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ සිරකරුවෙකු වශයෙන් සිටි බි්රතාන්ය ජාතික රොබට් නොක්ස් ද (එදා හෙළදිව ග්‍රන්ථය), ලංකාවේ දේශීය පාරම්පරික වී වර්ගවල රුව-ගුණ ගැන කරුණු දක්වා තිබේ. ඔහු කියන හැටියට පැසීමට ගතවන කාලය වෙනස් වුව ද, ලංකාවේ වී වර්ගවලින් නිපැයෙන සහලේ බතෙහි මිහිරි රසය වෙනස් නොවේ. ඉක්මණින් පැසෙන වී වර්ගවල බත, ඉමිහිරි රසයෙන් යුක්ත වුව ද, ඒවායෙහි අස්වැන්න අඩු බව ඔහු කියයි.
දේශීය පාරම්පරික භාවිතාවෙහි වාජීකරණ ගුණ සහිත සහල් වර්ග ගැන ද කියැවෙයි. ඒ අතර සුවඳැල්, රත් ඇල්, කලූ හීනැටි, මා වී සහ කුරුළු තුඩ යන සහලේ බත ප්‍රධාන ය. ‘මුතු මාණික්කන්’ සහලේ බත, කතුන්ගේ රුව වඩවන බව ප්‍රකට ය.
දේශීය පාරම්පරික වී වර්ගවල බත කොතරම් ගූණවත් ද? යන්න, අද රටවැසි බොහොම දෙනෙක් නො දනිති. 1960 වසරෙන් පසුව එළඹි ‘හරිත විප්ලවයෙන්’ රටට පැටවූ, වස-විස සපිරි නවීන රසායනික ගොවිතැනට හසුව ඒවා අභාවයට යැවීම ඊට හේතුවයි. එහෙත් රටවැසි සමහර ගොවීහු තම පාරම්පරික වී සම්පත වැනසී යා නො දී රැක ගත්හ. ඔවුන්ට අමතරව, ඇලෙක්ස් ප්‍රනාන්දු සහ මතුගම සෙනෙවිරුවන් යන දෑ හිතෙෂියන් දෙපල ද බොහොම වෙර වීරියෙන් දේශීය පාරම්පරික වී වර්ග සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙලක නියැලූණහ. ඇලෙක්ස් ප්‍රනාන්දු මහතා, 1971 කැරැල්ලට සිරගතව නිදහස් වීමෙන් පසුව ද, මතුගම සෙනෙවිරුවන් මහතා 1987 වසරෙන් පසුව ද, පැරණි වී වර්ග එකතු කිරීමටත්, ඒවා යළි ගොවීන්ට බෙදා දීමටත් ක්‍රියා කළහ. වගා දැනුම ද නිර්ලෝභීව බෙදා දුන්හ. ඉන් සැලකිය යුතු ව්‍යාප්තියක් ඇති විය. ආණ්ඩුවේ වගා යාන්ත්‍රණය වන ‘කෘෂිකර්ම දෙපාර්තමේන්තුව’ ද, නවීන වස-විස ගොවිතැනෙහිම ඇලීගැලී සිටීම නිසා, එකල පැරණි වී වර්ග යළි ව්‍යාප්ත කරන්නට යාම මහත් දුෂ්කර කටයුත්තක් විණි. මිථ්‍යා මත ද විශාල සංඛ්‍යාවක් පතුරුවා හැර තිබිණි. එකල කෘෂිකර්ම බලධාරීන් කළේ, පැරණි දේශීය වී වර්ගවල ලක්ෂණ භාවිත කරමින් නව දෙමුහුන් වී වර්ග නිපද වීම ය. එහෙත් ඇලෙක්ස්ලා සහ සෙනෙවිරුවන්ලා මෙන්ම, ඈත ගම්වල පාරම්පරික වී බීජ රැකගත් නිර්භීත ගොවීන්ට ද පින් සිදු වන්නට, දැන් ලංකාවේ වී ගොවීන් දස දහසකට ආසන්න සීමිත සංඛ්‍යාවක් දේශීය පාරම්පරික වී වර්ග වස-විසෙන් තොරව වගා කරමින් සිටිති. ඒවායෙහි ආහාරමය මෙන්ම ඖෂධීය ගුණය ද ඉතා ඉහළ ය. ඔවුන් අතර අද පැරණි වී වර්ග 600ක් පමණ සංසරණය වෙමින් තිබේ.