‘රට උඩුයටිකුරු කල පාස්කු බෝම්බ මහා කුමන්ත්‍රණය… පසපස ඉන්දියාව..’ හිටපු හමුදා නිලධාරියෙකු රහසිගත තැනක සිට සියල්ල හෙලි කරයි..

February 19, 2022 at 10:00 am | lanka C news
‘රට උඩුයටිකුරු කල පාස්කු බෝම්බ මහා කුමන්ත්‍රණය… පසපස ඉන්දියාව..’ හිටපු හමුදා නිලධාරියෙකු රහසිගත තැනක සිට සියල්ල හෙලි කරයි..

පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්දියාවේ රෝ ඔත්තු සේවය සිටින බව ගුවන් හමුදාවේ හිටපු සෙබළෙකු වන කීර්ති රත්නායක මහතා විසින් විශේෂ අනාවරණයක් සිදුකර ඇත.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සම්බන්ධයෙන් බරපතල විවේචනයක් සිදු කරමින් ජේෂ්ඨ සහ ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා විසින් රචනා කළ චෞර රැජිණ කෘතිය පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බවද ඔහු විසින් හෙළිදරව් කර තිබේ.

පසුගියදා ඉන්දීය තානාපති කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පිළිබඳව ඔහු තොරතුරු හෙළි කළ අතර ඒ පිටුපස පසුගිය ජනාධිපතිවරණය අවස්ථා දී ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම වෙනුවෙන් කටයුතු කළ බැසිල් රාජපක්ෂ මහතාටද හිතවත් මුස්ලිම් ජාතිකයෙකු සිටින බවට ද ඔහු හෙළිකරයි.

Daily mirror යුධ පුවත් වාර්තාකරු ලෙස කටයුතු කළ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතාට ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිදුවීම පිළිබඳවද අදහස් පළකරන ඔහු, පවසන්නේ ආන්දෝලනාත්මක මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ⁣කරුණු හෙළිදරව් කිරීමක් හේතුවෙන් තමා විසින් මෙලෙස ඔහුට ගිනි අවියක් පෙන්වා තර්ජනය කළ බවයි.

තමන්ට ඉක්බාල් අතාස් මහතා සමඟ පුද්ගලික අමනාපයක් නොතිබූ බව පවසන රත්නායක මහතා කිසියම් පුද්ගලයකුගේ ඉල්ලීමට අදාළ සිද්ධියට තමා සම්බන්ධ වූ බවද පවසයි.

යුද්ධය පැවති කාලසීමාවේදී කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් රහසිගත ඒකකයකට අනුයුක්තව තමන් කටයුතු කළ බවද ඔහු පවසන්නේ ආන්දෝලනාත්මක සිදුවීම් රැසක් ද අනාවරණය කරමින් වීම විශේෂත්වයක්.

රහසිගත ස්ථානයක සිට අන්තර්ජාල නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු අනාවරණය සිදුකර ඇත.

155,206 views

33 Comments to “‘රට උඩුයටිකුරු කල පාස්කු බෝම්බ මහා කුමන්ත්‍රණය… පසපස ඉන්දියාව..’ හිටපු හමුදා නිලධාරියෙකු රහසිගත තැනක සිට සියල්ල හෙලි කරයි..”

  1. ජනජය says:

    අපි මේක කලින් කිව්වා….කිඹුල් නාට්ටි 1,2,3 එනවා කියල …මුං ගොඩක් එවුන් හිතාගෙන ඉන්නෙ ටියුබ් එකෙන් ගොඩ යන්න….මේ දවස් වල ටියුබ් එකේ මේ වගේ වීඩීයෝ වැහි වැහල..තව දාපල්ල…තව දාපල්ල ….!

  2. sana says:

    indiyawa plan karala nam indiyawama okkotama information eka denna untath ubata wage mentalda ooi….

  3. This is another brand New Drama…..🤣🤣🤣🤩🤩😂😂

  4. piyal says:

    KIRTHI RATHNAYAKA. GUWAN HAMUDAWE MUDAL WANCHAKATA HASUWA ,,DANDUWAM KARA
    SEWAYEN NERPAA DAMU, PATTA HOREK BAWA BHOO DENEK DANNAWA.
    NODANNAWA WAGE INNA JVP, SJB ,NARUMAINTA ME DESAD DROOHIYA MAHA WIRUWEK.

  5. Sajja says:

    මේ යකා බොරුකාරයෙක් බව මීට බොහෝ කාලෙක සිට හෙලිඋනා.

  6. Kiri says:

    He is just trying to take VISA for Europe by using easiest way..

  7. LalithM says:

    බොරුවෙන් බලය පවත්වාගෙන යාම ප්‍රගතිශීලී කියාගන්න අයගේ ස්වභාවය වගේ.

  8. wimalasena H.D. says:

    ado gonbooru pissan kotuwen penala aapu amu sebala pisso. tho ape iqbalta ehema atha thiyanne nehedo gon
    sakkili goo baiyo. thoge andu kadala pollath eta dekath ekkama vinaasa koralama daanava denaganin kewum
    kana yodhayo.

  9. ගරසරප says:

    තවත් නාමල් කුමාරයෙක්?

Main News