66ට හාල් නෑ.. ඇමති රටම මුලා කරයි..

February 4, 2017 at 4:40 pm | lanka C news
66ට හාල් නෑ.. ඇමති රටම මුලා කරයි..

සහල් සදහා පාලන මිලක් නියම නොකර තිබියදී ඇමතිවරයා පාරිභෝගිකයා මුලා කර ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

සහල් සදහා පාලන මිලක් නියම නොකර තිබියදී ඇමතිවරයා පාරිභෝගිකයා මුලා කරයි.

සහල් සදහා පාලන මිලක් නියම කර ඇති බවත් රු. 66 ට වඩා කැකලු සහ නාඩු සහල් අලෙවි නොකරන ව්‍යාපාරිකයින් නීතිය ඉදිරියට ගෙන ඒමට පාරිභෝගික අධිකාරියට උපදෙස් දුන් බව වාණිජ හා කර්මාණ්ත ඇමතිවරයා පැවසීම කිසිදු පදනමක් නැති ප්‍රකාශයක් වන අතර එසේ කිරීම සදහා කිසිදු නීතිමය පදනමක් නොමැත.

එසේ පාලන මිලක් ඇති කිරීමට නම්  2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පන‍තේ 20 (4) වගන්තිය යටතේ ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතුය. අදාල  ගැසට් පත්‍රය නිකුත් නොකර ජීවන වියදම් කමිටුව ගත් තීරණය පිළිබදව විටින් විට ප්‍රකාශ කිරීම තුළින් පාරිභෝගිකයා නොමග යන අතර වෙළෙන්දන් හා පාරිභෝගිකයා අතර ගැටුමක් නිර්මාණය කරයි.

ඇමතිවරයාගේ ප්‍රකාශ මගින් මෙරට පාරිභෝගිකයාගේ කුස නොපිරෙන බැවින් වහාම  සහල් සදහා පාලන මිලක් නියම කරන ලෙසත් එම පාලන මිල ක්‍රියාත්මක කිරිම සදහා අබල දුබල නොවන සභාපතිවරයෙක් පාරිභෝගික අධිකාරියට පත් කරන ලෙසත් අප රජයෙන් ඉල්ලා සිටිමු.

රංජිත් විතානගේ
සභාපති

57 views

3 Comments to “66ට හාල් නෑ.. ඇමති රටම මුලා කරයි..”

  1. kasun says:

    හාල් පාලන මිලට විකුනන්නේ නැතිනම් පැමිණිලි කරන්න .. සියලුම කඩවලට එරෙහිව පැමිණිලි කරන්න කණ්ඩායමක් හදන්න … කියන්න හදනදේ තේරුම් ගන්න .. ඉක්මනට ක්‍රියාත්මක වෙන්න

  2. Desapremiya says:

    මෙච්චර වද විදගෙන හාල් මොකට කනවද ? පුන්නක්කු, තණකොළ, කොස් කොළ, ක්රෝටන් කොළ කිසිම මිල පාලනයක් නැතුව ඉතාමත් අඩු මුදලට මෙන්ම ගෙදර වත්තෙන් සපයා ගන්න පුළුවන් කම තියෙද්දී. සිරිකොතේ කුස්සියෙන් ආදර්ශයක්.

  3. Critic says:

    Stupid F.M jokes with the consumers! the cost of 1kg brown rice Rs76/ even in the ”Sathosa”!

Main News