වාසු ඇමති ධුරයෙන් ඉවතට..?

March 15, 2022 at 10:40 am | lanka C news

වාසුදේව නානායක්කාර මහතා විසින් දරනු ලබන ජලසම්පාදන අමාත්‍ය ධුරය සඳහා වෙනත් අයෙකු පත් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරයා තම රාජකාරී වලින් ඉවත් වී සිටීම හේතුවෙන් එම අමාත්‍යාංශයේ පරිපාලන වශයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව එහි නිලධාරීන් පෙන්වා දීම මත මෙම මේ සම්බන්ධයෙන් අවධානය යොමුව ඇත.

වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරන්නේ තමන් අමාත්‍ය ධුරයේ රාජකාරි තවදුරටත් සිදු නොකරන බවයි.

ඔහු ඊයේ දිනයේ සිය නිල නිවස හා නිල වාහනද ආපසු බාර දීමට කටයුතු කලේය.

මේ අතර ඒ මහතා සඳහන් කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම සඳහා රජය ගිවිසුම් ගත වන පළමු මොහොතේම තමා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවය.

32,915 views

4 Comments to “වාසු ඇමති ධුරයෙන් ඉවතට..?”

  1. චන්ද දායක says:

    දෙගොල්ලටමයි , අපිටයි, රටටයි ඔක්කෝටම හොඳයි ගෙදර ගිහින් විශ්‍රාම සුවයෙන් කල් ගෙවන්න . අපි ඔබගේ මුල් කාලය විතරක් මතක තබාගන්නම්.

  2. Hi says:

    100% Correct!!!

  3. Rojer says:

    When I was in university in 1975 he came there for a talk to uni student as a LSSP MP
    He should have gone longtime ago. I don’t think he has done much to remember
    Go sooner the better

  4. 20 වන සංශෝධනය සම්මත කර ගන්න, ද්විත්ව පුරවැසි සක්කිලි ඇමරිකන් බැසිල් උලමාව පාර්ලිමේන්තුවට ගෙන එන්න කටයුතු කරන්න, කප්පමක් ලෙස උදය සහ බැසිල් කැබිනට්ටුවෙන් ඉවත් කරන්න මහින්දත්, ගෝටත් අන්තවාදී දෙමල/මුස්ලිම් නායකයින්ට පොරොන්දු වූ බව දැන් හෙලිදරවු වී ඇත. එතන වාසුගේ නම නැත. ඒත් දැන් ප්‍රමාදවී හෝ වාසු ඉවත් කිරීමට සැරසේ. මේ හැම පාහරයින්ම ඔවුන් තිදෙනා පමනක් නොව රටම රවටා ඇත.ආන්ඩුව පන්නමු!

Main News