ගෑස් ලොරියක් එයි.. බෙදාගන්න ගැටුම්…

March 19, 2022 at 4:40 pm | lanka C news
ගෑස් ලොරියක් එයි.. බෙදාගන්න ගැටුම්…

ලිට්‍රෝ ගැස් සමාගම විසින් හැටන් ප්‍රදේශයේ සිය අලෙවි නියෝජිතයන්ට (19) දින නිකුත් කරන ලද සිමිත ගැස් ප්‍රමාණය ටොකන් ක්‍රමයට බෙදා හැරිමේදි අලෙවි නියෝජිතයන් සහ ගැස් ලබා ගැනිමට පැමිණි පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ගැස් ලබා ගැනිම සදහා පාරිභෝගිකයන් (19) දින අලුයම සිට ගැස් අලෙවි නියෝජිත වෙලදසැල ඉදිරිපිට රැදි සිටියද ඇතැම් පාරිභෝගිකයන්ට ගැස් නොලැබිම හේතුවෙන් උණුසුම් තත්ත්වය ඇති විය.

පාරිභෝගිකයන් චෝදනා කර සිටින්නේ ගැස් අලෙවි නියෝජිතයන්ට හිතවත් අයට පමණක් සමාගම විසින් නිකුත් කරන ලද ගැස් බෙදා හරින බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

12,219 views

3 Comments to “ගෑස් ලොරියක් එයි.. බෙදාගන්න ගැටුම්…”

  1. SKF says:

    ගෑස් ටැන්කියේ මිලට ජීව වායු ඒකක හදල විකුනුවා නම් කොච්චර හොදද?
    ගෑස් වගේම පොහොරත් ලැබෙනවා.

    • DOC says:

      ඕව ආන්ඩුවෙන් කවදාවත් කරන්නෙ නෑ. 225ට දැක්මක් නෑ. එක්කො දේශීය ව්‍යාපාරිකයෙක් කරන්න ඕනේ (ආපිකෝ එකේ තියෙනවා, මිල ටිකක් වැඩියි), නැත්නම් නව නිපැයුම් කරුවෙක් කරන්න ඕනේ. නැත්නම් උමoදාව වගේ තැනකින් කරල, මිනිස්සුන්ට හදාගන්න හැටි පෙන්වන්න ඕනේ.

  2. True Srilankan says:

    රාවණාගේ හෙළයො සෙට් එකටත් ගිහිපු කලක්! 😂😂😂

Main News