සහල් කිලෝව රුපියල් 300ක් දක්වා…

March 20, 2022 at 3:00 pm | lanka C news

ඉදිරි දින කිහිපයේදී නාඩු සහල් කිලෝවක මිල රුපියල් 200 ඉක්මවා ඉහළ යනු ඇතැයි සහල් මෝල් හිමියෝ කියා සිටී.

අද වන විට වී මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇතැයි ඔවුන් පෙන්වා දෙති.

මහ කන්නයේ දී කාබනික පොහොර යොදා වී ගොවිතැන කිරීම නිසා අස්වැන්න විශාල ලෙස පහත වැටී ඇති බවත් මේ නිසා ගොවීන් තම වී තොග අලෙවි නො කරමින් සිටින බවත් සඳහන් කරන මෝල් හිමියන් මෙම තත්ත්වය මත ද සහල් මිල ඉහළ යනු ඇතැයි කියා සිටියි.

අද වන විට නාඩු වී කිලෝවක් රුපියල් 110 දක්වාම ඉහළ ඉහළ මිලකට නියම වී ඇති අතර එම මිලට නිෂ්පාදනය වෙන සහල් කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 190 ඉක්මවයි.

ඉදිරි යල කන්නයට රසායනික පොහොර නිසි ලෙස සැපයීම සිදු නොකළහොත් වී කිලෝවක මිල රුපියල් 150 ඉක්මවා යනු ඇති බව ද එක්සත් සහ නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

එසේ වුවහොත් යල කන්නයෙන් පසු සහල් කිලෝව රුපියල් 300 ඉක්මවනු ඇතැයි සංගමය සභාපති මුදිත පෙරේරා මහතා පැවසීය.

23,884 views

9 Comments to “සහල් කිලෝව රුපියල් 300ක් දක්වා…”

  1. Truth says:

    Gon biyalata jayawawa

  2. මරතේනිස් අයියා says:

    කාබණික පොහොර මලඉලව්ව අසාර්ථක වැඩක් කියල ගමේ අපි කියනකොට ටවුන්වල ඉන්න සමහර උදවිය නිර්දය විදිහට අපිව විවේචනය කළා ලොකු උන්නැහේගෙ වැඩේ ටොප් කියලා.දැන් ඉතින් අඬලා මක්කරන්නද? විරැවා ලොකුඋන්නැහේ පාහරදෙණියත් එක්ක සෙට්වෙලා රතනෙ සාදුගෙ⁣න් අහලා ගෙදරදීම සහල් නිපදවාගන්නා විදිහ කියාවි

  3. ජනජය says:

    කව්ද මේව කියන්නෙ …මෝල් කාරයොයි , එක්සත් සහල් සංගමෙයි…මුං දෙගොල්ලොම ගොවියො නෙවෙයි …ගොවියවයි , පාරිභෝගිකයවයි හූරං කන පජාතිකයො ටික. ..හරියට වාහන ගේන උන්ගෙ සංගමේ වගේ…බොල මකබෑ වෙච්චි දවසට මේ රටේ හාල් මිල අඩුවෙයි !

  4. Sri Lanka 🇱🇰 says:

    Dan janathawa loan aran ugs thiyala mechchra kal hitiya, palakayo hithanne janathawa iwasanawa kiyala, apita merenna beri nisa palakayo kadinam wisadum gani kiyala wekak hera welak kala hitiyath min idiriyata adayamata wada wiyadama wedi nisa mari mari watenna wela thiyenne, minisunta dawase wiyadama thiya mas padi ayatath adayamata wada wiyadama badu mila nisa. 69 laksha palakayo nirmanaya nisa api meri mari thama innawa, kadinam wisadum wenuwata janthawata iwasnalu, me wedi karana widiyata eda wela thiya mas padi ayatath nomeri inna wela thiyenne, mila wedi kara onanam kapala nathnam mariyala kiyala wedi karanne Dan mewa ganna minisunta adayama na

  5. Crazy says:

    See the damage done within months to entire nation by a person who thinks that he knows everything. I don’t see this organic thing made any progress other than enable to jump the price to unbearable levels. What Padeniya knows about agriculture? That’s really a question to ask he knows at least what he capable to do. This type of vampires finally destroyed our country with every possible ways and finally that has become a graveyard…

  6. Gamarala says:

    මහින්දගෙන් අපි අහමු දැන් සැපද කියා.

    ”මහින්ද මහත්තයෝ රට ලූණු ගෙඩිය පෙන්නලා අපෙන් ඡන්දේ ගත්තා දැන් සැපද?”

    දැන් පොල් ගෙඩිය ලාභ ද?

    ලයිට් කපනකොට සැප ද?

  7. tharindu says:

    mevage deshapaluvo kalakanni rata kava

  8. පබිලිස් says:

    පුලුවන් තරමින් 225ම පුද්ගලික ජීවිත හා ඔවුන්ගේ පවුල හා ලමයි විදින සෙප පිලිබද ඔබ දන්නා තොරතුරු සමාජ ගත කරන්න

  9. 0.00069 BIYYO says:

    Prez Nandasena is 100% responsible for this issue !!
    His short sighted, unrealistic, non ethical non scientific, silly action has created this.