ජනාධිපතිතුමා පටන් ගන්නකොටම අසාධාරණයක් වුනා..

March 22, 2022 at 8:02 am | lanka C news
ජනාධිපතිතුමා පටන් ගන්නකොටම අසාධාරණයක් වුනා..

‘විනිමය අර්බුදයේ වගකීමෙන් කිසි කෙනෙකුට මිදෙන්නට බැහැ’ යයි නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

මහතා මෙම අදහස් පළකර සිටියේ වත්මන් විනිමය අර්බුදයට වගකිව යුත්තේ කවුදැයි පසුගියදා මාධ්‍යවේදියෙකු නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා

”මගේ මතය අනුව නම් වර්තමානයේ තිබෙන විනිමය අර්බුදයට රජයන් ගණනාවක් වග කියන්නට ඕනේ. ඒ වගකීමෙන් කිසිම රජයකට පැනයන්නට බැහැ. වත්මන් රජයටත් බැහැ මොකද හැම කෙනෙකුටම යම්කිසි කාර්යභාරයක් පැවරිලා තිබුණා මොන දුෂ්කරතා මධ්‍යයේ උනත් ඉටු කළයුතු. සමහර වෙලාවට එම ඉටුකිරීම ප‍්‍රමාද වුණු තැන් තිබුණා. නමුත් මම හිතනවා වත්මන් ජනාධිපතිතුමාට නම් යම් අසාධාරණයක් උනා ඔහු ආරම්භ කරපු වෙලාවේ මේ රටේ තිබිච්ච ඉතාම දුර්වල විදේශ සංචිත තත්ත්වය. ඔහු පටන් ගන්න කොටම ප‍්‍රශ්ණය අතේ තියාගෙන තමයි පටන් ගත්තේ. ඔහු භාරගන්න වෙලාවේ මේ රටේ තිබුණේ විදේශ විනිමය සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7.6 ක් පමණයි. ඔහුට ගෙවන්නට තිබුණා පළවෙනි වසර දෙක තුළ පමණක් ඇමරිකානු ඩොලර් 11 ක ණය. ඒ කියන්නේ වත්මන් රජය ගත්ත ණය නෙමෙයි. පෙර සිටි රජයන් කිහිපයක්ම විසින් ගත් ණය. ඊට අමතරව අපි දන්නවා ලංකාවේ ආනයන අපනයන වෙනස එහෙමත් නැත්නම් වෙළෙඳ පරතරය බැලූවහම සාමාන්‍යයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 10 ක පමණ පරතරයක් තිබෙනවා. උදාහරණයක් වශයෙන් අපේ අපනයනය ඩොලර් බිලියන 10 වන විට ආනයනය ඩොලර් බිලියන 20 ක් පමණ වෙනවා. එවැනි තත්වයක් තුළ ඩොලර් බිලියන 10 ක් හැම තිස්සෙම අපි පිටු පසින් ඉන්නේ. ඊට කලින් අවුරුදුවල මේ පරතරය පියවා ගන්න උදව් වුනේ විදේශ ආදායම් ගෙනෙන සේවා. එකක් තමයි සංචාරක ව්‍යාපාරයෙන් අපට එන ආදායම. ඊටත් අමතරව අපේ විදෙස් ගත ශ‍්‍රමිකයින් ලංකාවට එවන පේ‍්‍රෂණ. මේ දෙක එකට එකතු උනහම සාමාන්‍යයෙන් වසරකට ඩොලර් බිලියන 10 ක් පමණ එතනින් ආවා. එම නිසා අර වෙළෙඳ පරතරය පියවාගන්නට ඒ කාලේ පුළුවන් උනා. නමුත් ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජනාධිපති වෙච්ච ගමන්ම මේ කොරෝනා අර්බුදය ඇවිල්ලා සංචාරක ව්‍යාපාරයෙන් එන ඩොලර් බිලියන 3.5 ක පමණ ආදායම බිංදුවටම වැටුණා. 2020 – 2021 අවුරුදු දෙකේ සම්පූර්ණයෙන්ම එය නැතිවුණා. ඊට අමතරව විදේශ රටවල රැකියා කරපු අයට රැකියා නැතිවුණා. ඔවුන් ආපසු ආවා. ලක්ෂගාණක් කොරියාවේ හිටපු තරුණයෝ ආපහු ආවා. ඒ නිසා විදේශ පේ‍්‍රෂණත් හිතුවාට වඩා අඩුවුනා.

මෙවැනි තත්වයක් යටතේ අපට අර ආනයන අපනයන පරතරය පියවා ගන්නට මුදල් මදිඋනා. ඊට අමතරව තවත් ප‍්‍රශ්ණයක් තිබුණා. මම මුලින් කිව්වා වගේ 2020 හා 2021 දී ඇමරිකානු ඩොලර් බිලියන 11 ක ණය ගෙවන්නටත් තිබුණා. මම හිතන්නේ සරල ගණිතය පිළිබඳ අවබෝධයක් තිබෙන ඕනෑම කෙනෙකුට තේරුම් යන්නට ඕනේ අපට මේ ණය ටික ගෙවීම සඳහා ඉතුරුවෙලා තිබුණ සංචිතත් මදි බව. අපි විශාල විදේශ විනිමය අර්බුදයකට තල්ලූ වුණේ එහෙමයි. අතේ තිබිච්ච මුදල් ටික ඔක්කොම වියදම් උනහම, ගෙදරක උනත් එක්කෝ අපි වියදම් කපා හරින්න ඕනේ, අළුතින් මුදල් උපයාගන්න ඕනේ, එහෙමත් නැත්නම් කාගෙන් හරි මුදල් ණයට ගන්නට ඕනේ. ඒක තමයි දැන් අපට වෙලා තිබෙන ගැටළුව. මේ ප‍්‍රශ්ණේ මැජික් යෂ්ඨියක් වනලා විසඳන්නට කාටවත් බැහැ. හෙට අලූත් ආණ්ඩුවක් ආවත් එකම ප‍්‍රශ්ණයට කෙටි කාලීනව නම් එකම උත්තර තමයි තියෙන්නේ.

එතකොට මේ වර්ෂය ගත්තහම මහබැංකුවෙන් හා මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන තොරතුරු අනුව අපට පේනවා මේ වසර අවසන් වන විට තවදුරටත් මේ විදේශ සංචිත ක්ෂය වීම වලක්වාගෙන සංචිතවල යම්කිසි වර්ධනයක් ඇති කරන්නට පුළුවන් වන බව. අපිට පේනවා සංචාරක කර්මාන්තය ආපහු දියුණු වෙන්න පටන් අරගෙන තිබෙනවා. පළමු කාර්තුවේ ඇමරිකානු ඩොලර් මිලියන 580 ක පමණ ආදායමක් ලැබුණා කියලා වාර්තා වෙලා තිබුණා. එහෙමනම් අපි හිතනවා මේ වසර අවසාන වනවිට ඩොලර් බිලියන දෙකක්වත් ඉක්මවා සංචාරක ව්‍යාපාරය ආදායමක් ගෙනෙයි කියලා.

තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයෙන් එන ආදායම ඇමරිකානු ඩොලර් බිලියනයකට වඩා එහා ගිහින් තිබෙනවා. ඒ වගේම අපේ රුපියල නම්‍යශීලි කිරීමට ප‍්‍රමාදවී හෝ ගත්ත තීන්දුව නිසා විදේශ පේ‍්‍රෂණ යළි ඩොලර් බිලියන පහකට පමණ වැඩිවෙයි කියලා හිතනවා. මේ තත්වය යටතේ අපට පුළුවන්නම් IMF එකත් එක්ක කතා කරලා හරි එහෙම නැත්නම් අනෙකුත් රටවල ණයදීලා තිබෙන ආයතන එක්ක කතා කරලා හරි මේ වසරේ ගෙවන්න තිබෙන ඇමරිකානු ඩොලර් බිලියන 7ක පමණ ප‍්‍රමාණය ඩොලර් බිලියන 2 කට පමණ අඩු කරගන්නට, අපට මේ වසරේ විදේශ සංචිත තව දුරටත් ක්ෂයවීම වලකා ගන්නට පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්නට ඕනේ. අඩු කරගන්නවා කියලා කියන්නේ ඒවා අවලංගු කරනවා කියන එක නෙමෙයි. කවුරුත් ණය අවලංගු කරන්නේ නැහැ. කල් දානවා පමණයි. අපි අද ගෙවන්නේ නැතිව ඉස්සරහට කල් දැම්මත් ඉදිරියේදී මේ ණය ගෙවන්නට වෙනවා.

ඒ නිසා අපි දැන්වත් උනන්දු වන්නට ඕනේ අවුරුදු 73 ක් තිස්සේ අපට වැරදිලා තිබෙන්නේ කොතනද කියන එක. මගේ මතය අනුවනම් අපි මේතාක් දුරට අපේ විදේශ විනිමය එන ක්ෂෙත‍්‍ර ගැන විශේෂ අවධානයක් දීලා ඒවා දියුණු කරගන්නට උත්සාහයක් දරලා නැහැ. ලංකාවේ අපනයන ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 20% කට වඩා අඩු ප‍්‍රමාණයක තිබෙන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 12 ක පමණ ප‍්‍රමානයක් තමයි මේ වසරේදීත් අපේක්ෂා කරන්නේ. එය මේවන විට ඇමරිකානු ඩොලර් බිලියන 20 වත් ඉක්මවා යායුතුව තිබුණා. ඊට උඩින් තමයි අර සංචාරක ව්‍යාපාරයෙන් එන ආදායම, විදේශ පේ‍්‍රෂණ වලින් එන ආදායම වගේම තොරතුරු තාක්ෂණයෙන් එන ආදායමත් එකතු විය යුත්තේ. ඒ නිසා අපි දැන්වත් විශේෂ අවධානයක් යොමුකළ යුතුයි මෙන්න මේ ක්ෂේත‍්‍ර වර්ධනය කර ගන්නට. පහුගිය කාලේ රාජ්‍ය අමාත්‍යාංශ ගණනාවක් හදලා මැටි, බතික්, කිරි වගේ විවිධ ක්ෂෙත‍්‍රවලට විශේෂ අවධානය දුන්නා වගේ විදේශ ආදායම ගෙන එන ක්ෂෙත‍්‍රය නංවාලන්නටත් ඒ වගේම අවධානයක් දිය යුතුයි. සමහර විට මේවා අපට මගහැරුණු කරුණුවන්නට පුළුවන්. ඊට අමතරව කවුරු හරි ඇහුවොත් අපට තව මග හැරුණු දේවල් මොනවද කියලා මම හිතනවා රුපියල පාකිරීමේ තීන්දුව මීට කලින් ගන්න තිබ්බා කියලා. ඒක ප‍්‍රමාදවීම නිසා අද උන්ඩියාල් වගේ නීත්‍යාණුකූල නොවන ලෙස විදෙස් මුදල් එවන ක‍්‍රම බරපතල ලෙස සංවිධානය වෙලා. දැන් රුපියල පාකරත් මේක කඩන්න අමාරුයි. ඒනිසා සමහර දැඩි තීන්දු රජයට සලකා බලන්න වෙයි. මේ විදියට පස්ස දොරෙන් ගනුදෙනු කරන අයට එරෙහිව නීතිමය පියවර ගන්න, සමහර බලපත‍්‍ර අවලංගු කරන්න වගේ සිද්ධ වෙයි. ඒ සඳහා අලූතින් පනතක් හෝ ගෙනැවිත් මේක පාලනය කලේ නැත්නම් ඉස්සරහට මේක රජයට විශාල ගැටලූවක් වෙනවා.

දෙවන කාරණය තමයි මේ IMF එකට යනවා කියන තීන්දුවත් සමහරවිට ඊට කලින් ගන්නට තිබුණා කියලා මම හිතනවා. නමුත් අපි දන්නවා කැබිනට් මණ්ඩලේ පවා ඒකට සමහර අයගේ දැඩි විරෝධතාවක් තිබුණා. ප‍්‍රමාද වෙලා හරි මේ තීන්දුව ගත් එක හොඳයි. IMF ගියා කියල අපේ රටේ තිබෙන සියලූ ප‍්‍රශ්ණ එකවර විසඳෙන්නෙත් නැහැ. නමුත් මේ වෙලාවේ ණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම විදේශ රටවල් සමග විදේශ ආයතන සමග සාකච්ඡා කරලා ඔවුන්ගේ උපකාර ගන්නට තිබෙන වෙලාවේ, අපේ ණය ගෙවීම් පිළිබඳ ශ්‍රේණිගත කිරීම් ඉතාමත්ම බරපතල ලෙස වැටිලා තිබෙන වෙලාවක, IMF වගේ ජාත්‍යන්තර ආයතනයක් සමග අපි එකට වැඩකරනවා කියන එක ලෝකය තුළ අපි ගැන විශ්වාසයක් ඇති කරන්නට හේතුවෙනවා. කවුරු හරි ඉස්සරහට ගිහින් ණයක් කල් දාන්න හරි, අලූතින් ණය ගන්න හරි කතාකරනකොට ඒ අය බලනවනේ අපි ගැන විශ්වාස කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා අපි IMF ආයතන සමග ඉන්නවා කියලා කියන එක අපට ලොකු ශක්තියක්. අන්න ඒ නිසා තමයි IMF යෑම මෙතනදි වැදගත් වෙන්නේ. ඒ වගේම IMF එකෙන් අපට කියන්න ඉඩ තියෙන දේවල් අපි දැනටමත් දන්නවා. මොකද ඒවා අලූත් දේවල් නෙමෙයි ලෝකයේ සෑම රටකම වගේ මේ වගේ IMF ඇවිල්ලා කතාකරන කොට ඔවුන් දෙන පොදු උපදෙස් මාලාවක් තිබෙනවා. බොහෝ විට එකම දේවල් තමයි කියන්නේ. ඒවාත් රජයේ ප‍්‍රතිපත්ති සමග ගැටෙනවා නම් සාකච්ඡාවෙන් ඒවාට අවශ්‍ය කරන වෙනස්කම් කරගෙන ඉදිරියට යන්නට ඕනේ.

උදාහරණයක් වශයෙන් IMF එක සහනාධාර සම්බන්ධයෙන් දරණ මතය අපි දන්නවා. සහනාධාර අවශ්‍යයි දුප්පත් ජනතාවට. නමුත් සහනාධාර දීල පමනක් ඔවුන් දුප්පත් කමින් මුදවන්න බැහැ. සැලසුම් සහගත ලෙස අපි වැඩ කරන්න පුළුවන් හැම කෙනෙක්වම යම් ආදායමක් උපයන්න යොමුකරන්න ඕනේ. ඒ සඳහා පහසුකම් සලසන්න ඕනේ. අපේ රටේ සියළුම දෙනාම. අපේ රාජ්‍ය අංශය, අපේ ජනතාව, අපි හැම කෙනෙක්වම කාර්යක්ෂමව මේ ආර්ථිකයට දායකත්වයක් දක්වන මානසිකත්වයකට ගෙනාවේ නැත්නම් අපට කවදාවත් මේ වැටිලා තිබෙන උගුලෙන් ගොඩ එන්නට බැහැ. අපි හැමදාම කවුරු හරි මත යැපිලා කාගේ හරි සල්ලි වලින් අපිව ජීවත් කරවන්න ඕනේ, කවුරු හරි අපට ආධාර දෙන්න ඕනේ කියලා හිතුවොත් අවුරුදු 73 කට පස්සෙත් හිටපු තැනම තමයි ඉස්සරහටත් ඉන්න වෙන්නේ. සමහරවිට ඊට වඩා බර පතල තැනක හිඳීවි. ඒ නිසා අපි විශ්වාස කරනවා දැන්වත් අපි යම් වැඩ පිළිවෙලක් හදන්නට ඕනේ. අපි විශේෂයෙන්ම අපි අපේ අපනයන ක්ෂෙත‍්‍රය වර්ධනය කරගන්නට ඕනේ. ඒ පිළිබඳව අපේ පැහැදිලි සැලැස්මක් තියෙන්නට ඕනේ. ඒ වගේම සංචාරක ව්‍යාපාරය, විදේශ පේ‍්‍රෂණ, ඒ වගේම තොරතුරු තාක්ෂණය වගේ විදේශ ආදායම් ගන්න පුළුවන් ක්ෂෙත‍්‍ර වර්ධනය කරන්නට රජය විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඊළඟට අපේ කෘෂිකර්මාන්තය ගත්තත්, කෘෂිකර්මාන්තය කියන්නේ ලංකාවේ දළ ජාතික නිෂ්පාදනයෙන් 7,8% ක් පමණයි. මහා විශාල ප‍්‍රමානයක් නෙමෙයි. ඒ නිසා අපට ඒක වැදගත් මොකද ලංකාවේ ජනගහණයෙන් 30% ක් විතර එමගින් ජීවත්වන නිසා. අපට ඒක හොඳින් විදේශ විනිමය උපයන ක්ෂෙත‍්‍රයක් බවට පත් කරන්න පුළුවන් අපි අපනයන කෘෂිකර්මාන්තයට මීට වඩා වැඩි අවධානයක් යොමු කළොත්. මේ දැනට තිබෙන තේ, රබර්, පොල් සහ සුළු අපනයන භෝග විතරක්ම නෙමෙයි තව බොහෝ දේවල් අපට කෘෂිකර්මාන්තයේ කරන්නට පුළුවන්. අපේ රටට වඩා පුංචි රටක් වන නෙදර්ලන්තය අද ලෝකයේ තිබෙන කෘෂිකර්මාන්තයෙන් අපනයන වැඩියෙන්ම කරන රට. අපේ කෘෂි අපනයන ඩොලර් බිලියන 2 ක් පමන වෙනකොට ඔවුන් ඩොලර් බිලියන 26 ක පමන කෘෂි නිශ්පාදන අපනයනය කරනවා. මොකද ඒවාට හුඟක් තාක්ෂණය ගෙනල්ලා පර්යේෂණ කරලා ලෝකයේ වෙළෙඳපොලට ගැලපෙන විදිහට කෘෂිකර්මාන්තය දියුණු කරලා තිබෙනවා. කුඩා ඉඩකින් විශාල අස්වැන්නක් ලබාගන්න පුලූවන් විදිය, බීජ වෙනස් කරල ඉහල ගුණත්වයකින් නිෂ්පාදනය කරන්න පුළුවන් විදිය ගැන විශ්ව විද්‍යාල විසින් නිරන්තරයෙන් ගොවියන්ට උපදෙස් ලබාදෙනවා. බොහෝ දෙනෙක් හොඳ අධ්‍යාපනයක් ඇති, තාක්ෂණික දැනුම ඇති වෘත්තීය ගොවියො. අපිත් අන්න එතෙන්ටයි යන්නට ඕනේ. කෘෂිකර්මාන්තයේ පැහැදිලි වෙනසක් කරගන්න පුළුවන්නම් ඉදිරි අවුරුදු පහ හය ඇතුළත එතනිනුත් අපට අමතර විදේශ ආදායමක් ලබාගන්න පුළුවන්. සරලවම කියනවානම් මෙන්න මේක තමයි වර්තමානයේ තිබෙන තත්වය. අපට ගැටලූවක් තිබෙනවා. අපි ඒ ගැටලූවෙන් ගොඩ එන්නට කෙටිකාලීන විසඳුම් සොයමින් සිටිනවා. හැබැයි කෙටිකාලීන විසඳුම් පමණක් සොයලා හරියන්නේ නැහැ. අපි දීර්ඝ කාලීනව කළ යුතුදේත් කළ යුතුයි” යැයි පැවසීය.

ඩබ්. ඒ. උදිත පුෂ්ප කුමාර
මාධ්‍ය ලේකම්

62,918 views

13 Comments to “ජනාධිපතිතුමා පටන් ගන්නකොටම අසාධාරණයක් වුනා..”

  1. අසාධාරනේ says:

    පටන්ගත්තෙත් අසාධාරනේකින්නේ ‘පාස්කු ප්‍රහාරය’ ඉතින් ඉතිං රඳා පවතින්නේත්, ඉවරවෙන්නෙත් අසාධ්හරනේකින්ම තමයි.

  2. saman says:

    තොපි ඕව දැනගත්තේ අදද?

    • LalithM says:

      @saman, කාලකන්නයා. උම්බ ද දන්නේ? දන්නවා නම් පල, කරපියකො. මේ වගේ කුහක මූසල කාලකන්නි හින්දා මේ රට එහෙම ම තියෙයි.

      • sahan says:

        මෙන්න පොහොට්ටුවේ ගු කන තවත් එකෙක්..

      • LalithM says:

        මමත් Lalith M. ඒත් මම නම් අර කියපුවා කන්නේ නෑ. මේ වියතාට ලනුවක් පෑගිලා. නවතම තාක්ෂණය භාවිතයට ගන්න ඕන කාලේ ස ගේ ආණ්ඩුව 20 වන සියවස මැද භාගයේ කාබනික පොහොර තාක්ෂණයට ගියා.ඉතින් කොහොමද වැඩි අස්වැන්න හෝ ඉහල ප්‍රමිතියට අනුව කෘෂි නිෂ්පාදන නිපදවන්නේ.

  3. සෞභාග්‍යය කරා says:

    අපි වවන හෙම දේම කාබාසිනියා කරන රිලව් , වදුරන් ,වල් උරන් දඬු ලෙන්නුන් ඉත්තෙවෝ ටික විනාස කරනවා මේ සතුන්ට මොනවා හරි කරන්න රට මිනිස් පරිබෝජනයෙන් 30% ක් මේ සත්තු විනාස කරනවා . අඩු තරමින් දෙන් ගොරකා ගෙඩියක් තියාගන්න දෙන්නේ නෙහෙ රිලව් වේඩෙ දෙනවා.
    ගමේ කොස් , දෙල් , අලි ගෙට පේර . අඹ කෙසෙල් ඔක්කොම විනාස කරනවා. වගා සංග්‍රාම පටන් ගන්න කලින් මේ සත්තු ටිකට මොනවා හරි කරන්න රටේ මිනිසුන්ට කන්ඩ තියන දේ මුන් විනාස කරනවා

  4. Dino says:

    This bastard insulting his own education by licking the boots
    what a nasty idiot, I voted him as he is educated
    now I know how dirty bastard he is.. but too late

  5. Dengu Nona says:

    Umbath me Arbudayata waga kiwa yuthuyi, Yakho !!

  6. S malavige says:

    පව් අප්පා

  7. Dulmina says:

    තොගේ ආණ්ඩුවේ මහ එකාල
    හොරා කන්ඩ ඕන හින්දම කලින් වතාවේ ගත්ත
    චීනගේ ණයවල වාරික නේද බොල
    වැඩියෙන්ම ගෙවන්ඩ තියෙන්නේ ???

  8. Kadamban says:

    Godahewa saha anith adahas palakaran pottuwata kadeyana ayata amu kewila wage. Me Sri Lanka newei e set eka inne USA wala. Ekko mun seratama janathawa athal ekak wela. Mechchara dewal welath me pottuwe anduwa apahu epa thu nodokin men elawannama ona.

  9. ReaderD says:

    Country situation financially & all was known to you and everyone at contest time. No excuses now. What about $ billions loans taken now. All these debt burdens created last 20 years & who held power.

  10. Kandy Whip says:

    Some expect people to accept all the baseless utterings because they have certain acadamic qualifications. They feel they can fool people all the time. This is a good example for this

Main News