ඖෂධ හා ආහාර හිඟ කර මහා පාවා දීමකට…

March 29, 2022 at 3:17 am | lanka C news
ඖෂධ හා ආහාර හිඟ කර මහා පාවා දීමකට…

ඖෂධ හා ආහාර හිඟ කිරීමෙන් ජාතියක් බෙලහීන කර ඕනෑම පාවාදීමකට එකඟ කරගත හැකි බවත් ආණ්ඩුව ඕනෑම පාවාදීමකට අවශ්‍ය පසුබිම ඉතාම ක්‍රමානුකූලව සකස් කරමින් සිටිනා බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශකර සිටියේය.

ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේ ” මුළු රටම හරි මගට” ජාතික වැඩපිළිවෙළ රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල මහනාහිමිට (28) පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්ණ සදහා පිළිතුරු ලබා දෙමිණි.

ප්‍රශ්නය

දැන් දැඩි ඖෂධ හිඟයක් තියෙනවා. ඒ ගැන මොකක්ද ඔබතුමා කියන්නේ?

පිළිතුර

ඒක තමයි අපි කිව්වේ ඖෂධ හා ආහාර හිඟ කිරීමෙන් පමණයි ජාතියක් බෙලහීන කරල ඕනම පාවාදීමකට එකඟ කරගන්න පුළුවන්. ආණ්ඩුව ඕනෑම පාවාදීමකට අවශ්‍ය පසුබිම ඉතාම ක්‍රමානුකූලව සකස් කරමින් ඉන්නවා. මේ ඖෂධ හිඟය සහ ආහාර හිඟය , ඒ වගේම ඉන්ධන හිඟය. මේවා තමයි අත්‍යවශ්‍ය භාණ්ඩ කියන්නේ. මේ භාණ්ඩ 3 සමාජයේ හිඟ උනා නෙමෙයි හිඟ කලා. හිඟ කළේ පහුගිය දවස්වල අත්සන් කරපු ගිවිසුම් වැනි පාවා දීමේ ගිවිසුම් ජනතා විරෝධයකින් තොරව ඉටුකර ගන්න . ජනතාවට වෙලාවක් නෑනේ ගිවිසුම් ගැන අධ්‍යනය කරන්න. ගෑස් පෝලිමෙන් කිරිපිටි පෝලිමෙන් තෙල් පෝලිම ට ගිහිල්ලා ගෙදර එද්දී ගෙදර විදුලිය නෑ . ඉතින් කොහොමද ජනතාව ආණ්ඩුව කරන හරි වැරැද්ද හොයන්නේ.

ප්‍රශ්නය

ගාමිණී ලොකුගේ ඇමතිතුමා කියනවා සිපෙට්කෝ එකේ තෙල් මිල වැඩි කරන්නේ නෑ කියලා මේකට කලින් ඇමතිවරු වගකියන්න ඕනි කියලා .

පිළිතුර

මං හිතන්නේ මුදල් ඇමතිතුමා ගැන තමයි ඔය කියනවා ඇත්තේ. ඩොලර් හිඟය තමයි ප්‍රධාන වශයෙන්ම බලපාල තියෙන්නෙ. ඒ නිසා තමයි රුපියල අද ඩොලර් එකට සාපේක්ෂව 300ට ආසන්න වෙලා තියෙන්නෙ. ඉතින් රුපියල් 185 ක් වෙලා තිබිච්ච වෙලාවෙ ඩොලරය මේ ආණ්ඩුව බාරගත්තෙ . ඒක අද 300ක් පැනලා තියෙනවා නොනිළ වෙළඳපලේ . ඒකට ඉතින් මුදල් ඇමතිතුමා වගකිවයුතු තමයි .

ප්‍රශ්නය

එතකොට දැන් රුපියල පා කරන්න යවලා තියෙනවා ඒ වුනත් විදේශ රැකියා කරන අයගේ මුදල් තවම එන්නේ නැහැ නේද ?

පිළිතුර

ජනතාව කළු වෙළඳපොළට තල්ලු කරන්න ලේසියි. ආයි ගෙන්න ගන්න ලේසි නෑ . කෙනකුට කුඩු ගහන්න පුරුදු කරන්න ලේසියි . හැබැයි කුඩු ගහන්න පුරුදු එක්කෙනා එකෙන් මුදවා ගන්න අමාරුයි. ඒ නිසා තමයි අපි කිව්වේ නිසි කලට නිසි වෙලාවට ගත්තෙ නැති තීන්දු දැන් අරගෙන වැඩක් නෑ . අපි කියමු බෙහෙත් පෙත්තෙන් හොඳ කරන්න පුළුවන් ලෙඩාට අවුරුදු දෙකක් තිස්සේ බෙහෙත් පෙත්ත දෙන්නෙ නැතුව මරණාසන්න වෙලා අයි.සී.යූ. එකේ දාලා තියෙද්දී ඔන්න බෙහෙත් පෙත්ත දුන්නා , වැඩේ කලා කියල හරියන්නෙ නෑ. එදා බෙහෙත් පෙත්තේන් හොඳ කරන්න පුළුවන් උනාට ඒ බෙහෙත් පෙත්ත දැන් වැඩ කරන්නේ නෑ.

ප්‍රශ්නය

ජනතාව කියන්නේ අපි හරි අමාරුවෙන් ඉන්නෙ කියලයි. මේකට විසඳුමක් තියෙයිද ?

පිළිතුර

අනිවාර්යෙන්ම මේ ආණ්ඩුවට විසඳුම් නැති බව ඔප්පු කරල තියනවා . අද වෙන තුරු ආණ්ඩුව මේ අර්බුදයෙන් ගොඩයන්න වැඩපිළිවෙළක් ජනතාව හමුවේ තියන්න අසමත් වෙලා තියනවා. මේ වැඩ බැරි ආණ්ඩුව ගෙදර යවලා ජනතාවට පණ දෙන්න පුළුවන් ආණ්ඩුවක් පත් කර ගැනීමේ අවස්ථාව යළි ජනතාවටම ලබා දෙනවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, යුතුකම සංවාද කවය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

– Media unit

29,921 views

8 Comments to “ඖෂධ හා ආහාර හිඟ කර මහා පාවා දීමකට…”

  1. Kamala 🤗 says:

    ඕක කිය කියා ඉඳලා හරියන්නෙ නෑ.පුලුවන් තරම් ඉක්මණට කළයුතු දේ කරන්න. තව බලන් හිටියොත් මුන් රනිලාට එකතු වෙලා රටම විකුණං කයි.

  2. කැපුවත් පොහොට්ටුවට says:

    මේ වගෙ දෙපිටකාටුවෙක්ව හොඳ වෙලාවට අපේ ආන්ඩුවෙන් එලියට දැම්මෙ.

  3. Manel says:

    Inda Inda eka vehera…………………… Aho Devdath noduti mok pura.

  4. රොනි says:

    ලස්සන ඔස්ට්‍රේලියානු වා උදෙට එකක් කියලා සවසට තවත් එකක් කියන්න පටන් අරගෙන . දොට්ට දාපුදා ඉනඳලම මිනිහා කුල්මත් වෙල්.

  5. කුඹුක්කණ් says:

    උද්දච්ඡ ඇලොපතියන්ගේ බටහිර බෙහෙත් වෙනුවට මිනිස්සුන්ට අපේ හෙළ ඔසු දීපල්ලා.

    එතකොට හෙළ වෙද්දු වෙච්ච අපිටත් පුළුවන් අපේ පැණි, කසාය, චූර්ණ බිස්නස් එක නග්ගලා අරගෙන කෝටි ගාණක් හොයාගෙන කොළඹින් තට්ටු තුනේ ගෙවල් අරගෙන, BMW, Mercedes එහෙමත් අරගෙන, තායි ගොන්නුත් තියාගෙන සැපේ ඉන්න.

    ඔය පාහර උද්දච්ඡ ඇලොපතියන්ගේ කීමට වැක්සින් ගෙනාපු එකෙන් පහුගිය කාලේ අපිට අපේ පැණි, කසාය බිස්නස් වලින් හම්බ කරගන්න තිබුණ කෝටි ගාණක් නැති වුනා.

    දැන්වත් අපිට මිනිස්සුන්ගෙන් කීයක් හරි කඩා ගන්න චාන්ස් එකක් දීපල්ලා.

    අපේ රටේ ඉන්න මෝඩයන්ට ‘හෙළ’ ලේබල් එක ගහලා බලු බෙට්ටක් දුන්නත් බොහෝම ශ්‍රද්ධාවෙන් ගිලලා දාන නිසා ඔය වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්.

    • Dulmina says:

      උඹේ සිංහල විරෝධී ඔලුවේ අමාරුවට හරියටම ගැලපෙන එකෙක් ඉන්නවා…..
      ඒ දොස්තර ලේබලයක් අලව ගත්ත Born Again කාරයෙක් වන , ඔලුව අතගාල බෞද්ධ දර්ශනය විනාශ කරන්ඩ දගලන Azard Uduman….

      • කුඹුක්කණ් says:

        උඹේ බණ අපිට අදාලම නෑ. හෙළ වෙද්දු වෙච්ච අපිට නම් ඕන සැපේ ඉන්න සැපේ. මිනිස්සුන්ගේ ලෙඩ හොඳ වෙනවද නැද්ද කියන එකත් අපිට අදාලම නෑ.

Main News