අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..

April 13, 2022 at 3:50 pm | lanka C news
අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..

‘ලංකා ඉතිහාසයේ තවත් අඳුරු දිනයක්. අපි කිව්ව දේ ඇහුව නම් මෙහෙම විනාශයක් වෙන්නෙ නෑ’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

මාධ්‍ය අමතමින් ඔහු මෙසේද පැවසීය.

ලංකාවට විදේශ ණය සේවාකරණය කරන්න හැකියාවක් නොමැති බවත් එය අත්හිටුවන බවත් මුදල් අමාත්‍යාංශය ඊයේ නිළ වශයෙන් කිව්වා. අපිට දැන් කරන්නම දෙයක් නැති නිසා තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ.

මේ නිසා, ඉදිරියේදී අපේ රටේ ජනතාවට, ව්‍යාපාරිකයින්ට ලොකු ගැටලු වලට මුහුණ දෙන්නට සිදුවේවි. ලැබෙන ඩොලර් ටික ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් යෙදවීමට ගත්ත තීරණය හොඳ එකක්. අපි ඉස්සෙල්ලම මේක කිව්වා. මුලින්ම අපි කිව්වේ ලංකාවට මෙහෙම යන්න බෑ කියලා.

ඒක නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහින් සාකච්ඡා කරන්න කියල කිව්වා. එහෙම කිව්වේ මූල්‍ය අරමුදලෙන් ලබාගන්න පුලුවන් ඩොලර් බිලියන 03 ගැන හිතලම නෙවෙයි. මූල්‍ය අරමුදලට ගියවිට අපිට ජාත්‍යන්තරයේ ලැබෙන විශ්වාසය ගැන හිතලා. එහෙම විශ්වාසය ගොඩනගා ගත්තා නම් අපිට මූල්‍ය වෙළෙඳපොළින් ණය ගන්න තිබුණා.

මුලින්ම ඒ පියවර ගත්තා නම් මේ විදිහට ණය අත්හිටුවන්න වෙන්නෙ නෑ. ප්‍රශ්නෙ ඔඩු දුවාගෙන එනකොට අපි කිව්වා, දැන් ණය ගෙවන්න බෑ, ජනතාව පෝලිම්වල නොතියා ජනතා ප්‍රශ්න විසඳන්න කියලා. ඒකත් ඇහුවෙ නෑ. ණය ගෙවලා ජනතාව පෝලිම්වල තිබ්බා. අන්තිමට මොකද වුණේ? ණය අත්හිටුවන්න වුණා. එතකොට විදේශ සංචිත ඩොලර් බිලියන 5.5 ක් විතර විනාශ කරගත්තා.

මේ විදිහට කොච්චර ප්‍රශ්න ඇතිවුණාද? දැන් ඉතින් කරන්න තියෙන්නෙ මේක තමයි. මේ කඩා වැටීම ගැන මම හදවතින්ම දුක් වෙනවා. මම මේ අර්බුදයෙන් රට ගලවා ගැනීමට කරපු උත්සාහය ගඟට කපපු ඉණි වගේ අපතේ යෑම ගැන දුක් වෙනවා. හැබැයි, මම අවධාරණය කරල කියන්නේ මේ විනාශයට ලංකාව ඇදල දාපු අයට නිසි දඬුවම් දිය යුතුයි.

– media unit

70,962 views

22 Comments to “අද ඉතිහාසයේ අදුරුම දවසක්.. අපට දැන් කරන්නම දෙයක් නෑ.. ඉදිරිය හොදටම අමාරුයි..”

  1. එහෙනම් ලයීටූත් නෑනේ...ඛොරු ගෑස් නොවිකූණ නිදි වැදියන්. says:

    එහෙනම් ලයීටූත් නෑනේ…ඛොරු ගෑස් නොවිකූණ නිදි වැදියන්. අපෙන් කූණූ හරුප අහගන්නේ නැතූව. කෝක් අර ෆූට් නෝට් කල්ලියෙම පකයෙක් නේද මස්සිනා.

  2. Sun says:

    Thank you Harsha for your contribution for the issues happening at the moment. As you know most of our leaders are not genuine and greedy of money. Really they di not do any contribution for the development of the country or people. Most of the ministers are to old and crooks know nothing to contribute other than stealing. This is the main reason for the falling economy. All the top leaders dragged money out in illegal ways to invest in other in other countries. That is the politics of rotten politicians. We cannot expect any ideas from these idiots. That is the reason for this collapsing economy.

  3. Ajith g says:

    Owata kiyanna kibul kadulu kiyala API nodanna harsha

  4. sajiputha says:

    මේ සිංහල අවුරුද්දේ පිනට කාලා බීලා සින්දුවක් කියලා සොමියක් දාලා ටෙන්ට් එකක් යට වැස්සේ මූදු හුලං වැදි වැදි ඉදලා, කොත්තු, බුරියානි කාලා ඉන්න පවුල් පිටින් ගෝල්පේස් එන්න. කිසිම අවුලක් නෑ අවශ්‍යය බඩු ඔක්කොම පිනට ලැබෙනවා. හැබැයි ගෝඨාභය ගෝ හෝම් කියන්න ඕන. හුගක් පොෂ් ඈයො ඉන්නවා, දොස්තරලා පවුල් පිටින් ඉන්නවා. හැමදාම නෑ හැමතැනම නෑ. පරක්කු නොවී එන්න. එන්ජෝයි කරන්න එන්න. පරක්කු වෙන්න එපා සීන් එක අහුවුනොත් මලා.

  5. හාමුදුරුවෝ says:

    උබල හත්පොලේ ගාගෙන හොදටම හෑව නිසාා තමයි රාජපක්ෂ ලා ආවේ…..
    දැං හූල්ලල වැඩක් නෑ…..මිනිස්සු තොපි සේරම පුතික්ශේප කරල ඉවරයි……

  6. Sakshi says:

    Fake prof Ranjith Bandara must be responsible for this with his master another fake prof without google scholar account who worked as Governor CB and helped Rajapasha to rob all USD.

  7. ජනජය says:

    දොරේ කියන දේවල් කරන්න නෙවි දොරේ අපි ආණ්ඩු පත් කර ගත්තෙ …ජනපති සිහින මැවිල අළුත් සූට් මස්ස ගත්තම ඔය විකාර දොඩන්න හිතෙනව !

  8. කැපුවත් පොහොට්ටුවට says:

    මේ සිංහල අවුරුද්දේ පිනට කාලා බීලා සින්දුවක් කියලා සොමියක් දාලා ටෙන්ට් එකක් යට වැස්සේ මූදු හුලං වැදි වැදි ඉදලා, කොත්තු, බුරියානි කාලා ඉන්න පවුල් පිටින් ගෝල්පේස් එන්න. කිසිම අවුලක් නෑ අවශ්‍යය බඩු ඔක්කොම පිනට ලැබෙනවා. හැබැයි ගෝඨාභය ගෝ හෝම් කියන්න ඕන. හුගක් පොෂ් ඈයො ඉන්නවා, දොස්තරලා පවුල් පිටින් ඉන්නවා. හැමදාම නෑ හැමතැනම නෑ. පරක්කු නොවී එන්න. එන්ජෝයි කරන්න එන්න. පරක්කු වෙන්න එපා සීන් එක අහුවුනොත් මලා.

    • wimalasena H.D. says:

      koyako uru thadiya gnaanasaaraya? vahaama uwa galleface ekata ekka waren. paraya hengilaa indagena den
      bayen janaganga dekala, pansalatamawelaa whiskey bibee grilled pork kakaa innavethi. okaage thadi bada palala boku aragena eken ara kalu ura iththekandayata daanna one.metika me maase ethulathama wenna one.

  9. කාලකන්ණි දේශපාලනය තුරන් කරමු.. says:

    උබල හත්පොලේ ගාගෙන හොදටම හෑව නිසාා තමයි රාජපක්ෂ ලා ආවේ…..
    දැං හූල්ලල වැඩක් නෑ…..මිනිස්සු තොපි සේරම පුතික්ශේප කරල ඉවරයි……

  10. lol says:

    Both Rajapakshas and you guys are responsible for current crisis. Rajapaskshas created chaos and cruelty with theft and fraud and you guys did the same enticing to promote corruption and protecting traitors.
    Central bank massacre is created more instability in Srilanka and you guys were like effigies during Ranils regime.
    Both Rajapasksha’s and you guys are responsible for whole instability and mismanagement of economy in Srilanka and see the repercussion and after effects to the poorest nation now.

Main News