උගන්ඩාවට මුදල් ප‍්‍රවාහනය ගැන අච්චු ගැසූ සමාගම කට අරී… ප‍්‍රකාශය මෙන්න..

April 16, 2022 at 12:02 am | lanka C news
උගන්ඩාවට මුදල් ප‍්‍රවාහනය ගැන අච්චු ගැසූ සමාගම කට අරී… ප‍්‍රකාශය මෙන්න..

උගන්ඩාවට ගුවන් යානා මගින් මුදල් නෝට්ටු ගෙන යාම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආන්දෝලනය පිළිබඳව DeLaRue සමාගම අදහස් පල කරයි.

ට්විටර් සටහනක් තබමින් සමාගම සඳහන් කරන්නේ ලොව පුරා බැංකු වලින් අඩක් ම තම ආයතන යටතේ මුදල් මුද්‍රණය කරන බවයි.

ශ්‍රී ලංකාව, කෙන්යාව, මෝල්ටාව, එක්සත් රාජධානිය යන රටවල තම මුද්‍රණ ආයතන ඇති බවද පවසන සමාගම පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා නොදෙන බවද කියා සිටි.

ඔවුන් මෙම අදහස් පළ කිරීම සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ශ්‍රී ලංකා ගුවන් යානා තුනකින් ටොන් එකසිය දෙකක් බරැුති මුද්‍රිත කඩදාසි ප‍්‍රවානය සම්බන්ධයෙන් අදහස් පළ කරමිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන ලද්දේ මෙසේ ප‍්‍රවාහනය කරන ලද්දේ උගන්ඩාවේ මුදල් නෝට්ටු තොගයක් බවයි.

277,622 views

41 Comments to “උගන්ඩාවට මුදල් ප‍්‍රවාහනය ගැන අච්චු ගැසූ සමාගම කට අරී… ප‍්‍රකාශය මෙන්න..”

  1. විස්ථාපා says:

    වරෙල්ලා යන්න උගන්ඩාව ට. ගිහින් එහේ පදිංචි වෙමු. මෙහෙ කොන්ඩේ බැදපු චීන්නු ඉන්නේ. නෑ නෑ බං කොන්ඩේ බැදපු 69 ලක්ෂයක් ඉන්නේ. චින්නු මීට වඩා දක්ෂයි

    • cobra says:

      බොරු ප්‍රචාර වලින් දැන් ජනතාව රැවටිය නොහැක …උගන්ඩාවේ මුදල් ගැන ජනතාව රැවටීමට කල උප්පර වැට්ටියක් මේ පොහොට්ටුව අස්වී ගෙදර පලයව් ..ගෝටා මහින්ද ඇතුළු කුරහන් සාටක පවුල අපේ සොරාගත් බදු මුදල් දී ..දේශපාලනයෙන් සමුගනිව් ..

  2. ponnsgala says:

    Enonimous kattiya lagadima de la rue laga aththa kiyai.

  3. සිසිල් සුදේශ් says:

    සමාගම වනලා උත්තර දෙන්නෙ. හොඳට බලන්න. ඒකෙ කිසි දෙයක් පැහැදිලි නෑ. ඒකෙ කල්පනා කරන්න කරුණු දෙකක් තියනවා.

    එක, උගැන්ඩාවට අල්ලපු වැටේ තියන මුද්‍රණාලයෙ ගහන්නෙ නැතුව ලංකාවේ ගැහුවේ ඇයි?

    අනික ලංකාවේ ඔය කාලෙ මුලුල්ලේම රුපියල් ප්‍රකෝටි ගණන් ගැහුවම තව ටොන් 102ක් ගහන්න පුළුවන් ද?

    • Lapaya says:

      කොචිචර වහල්ලුද කියනවානමි ඇත්ත පෙනි පෙනි හාමුගේ බොරැවම අරන් කඩෙි යනවා. අසුචි බව දැන දැන රහට කනවා..

  4. E Gona Vikka says:

    Me company eke Sri Lankan printers e kiyanne me Rajapakshallage hora printing press Ema venna at hi. Hoyala balamuko me Dela rue KO he company ekakda kiyala, eje meyalara shares Nada kiyala . KO he Bari kamarayama pas denek vithara Inna ekak Venn a at hi. Ekko patana KP lage company Genna at hi.

  5. Jiff says:

    දැන් කියයි ඔය සමාගම අයිති නාමල්ට කියලා. එච්චරට වහල් අපේ මිනිස්සු තමන්ගේ මතයට.

    • Mohammed Hidaya says:

      හොරාව හොරෙක් කියලා පිලි නොගන්නා එකත් වහල්කම. දැන් එතකොට උන් හොරා කාළාම නැතිද? එදා වේල කාපු හිගන පවුළ.

  6. බොරු එපා says:

    දේශපාලකයන්ගේ හොරකම් පෙන්නන්න රටේ නීතිය ස්ථාපිත කරලානම් ඔනෑ තරම් සාක්ෂි තියනවා. අහිංසක නීතිඥ කණ්ඩායමක් ජනතාව වෙනුවෙන් පෙනී සිටියද බලවත් පිරිස නීතිය වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනු වරලය. එබැවින් උසාවිය නිහඩයි. එහෙමයි කියලා උගණ්ඩා ඩොලර් ගැන කථා කරලා රට විනාස කරන්න එපා. අනික් කාරණාවනම් උද්ගෝෂණය සමග බුද්ධිමත් ලෙස වෘත්තිකයන්ගේ මැදිහත්වීම අවශ්‍යයි. නැතිනම් මෙය එක්තරා කාලය කා දැමීමක් පමණි. මෝඩ ඉදිරිපෙළ ඇමති සෙට් එක මීටත් වඩා පවර් එකෙන් කයිවාරු ගසනු අැත.

Main News