‘ලොස් ඇන්ජලීස් පෙට‍්‍රල් ගැලුමක් ඩොලර් 10යි.. හැම රටකම දූෂණය තියෙනවා..’- වල්පොළ පියනන්ද හිමි කාල්ටන් අමාදම් සිසිලේ..

April 16, 2022 at 3:00 pm | lanka C news
‘ලොස් ඇන්ජලීස් පෙට‍්‍රල් ගැලුමක් ඩොලර් 10යි.. හැම රටකම දූෂණය තියෙනවා..’- වල්පොළ පියනන්ද හිමි කාල්ටන් අමාදම් සිසිලේ..

සෑම පුන් පොහෝ දිනකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 221 වැන්න බක් පුර පසළොස්වක පොහොය යෙදෙන අද (16) දින පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී  පැවැත්විණි.

බුදුන් වහන්සේට මල්, පහන්, සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය ධර්ම දේශනාව සඳහා වැඩම කළ පාමංකඩ ශ්‍රී මහා විහාරය, කළුබෝවිල සිරි සුනන්දාරාමය යන උභය විහාරාධිපති හා අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ධර්මවිජය බෞද්ධ විහාරාධිපති, ත්‍රිපිටක විශාරද, ධර්මකීර්ති ශ්‍රී, සද්ධර්ම ශිරෝමණී, ත්‍රිපිටකවාගීශ්වර, ශ්‍රී සද්ධර්ම සේනාපති, අමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, අග්ගමහා පණ්ඩිත, ආචාර්ය වල්පොළ පියනන්ද නායක  ස්වාමීන්ද්‍රයන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කරමින් ධර්ම දේශනාවට ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම  “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

බක්  පුර පසළොස්වක පොහොය දිනයේ සහ බක් මාසයේ ශාසනික හා සමාජීය වැදගත්කම පෙන්වා දුන් දේශකයාණන් වහන්සේ ධර්ම දේශණය සඳහා මාතෘකාව කරගනු ලැබුවේ මජ්ජිම නිකායේ විතක්ක සණ්ඨාත සූත්‍රයයි.

“අපේ අගමැතිතුමනි, ඔබතුමාව මම අවුරුදු 52 කට උඩදී ඉඳලයි දන්නේ. ඔබතුමා පළමුවෙන්ම පාර්ලිමේන්තුවට 70 එන වෙලාවේ ඔබතුමා තමයි තරුණම මන්ත්‍රීවරයා. ළාබාලම මන්ත්‍රීවරයා. මම ඒ වෙලාවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  හිටපු ළාබාලතම කථිකාචාර්යවරයා. ඒ නිසා අපි අතර බොහෝ විට සම්බන්ධකම් තිබුණා. සමහර අයට මතක නැතිවුනාට 1971 කැරැල්ල වෙලාවෙදි වැරදිකාරයන්ට වඩා නිවැරදිකාර අහිංසක ළමයිනුත් භික්ෂූන් වහන්සේ 450කට වැඩිය පිරිසකුත් හිර භාරයට අරගෙන තිබුණා. ඔබතුමා තරුණ මන්ත්‍රීවරයා වුණාට අපිට නායකත්වය දීලා මමයි හේන්පිටගෙදර ඤණවංශ හාමුදුරුවොයි ඒ වගේම මහාචාර්ය ඈපාසිංහ ඇතුළු පිරිස සමඟ අගමැතිනි සිරිමාවෝ මැතිනිය හමුවුණා. ඔබතුමාගේ සම්බන්ධතාවය තුළිනුයි අපිට එතුමිය ඒ වෙලාවේ හමුවීමට පුළුවන්කම තිබුණේ.

ඔබතුමත් ඒ වෙලාවේ සහභාගිවෙලා  සාකච්ඡාවට හිටියා. මෛත්‍රීපාල සේනානායක මැතිතුමා එවෙලේම ගෙන්නලා, ඔබතුමාගෙන්  උපදෙස් අරගෙන එවෙලේම  හිරභාරවල ඉන්න නිවැරදි භික්ෂූන් වහන්සේලා නිදහස් කරන්න කටයුතු කළා පමණක් නෙවෙයි, ඒ සියලු දෙනාටම අවශ්‍ය පහසුකම් සියල්ල මෙන්ම  සිවුරු කට්ටල ඔබතුමත් මමත් අපිත් හිරගෙදරට  ගිහිල්ලා ඒ හාමුදුරුවරුන්ට දුන්නා.

අගමැතිතුමනි,අපි සතුටු වෙන්න ඕන අද සංඝ තලයේ ඉහළම ඉන්න හාමුදුරුවරු කිහිප දෙනෙකුත් එතැන එදා හිටි බව ඔබතුමයි මමයි දන්නවා. ඒ පින ඉතාම වැදගත් පිනක්.

අපි දන්නවා 88 මේ රටේ ඇතිවෙච්ච කලබල  වෙලාවෙදිත්  ඔබතුමාගේ මූලිකත්වයෙන් ඒ අහිංසක දරුවන්ගේ ජීවිත බේරගත්ත බව.

එමෙන්ම සුනාමි වෙලාවෙදි සිදුවෙච්ච අලාභහානි ඔබතුමා කොතෙක් දුරට සකස්කර දුන්නද.” යැයි දේශකයාණන් වහන්සේ  ධර්ම දේශනාවේ දී පෙන්වා දුන්හ.

“රටට ඉතාමත් අමාරු කාලයක් තියෙන්නේ  විවිධ ප්‍රශ්න තුළින්. අපි පිළිගන්න ඕනේ. අපෙත් යම් යම් නිසි කළමනාකරණයක් නොමැති කමින් වෙච්ච දේවලුත් වෙන්න පුළුවන්. ඒ වගේම ජාත්‍යන්තරයේ හැමතැනම මේ ප්‍රශ්නය තියෙනවා. මම ඉන්න අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් වල පැට්රල් ගැලුමක් ඩොලර් 10 ට විතර ගිහිල්ල තියෙනවා. ලෝකයේ හැමතැනම මේ අමාරුව තියෙනවා. අපි කුඩා  රටක් නිසා අපිට මේක ඉතාම බලපානවා.  ඒ නිසා අපි ඉක්මනට මේවා හදාගන්න ඕන. ඔබතුමාට එය හදා ගැනීමේ ශක්තිය තියෙනවා.” යැයිද දේශකයාණන් වහන්සේ සඳහන් කළහ.

දේශකයාණන් වහන්සේ මෙසේද සඳහන් කළහ.

“ඔක්කොමට වඩා ඔබතුමා ඇතුළු අතිගරු ජනාධිපති ගෝඨාභය මැතිතුමාට පින් දෙන්න ඕනේ. වෙන කිසිවක් නෙමෙයි, කොරෝනාවලින්  මේ රටේ කොච්චර ජනතාව මැරෙන්න හිටියද. ඒ ජනතාව ඒ මැරීමෙන් නිදහස් කිරීමේ පින ඔබතුමාලට අයිති වෙනවා. මම දන්නේ නැහැ මිනිස්සුන්ට මතක තියෙනවද කියල. මම ඉන්න අමෙරිකාවේ  ලක්ෂ ගණන් මිනිස්සු මිලියන ගණන් මිනිස්සු මැරුණා, ලෙඩවුණා. නමුත් මේ රටේ නවසීලන්තයටත් වඩා හොඳ තත්ත්වයකට අද කොරෝනා පාලනය වෙලා තියෙනවා.  අද මිනිස්සු දන්නෙත් නැහැ කොරෝනාවක් තිබුණද කියලවත්.

අපේ රටේ මිනිස්සු හරිම දක්ෂයි. ශ්‍රී ලාංකිකයෝ ලෝකෙ කොහේ  ගියත් පුදුම දක්ෂ මිනිස්සු පිරිසක්. මම නම් දැක්කේ නැහැ මේ තරම් මොලේ තියෙන කට්ටිය. හැබැයි එකට වැඩ කරන්න නම් බැහැ. කණ්ඩායම් වැඩ බැහැ. එකට වැඩ කලොත් අපිට ලෝකයේ කොතරම් හොඳ තත්ත්වයකට එන්න පුළුවන්කම තියෙනවද? ඒ තත්ත්වය හිතන්නේ නැති කමයි තියෙන්නේ. අපි එකට සමගියෙන් වැඩ කරනවා නම් කොතරම් ශ්‍රේෂ්ඨ තත්ත්වයකට එන්න පුළුවන්ද?

අමෙරිකාවේ දේශපාලන පක්ෂ හැටියට බැලුවම  පක්ෂ දෙකක් තිබුණට රටේ ප්‍රශ්නයක් ආපුවම ඒගොල්ලො එකට එකතු වෙලයි ඉන්නේ. කවදාවත් ඒ ගොල්ලෝ එක එක්කෙනා විනාශ කරගෙන යන්නේ නැහැ. එකට ඉඳගෙන රට දියුණු කරනවා. පිටරට ගිහින් අනිත් පක්ෂයට විරුද්ධව එක වචනයක් කතා කරන්නේ නැහැ. ඒ  නිසයි ඒ රටවල් දියුණු වෙලා තියෙන්නේ. අපේ රටවල හරි අවාසනාවක් තියෙන්නෙ. ඇයි අපි මේ විදිහේ දේවල්  හිතන්නේ නැත්තේ.

දියුණුවන ලෝකයේ හැමදෙනාම ඔය අනන් මනම් බහුබූත ඕපදූප බලන්නේ නැහැ. තමන් කරන අරමුණ කරා ගිහින් දියුණුව ඇතිකර ගන්නවා. දියුණුව කියන එක ඉතාම අවශ්‍ය දෙයක්.

මේ තියෙන ප්‍රශ්න ඇත්ත . ප්‍රශ්න හැමදාම තියෙන්නේ නැහැනේ ලෝකයේ.  ලෝකයේ හැම රටකම කොච්චර වැඩ කළත් වැඩක් නැහැ.  මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ. මිනිස්සුන්ට කෑම ටික දෙනවනම් එදිනෙදා අවශ්‍යතාවන් තියෙනවනම් ප්‍රශ්න අමතකයි. එහෙම නැති වුණාම තමයි කරදර හිරිහැර ලෙඩ වගේම අර කණ්ඩායම් මේ කණ්ඩායමේ හැම අයම එන්නේ.

ලෝකයේ හැම රටකම නාස්තිය දූෂණය තියෙනවා. ඒක නැතිකරන්න නිලධාරී පන්තියෙන්ම පටන් ගන්න ඕනේ. දේශපාලකයන්ටම දොස් කිලයම බැහැ. දේශපාලකයිනුත් වග කියන්න ඕනේ. නාස්තිය දූෂණය අඩු කළොත්, නැති කළොත් අපේ රටත් දියුණු කරන්න පුළුවන්. අපි අවංකවම පිළිගන්න ඕනේ මේ රටවල තියෙනව නාස්තිය දූෂණය.  ඒක වළක්වන්න ඉතාම අමාරුකම් තියෙනවා.  නමුත් වළක්වන්න බැරිකමක් නැහැ. ඒත් ඒ කටයුත්තට ඔබතුමාට ශක්තිය ලැබේවා! යැයි  ප්‍රාර්ථනා කරනවා.”යැයි නායක ස්වාමීන්වහන්සේ පැවසූහ.

ධර්ම දේශනාව අවසානයේ දී දේශකයාණන් වහන්සේට අග්‍රාමාත්‍ය  මහින්ද  රාජපක්ෂ  මහතා අෂ්ඨපරිෂ්කාර සහ පිරිකර පූජා කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව  පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය , දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ මහතා සහ හම්බන්තොට දිස්ත්‍රික් පළාත් පාලන ආයතන නියෝජිතයෝ ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

101,078 views

90 Comments to “‘ලොස් ඇන්ජලීස් පෙට‍්‍රල් ගැලුමක් ඩොලර් 10යි.. හැම රටකම දූෂණය තියෙනවා..’- වල්පොළ පියනන්ද හිමි කාල්ටන් අමාදම් සිසිලේ..”

  1. Sakshi says:

    This person must be disrobed.

  2. Sura says:

    රට අගාධයකට ඇදලා දාලා මුන් ගොඩගිය විදියෙන් පේනවා කරපු තරම. පඬුරු පාක්කුඩම් දෙනවානම් ප්‍රභාකරන්ටත් ආවඩයි මේ හොර ඝන ගෙඩි.

  3. Priyantha wijesuriya says:

    Los Angels වල ( 1 gallon = liters 3.24)
    USD. 5.75 -6. ඒකත් ලගදි ! සාමාන්‍ය USD 3.50-4 ඒකත් ලගදි වැඩි නුනේ බොරැ නේ ‘
    මෙහෙ. Texas වල 3.39 ගැලුම ! ලගදි අඩු වුනා ! මෙහෙ පඩියට සාපේක්ෂව ඇගට තෙරෙන්වත් නැහැ! මෙ USA වල අය පිනට දෙන දේ කකා ඉන්න අය දන්නවාද රටෙ විනිමය අනුපාත ගැන! වත් ! ඒක පුද්ගල ආදායම ගැනවත්! මෙහෙ කිසි දවසක පෝලිම නැහැ!

    Priyantha wijesuriya
    USA.
    Texas

  4. Third grade miserable soul. Must be hung from balls and starve to death.

    Does not look this idiot observe at least the five precepts.

    Your parents must be ashamed of giving birth to such low useless bialogicak liar.

  5. Mahinda R says:

    කහ සිවුරටත් නිග්ග්‍රහයක් මේ අමෙරිකානු ගනය. ඩොලර් වලට කඩෙයනව .

  6. ජගත් says:

    මේ කාලකන්නි ගන ගෙඩියො තමයි මේ රටේ විනාශයට මුල. මේ හැත්තම උපැවදි කරල ප්‍රසිද්දියේ ල් ගහල මරන්ඩ ඕන

  7. Mahinda P says:

    Most of the current buddist monks are disgrace to Bhuddism and against Lord Buddha,s teachings.
    I think this monk was helpless and was trying to please his invitee.

  8. atta says:

    අවබෝධයක් නැති පට්ටම් ගොඩක්. පන්සල් ගොඩක්. කෙලෙස් ගොඩක්.

  9. Ssumith says:

    සාදු ගාණ කපලා වගෙයි

  10. Upul says:

    This Kahakadaya is saying “WEDI BANA”.

Main News