උගන්ඩාවට ගෙනගිය මුද‍්‍රිත ද‍්‍රව්‍ය ගැන තවත් කරුණු රැසක් හෙලි කරයි.. පරීක්‍ෂන ඉල්ලයි..

April 19, 2022 at 1:20 pm | lanka C news
උගන්ඩාවට ගෙනගිය මුද‍්‍රිත ද‍්‍රව්‍ය ගැන තවත් කරුණු රැසක් හෙලි කරයි.. පරීක්‍ෂන ඉල්ලයි..

වර්ෂ 2021 සැප්තැම්බර් මස 23 වන දින ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ප‍්‍රවාහනය කරන ලද භාණ්ඩ සම්බන්ධව සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇත.

නීතිඥවරුන් වන එරන්ද වැලිඅංගේ, තාරක නානායක්කර, ඉන්දික පේ‍්‍රමතිලක යන අය විසින් ගොනු කර ඇති එම පැමිණිල්ල මෙසේය.

වර්ෂ 2022 අපේ‍්‍රල් මස 19 වන දින දීය.

අධ්‍යක්‍ෂ ජනරාල්
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

වර්ෂ 2021 සැප්තැම්බර් මස 23 වන දින ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ප‍්‍රවාහනය කරන ලද භාණ්ඩ සම්බන්ධව
සාධාරණ පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටීම.

වර්තමාන ආණ්ඩුව විසින් සිදුකරන ලද සීනි බදු වංචාව ඇතුළු විවිධ ¥ෂණයන් හේතුවෙන් රටේ ආර්ථිකය බිඳවැටී රට ආර්ථිකමය වශයෙන් බංකොලොත්භාවයට පත්වෙමින් සිටී.

රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්තමානයේ ලංකාවට ආනයනය කිරීමට නොහැකි වී ඇත්තේ රට තුළ ඩොලර් සංචිත ප‍්‍රමාණවත්ව නොමැති වීම හේතුවෙන් බව සියළුදෙනා දන්නා කරුණකි.

මෙරට තිබු ඩොලර් සංචිත ක්‍ෂය වීමට එක් හේතුවක් වී ඇත්තේ රට තුළට ඩොලර් නෝට්ටු ලෙස ලැබී තිබූ විශාල ඩොලර් ප‍්‍රමාණයක් ලංකාවේ දේශපාලන බලවතුන් විසින් හෝ ඔවුන්ගේ සමීපතමයන් විසින් නීතිවිරෝධී ලෙස මෙරටින් රැුගෙන යාමට කටයුතු කිරීම බව සමාජය තුළ විශාල කතිකාවතක් ගොඩනැගී ඇත.

මේ සම්බන්ධයෙන් අප විසින් කළ කරුණු සොයා බැලීමේදී පහත සඳහන් කරුණු අප හට අනාවරණය වී ඇත.

  • වර්ෂ 2021.09.23 වන දින ශ‍්‍රී ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානා තුනක් ලංකාවේ සිට උගන්ඩාවේ එන්ටෙබේ ගුවන් තොටුපොලට භාණ්ඩ තොගයක් ප‍්‍රවාහනය කර ඇති බව.
  • ශ‍්‍රී ලංකාව සහ උගන්ඩාව අතර එකී දිනයට පෙර හෝ පසුව ශ‍්‍රී ලංකා ගුවන් සමාගම විසින් ඍජු ගුවන් ගමන් සේවා පවත්වා නොමැති බව.
  • ශ‍්‍රී ලංකාවේ සිට උගන්ඩාව දක්වා ශ‍්‍රී ලංකා ගුවන් සේවය විසින් ප‍්‍රවාහනය කර ඇති බහාළුම්වල ඇති ද්‍රව්‍යීමුද්‍රිත ද්‍රව්‍යයන් (Printing Materials) ලෙස ප‍්‍රකාශයට පත් කර තිබීම.

ආදී වශයෙන් වේ.

ඉහත සඳහන් කළ ආකාරයට ගුවනින් ප‍්‍රවාහනය කරන ලද බහාළුම් ඇමරිකානු ඩොලර් විය හැකි බවට අප හට බලවත් සැකයක් මතු වී ඇත. කෙසේ වෙතත් ශ‍්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මේ දක්වා අදාළ මුද්‍රිත ද්‍රව්‍යයන් මොනවාද යන්න හෙළිකිරීමක්ද සිදුකර නොමැත.

එපමණක් නොව එකී බහාළුම් ශ‍්‍රී ලංකාව විසින් උගන්ඩා රාජ්‍ය සඳහා පත්කර ඇති මහ කොමසාරිස්වරයා විසින් බාරගෙන ඇති බවටද සමාජ මාධ්‍ය විසින් කරුණු හෙළිදරව් කර ඇති අතර එකී පුද්ගලයා විවිධ අනීතික ගනුදෙනු සඳහා කුප‍්‍රකට පුද්ගලයකු බවටද සමාජ මාධ්‍ය විසින් කරුණු හෙළිදරව් වෙමින් පවතී.

ඉහත සඳහන් කරුණු අනුව ඉහත කී බහාළුම් ශ‍්‍රී ලංකාවේ උගන්ඩා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන වෙළුපිල්ලේ කනන්තන් යන අය විසින් බාරගෙන ඇත්තේද සහ එසේ නම් එකී බහාළුම්වල සත්‍ය වශයෙන්ම අඩංගු වූයේ මොනවාද සහ එලෙස යවන ලද බහාළුම්වල හිමිකරු කවරේද යන්න සොයා දැනගැනීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇත.

ඉහත සඳහන් බහාළුම් මගින් ලංකාව තුළ තිබූ ඩොලර් නෝට්ටු උගන්ඩාව වෙත යවා ඇත්නම් එය මහා පරිමාණ ¥ෂණයක් වන බැවින් ශ‍්‍රී ලංකාවේ අල්ලස් සහ ¥ෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වන ඔබතුමන් හට එ් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා කරුණු හෙළිදරව් කර ගැනීම සම්බන්ධයෙන් සුවිශාල වගකීමක් පැවරී ඇත.

කරුණු එසේ හෙයින් ඉහත කී ගනුදෙනුව සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් මගින් නිසි කරුණු හෙළිදරව් කර ගන්නා ලෙසත්, ¥ෂණයක් සිදුවී ඇත්නම් අදාළ පාර්ශවයන්ට දක්‍ෂුවම් කර ශ‍්‍රී ලාංකිකයන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

නීතිඥ එරන්ද වැලිඅංගේ
නීතිඥ තාරක නානායක්කර
නීතිඥ ඉන්දික පේ‍්‍රමතිලක

159,813 views

18 Comments to “උගන්ඩාවට ගෙනගිය මුද‍්‍රිත ද‍්‍රව්‍ය ගැන තවත් කරුණු රැසක් හෙලි කරයි.. පරීක්‍ෂන ඉල්ලයි..”

  1. FT says:

    ඒක හොද වැඩක් කඩිනමින් පිරිසිදු පරික්ෂනයක් කරමු

  2. helaya says:

    aniwa USD thama oke giye. dina kihipayakata kalin waraye STF guard dagena giyeth USD thama.ewath hoyanna.
    uganda companies mulin kiwwa – there is no connection between srilanka & no one apointed for their management, but web site clearly mentions fu**king srilankans in the director board & finaly says they developed with srilankan commercial bank loans.
    what a joke? do we have $$ to issue foreign countries even before years ago?
    #GoToJailRajapakshas

  3. kumara says:

    Me tribala neda hitiye Galumodara udgoshana wala

  4. TS says:

    හෙට අනිද්දා වෙනකොට Delaru Lanka එකත් අකුලගෙන යයි වගේ. තවත් පිරිසක් විරැකියා පෝලිමට එක්වෙයි.

  5. Sun says:

    Thank you all for coming forward to protect our country from illicit money dealers and underhand transactions.

  6. Harin says:

    මහින්දය හොරාකාල නෝන්ඩි වෙලා තිබෙන තරමට අද මහින්ද මල් ගෝනියක් අරං ගියත් මිනිස්සු කියන්නේ ඒකෙ තිබෙන්නෙ ගන්ජ කියල .

  7. Pilot says:

    Airlines depend/rely on the documents provided such as cargo manifest, airway bill, invoice, packing list ect. but not the actual contents in crates/pkgs since they have no authority to examine the cargo to verify. On the other hand, if Ugandan shillings had been transported as claimed by the printing company and other authorities then how can foreign reserves went up suddenly by more us$ 2000 millions in Uganda during the period in question.

    • UK MAN says:

      If the shipper is submitting the documents as “Printed Matters” and transported currency instead, it was WRONG, this process would have given OK by the former Srilankan Airlines Head of Cargo the Henchman of Namal Rajapakshe who has resigned from UL and joined Expo Lanka Aviation as a CEO , he should be questioned by the CID.

  8. චන්ද දායක says:

    අල්ලස් සහ දූෂණ කොමිසමට කොන්ද පන තිබ්බ නම් මේ රට ගොඩේ ගොඩ. උං රස්සාව හරියට කරානම් හැම පක්⁣ෂෙකම එවුන් බාගයක් හිර ගෙවල් වල.
    ඕය කේස් ජීවිතේට කෝල් කරන්නෑ.

    • සහන් says:

      අධිකරණය, නීතිපති, පොලිසිය ස්වාධීන ද?
      ඔක්කොම පත් කරන්නේ ජනාධිපතිට ඕනේ මිනිස්සු. ඉතින් සාධාරණයක් වෙයි කියලා බලන් ඉන්න උබල වගේ බයි ජනතාවට පුන්නාකු විතරයි අඩු

    • Gamarala says:

      නිරුපමා රාජපක්ෂගේ පැන්ඩෝරා papers ගැනත් විශේෂ පරිෂණයක් කර රටේ මුදල් නැවත ලබා ගත යුතුයි ..චීන අසුචි පෝර නැවට ගෙව් ජනතා මුදල් ඒ අසුචි ගෙන්වූ පුද්ගලයා වූ ෂාශේන්ද්‍ර රාජපක්ෂගෙන් නැවත අයකර ගත යුතුයි

  9. විභව says:

    කොටි ගාණක් පෝස්ටර් වලට වියදම් කරලත් එක මනාප පන්දාහක් ගන්න බැරි සාජබ් ගොනෙක් තප්පුලනව .මොකද්ද මිනිහෝ සාක්ෂි .තෝමස් දිලාරූ එකත් රාජපක්ෂලා ගේ ඇමරිකානු සමාගමක් ද ?උන් කිව්ව නේද ඒ සල්ලි මොනවද කාගෙද කියලා

  10. Norata Eka says:

    ඒ සමාගමත් යන්න යයි, ඉතා හොඳයි , තමුන්ල පලි ගන්නෙ ජනතාවගෙන් …

Main News