පොහොට්ටු බහුතරය ජනාධිපති හමුවේ.. ආණ්ඩුවට අස්වන්නැයි කියයි..

April 26, 2022 at 10:02 pm | lanka C news
පොහොට්ටු බහුතරය ජනාධිපති හමුවේ.. ආණ්ඩුවට අස්වන්නැයි කියයි..

අගමැතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු යැයි ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු පිරිසක් ජනාධිපතිවරයා හමුවේ දැනුම් දී තිබේ.

සෑම පක්ෂයකම මන්ත්‍රීවරුන් එකතු කරගෙන ජනාධිපතිවරයාට ආණ්ඩුවක් නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදීම සඳහා මෙම පියවර ගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා සඳහන් කලේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත මෙම දැනුම් දීම සිදු කරන ලද බවත් ඔහු පැවසීය.

අද වන විට ජනතාවගේ බහුතර මතය අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන සියලුම පිරිස ඉවත් විය යුතු බව නිසා ආණ්ඩුව රැක ගැනීමට පාර්ලිමේන්තුවේ බහුතරය නිර්මාණය කර ගැනීමෙන් පලක් නැති බවත් ඔහු සදහන් කලේය.

93,893 views

10 Comments to “පොහොට්ටු බහුතරය ජනාධිපති හමුවේ.. ආණ්ඩුවට අස්වන්නැයි කියයි..”

  1. ගෝඨාගෝගම පුවත් says:

    ජනාධිපති පුටුව නැති වුණහම වැටෙන නඩුවලට පෙනී ඉන්න අලි සබ්ට මේ වෙලාවේ අගමැතිකමයි, ආරක්ෂක ඇමතිකමයි දෙන්න පුලුවන්නම් ඒකත් දේවි….

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      පරණ හිටපු උන්ටත් උඹල නඩු දැම්මනෙ.දැන් උන් හිරේ?

    • තඹුත්තේගම පුවත් says:

      මහින්ද සහ ගොඨාභය තමයි නිදහසෙන් පස්සේ ලංකාවේ නායකයන්ගෙන් වැඩිම අභියෝග ප්‍රමාණයක් සාර්ථකව ජය ගත් නායකයො. 30 වසරක යුද්ධේ ඉවර කලා. ලංකා ඉතිහාසේ දරුණුම ස්වාභාවික ව්යසනය වූ සුනාමියට විනාශ වෙලා තිබ්බ රට සංවර්ධනය කලා. කොරෝනා වලින් ලෝකෙම ගිනි ගනිද්දී කොරෝනා වලින් අපේ මිනිස්සුව බේර ගත්තා. එවැනි අභියෝග දිනපු නායකකයන්ට ගෝල්ෆේස් එකේ කොල්ලො කුරුට්ටන්ගේ උද්ඝෝෂණ නම් මොනවද

      • Herath says:

        මහින්ද ගෝඨාගේ එඩිතර තීන්දු තීරණ නොවුන නම් මේ වෙද්දි ඔය උද්ඝෝෂණ කරන බොහෝ දෙනෙක් කොටි බෝම්බ වලට අහුවෙලා මැරිලා හෝ ආබාධිත වෙලා. සජිත් දිනුවා නම් ප්ලැකනිල් බීල අපි මැරිල වලදාපු තැන් වල පැලවුනු ගසුත් බදූදීන් කපලා. නිලධාරීන්ගේ වැරදි උපදෙස් නිසා ඇතැම් දේවල් අසාර්ථක වුනත් ගෝඨාභය අවංකව රටට වැඩක් කරන නායකයෙක් බව අදත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා

        • ගෞම් ඊයාරාජ් says:

          ඔව් එඩිතර තීරණ ගත්තා කියලා පේනවා බංකර් අස්සට වෙලා හැංගිලා ඉන්න හැංගිල්ලෙන් ; ෆොන්සේකා නැත්තං , සොනීයා ගාන්ධි ඉන්දියාවෙ නොහිටියනං තාමත් ප්‍රභාහරන් අරින්නේ වැලි දාලා ගොබ්බ හැත්ත.

  2. jude perera says:

    paw ban ape sir

  3. Saman says:

    @ගෝඨාගෝගම පුවත්, No,Gota should NOT resign.If that happens it will be a very very bad precedence with JVP mobilizing poor radical youth against any future government forcing similar scenarios.Our country cannot run then.Gota was elected democratically & he should not leave the post due to rioting.The best plan is an interim government without Rajapakshas & to appoint someone our Venerable Mahanayakas would agree as the PM eg,Dinesh,Wijedasa,Wimal, Udaya,etc & bring in constitutional reforms our youth want.Rishad proudly gave a press conference yesterday blaming Gota & now Rishad & Cardinal have joined together, what a joke.If Gota is ousted now it will be falling into the fire from the pan!

  4. Duminda says:

    President Should Step Down Immediately. He should responsible for this whole chaos. Anam Manam Bila Wadak na.

  5. දුප්පතා says:

    ජනතාවගේ බහුතර මතය? කොහොමද දන්නේ නෑ ඒක මැන්නේ?

  6. sajith පුතා says:

    වැරදි ආර්ථික කලමනාකරණයට පිළිගන්න වෙනවා
    නමුත් මේ වෙලාවේ යූ ටියුබ් වලින් පේස් බුක් වලින් වලින් මේ රටට වින කරන බොරු මාපියාවන් ක්‍රියාත්මක වෙනව. ඒවායේ මුල කවුද ඉන්නකෙියල සොයා බැලිය යුතුයි. පසුගිය කාලයේ කිවුවා වගේ රත්තරන් අස්වයෝ, ලැම්බෝගිනි මෙවරත් කරලිය‍ෙ

Main News